කොමර්ෂල් බැංකුව එක්සත් රාජධානියේ 2024 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ‘හොඳම SME බැංකුව’ ලෙස සම්මාන ලබයි

Best SME Bank 2024 (LBN)

කොමර්ෂල් බැංකුව විසින් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ විශාලතම ප්‍රතිලාභියා ලෙස සිදුකර ඇති මෙහෙවර අගයමින් 2024 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී  ශ්‍රී ලංකාවේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුව ලෙස සම්මාන ලබා ඇත.

දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයට විශාලතම ණය දෙන්නා ලෙස මුදල් අමාත්‍යාංශය විසින් ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව මෙම කීර්තිමත් ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මානය දිනා ගත්තේ අඛණ්ඩව දෙවන වසරටය.

 



 

කොමර්ෂල් බැංකුව සමග ආසියා පැසිෆික් කලාපයේ ඔවුන්ගේ රටවල හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු ලෙස නම් කරනු ලැබුවේ සිංගප්පූරුවේ OCBC, මැලේසියාවේ Maybank, ජපානයේ Sumimoto Mistsui Financial සමූහය, ඉන්දියාවේ HDFC බැංකුව, බංග්ලාදේශයේ Prime Bank සහ වියට්නාමයේ Vietcombank වැනි ගෞරවනීය බැංකුය.

මෙම නවතම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණ ඩිලක්ෂාන් හෙට්ටිආරච්චි මහතා මෙසේ පැවසීය.                                   “කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්ෂේත්‍රයට අපි සැමවිටම ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙන අතර, මෙම අංශයට විශාලතම ණය දෙන්නා වීම මගින් මෙම තත්ත්වය සනාථ වෙයි. මෙම ව්‍යවසායකයින් සමග නොකඩවා විවිධ මට්ටම්වලින් සම්බන්ධ වී, දැනුම හා ධාරිතාව ගොඩනඟා ගැනීමට මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙතද ප්‍රවේශ වීමට උපකාර කිරීමට බැංකුව කටයුතු කරනවා. ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මානය අපගේ මෙම ප්‍රයත්නයේ සාර්ථකත්වයට උචිත සහතිකයක්.”

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සහාය දැක්වීම උදෙසා කොමර්ෂල් බැංකුවේ මෑතකාලීන මූල්‍ය නොවන මුලපිරීම් අතර, ‘Commercial Bank LEAP Global Linker’ සහ ‘Combank Trade Club’ යන ව්‍යාපෘති දෙකම, මෙම ව්‍යාපාර සඳහා ගෝලීය වෙළෙඳපොළවලට ප්‍රවේශ වීමට උපකාර වේ.

මීට අමතරව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා දියත් කර ඇති ‘Commercial Bank Biz Club’ ණය දීමෙන් ඔබ්බට ගොස් සහාය ලබා දීම සඳහාත්, නව ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කිරීම සඳහාත්, අධ්‍යාපනය සහ ජාලකරණය මෙන්ම අදාළ බලධාරීන්ගේ විශේෂඥ උපදෙස් ලබා ගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් එක්රැස් කරයි. මෙවැනි ව්‍යවසායකයින් 5,000කට වැඩි සංඛ්‍යාවක් දැනටමත් කොමර්ෂල් බැංකුවේ ‘Biz Club’ හි සාමාජිකත්වය ලබා ඇත.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව