DFCC බැංකුව Freelance වෘත්තිකයන් වෙනුවෙන් ‘DFCC Freelancer’ නමින් මූල්‍ය විසඳුමක් හඳුන්වා දෙයි

Image (2) (1)

DFCC බැංකුව මෙරට Freelance වෘත්තිකයන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන මූල්‍ය සේවා විසඳුමක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. රට තුළ මුදල් සංසරණය  ප්‍රවර්ධනය කිරීමේ පියවරක් වශයෙන් මෙම හඳුන්වා දීම සිදුකර ඇති අතර,  විශේෂිත Platforms හරහා ලියාපදිංචි වී විදේශික සේවාදායකයන්ට සේවාවන් සපයන නිදහස් වෘත්තිකයන්ට මෙමගින් පරිපූර්ණ බැංකු සේවා විසඳුම් හිමිවනු ඇත. මෙය නම්කර ඇත්තේ ‘DFCC Freelancer’ යනුවෙනි.

 



 

“Freelance වෘත්තිකයන් යනු නවෝත්පාදනයේ සහ ව්‍යවසායකත්වයේ ජීවනාලිය වන් පිරිසක් බව අප දන්නවා. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන බැංකුකරණ සේවාවන් සම්බන්ධයෙන් නව ආදර්ශයක් සනිටුහන් කරමින්, මේ වෘත්තිකයන් සවිබල ගන්වන විසඳුමක් හඳුන්වා දීමට අප පියවර ගත්තා. මෙය සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයට මගහැරුණු ගනුදෙනුකරුවන් කාණ්ඩයක් කෙරෙහි අවධානය යොමුකරන බැවින් මෙය ක්ෂේත්‍රය තුළ අන්තර්කරණය හා නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීමට අප ගන්නා උත්සාහයට මනා සාක්ෂියක්ද වනු ඇතැයි අප විශ්වාස කරනවා.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.

මෙවැනි විසඳුමක් හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ ප්‍රථම බැංකුව වශයෙන්, ශ්‍රී ලාංකික Freelance වෘත්තිකයන්ගේ ජීවන රටාවන්ට හා සිතුම් පැතුම්වලට ගැළපෙන පරිදි සැලසුම් කළ ප්‍රතිලාභ එකතුවක් පිරිනැමීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. ඒ අනුව මෙමගින් Freelance වෘත්තිකයන්ට තම පුද්ගලික විදේශ මුදල් ගිණුම් සහ ව්‍යාපාරික විදේශ මුදල් ගිණුම් සඳහා ආකර්ෂණීය පොලී අනුපාත හිමි වන අතර, සිය ආදායමට අනුකූලව ඔවුන්ට DFCC Pinnacle, Prestige, Salary Partner හෝ Salary Plus වර්ගීකරණයට අනුව විශේෂ ප්‍රතිලාභ හිමිකර ගැනීමටද අවස්ථාව ලැබෙනු ඇත. මීට අමතරව Freelance වෘත්තිකයන්ට තම වත්කම් වර්ධනය කරගැනීම සඳහා DFCC බැංකුව හඳුන්වා දී ඇති, ඉහළ පොලී අනුපාත හිමි වන ඉතුරුම් හා ස්ථාවර තැන්පතු ගිණුම් භාවිතා කිරීමට ද, හැකියාව ලැබේ.

එමෙන්ම මෙමගින් Freelance වෘත්තිකයන්ට බඳවා ගැනීමේ ගාස්තු රහිත MasterCard ක්‍රෙඩිට් කාඩ්පතක් හිමි වන අතර එමගින් ඔවුන්ට DFCC බැංකුවේ ගිණුමක් හරහා සිදුකරන ඕනෑම විදේශ විනිමය ගනුදෙනුවක් සඳහා 2% ක Cashback දීමනාවක් සමග මාස 6 ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ සැලසුම් රැසක්ද හිමි වේ. මීට අමතරව, කාන්තා Freelance වෘත්තිකයන්ට විශේෂ වූ අවශ්‍යතාවන් හඳුනා ගනිමින්, ඔවුන්ට ‘DFCC ආලෝකා’ විසඳුම යටතේ ප්‍රතිලාභ පිරිනැමීමටද DFCC බැංකුව පියවර ගෙන තිබේ.  තවද ‘DFCC Freelancer’ භාවිතා කරන වෘත්තිකයන්ට, තම අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි විශේෂ රක්ෂණාවරණ පහසුකම් රැසක් ද, ලබාගත හැක. මේ සියල්ල, Freelance වෘත්තිකයන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන බැංකු සේවාවන් පිරිනමමින් ඔවුන් සවිබල ගැන්වීමට DFCC බැංකුව දරන උත්සාහයට සාක්ෂි දරයි.

‘DFCC Freelancer’ පිළිබඳව වැඩිදුර තොරතුරු පැය 24 පුරා ක්‍රියාත්මක 011 2350000 අංකයෙන් ලබාගත හැකි අතර, DFCC බැංකුවේ ශාඛාවක් පැමිණීමෙන් හෝ, https://www.dfcc.lk/products/dfcc-freelancer/ වෙත පිවිසීම ඔස්සේ ශාඛාවකට පැමිණීමෙන් තොරව පූර්ණ වශයෙන් මාර්ගගත ක්‍රමයට ගිණුමක් විවෘත කළ හැකි වේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + seven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව