හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සහ Cleantech ප්ලාස්ටික් එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක් වෙනුවෙන් අත්වැල් බැඳ ගනියි.

Attending the MoU signing (from left) (LBN Fill)

 



 

 

 

ශ්‍රී ලංකාවේ FMCG (සීග්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ) අංශයේ ප්‍රමුඛයා වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කිරීම සහතික කිරීමේ කර්තව්‍ය වෙනුවෙන් Cleantech පුද්ගලික සමාගම සමඟ පසුගිය දා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදි.  පරිසරය සංරක්ෂණය කිරීම අරමුණු කර ගනිමින්, ව්‍යාපෘතියේ කොටසක් ලෙස පොදු උත්සවවලදී සහ පොදු ස්ථානවල දමා යන ප්ලාස්ටික් කුණු එකතු කර ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා හවුල්කරුවන් හා එක්ව ක්‍රියා කරයි.

සිය හරිත මෙහෙවර පාරිසරික ප්‍රතිඥාව යටතේ  හේමාස් සමූහ ව්‍යාපාරය,  පරිසරය සුරැකීමට සහ ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමට හා ඒ සඳහා  ජනතාව ඒකරාශි කිරීමට ප්‍රතිඥා දී ඇත.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි වැඩ බලන කළමනාකාර අධ්‍යක්ෂිකා සබ්‍රිනා යුසුෆාලි “ශ්‍රී ලංකාව තුළ වගකීම් සහගත සහ තිරසාර  මෙහෙයුම් තුළින්  අපගේ පාරිසරික පිය සටහන් හඳුනාගෙන, ඒවා අවම කිරීම අපගේ ප්‍රධාන පරමාර්ථයයි. වගකීම් සහිතව ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම සහතික කරමින් Cleantech සමඟ සහයෝගීව සිදු කරන මෙම ව්‍යාපෘතිය හේමාස් විසින් සැලසුම් කරන ලද මහා පරිමාණ පාරිසරික ව්‍යාපෘති කිහිපයෙන් එකකි. එසේම, වසර 2030 වන විට අපගේ භාණ්ඩ ඇසුරුම්කරණයේදී  ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා වූ අපගේ නිෂ්පාදන ක්‍රියාවලීන් දෙසද අපේ අවධානය යොමු කරනවා.” යනුවෙන් සිය අදහස් දක්වා සිටියාය.

Cleantech පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ෆිරෝස් පෙස්ටොන්ජී, “පරිසරයට හානිකර ප්ලාස්ටික් දූෂණය අවම කිරීමට නවෝත්පාදන විසදුම් සෙවීම සඳහා හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම​ අපට සතුටක්. ගොඩබිම සහ සාගරය වෙත වගකීම් විරහිතව බැහැර කරන ප්ලාස්ටික් හේතුවෙන් ශ්‍රි ලංකාවේ ජෛව විවිධත්වයට තර්ජන එල්ල වී ඇත​. කඩිනමින් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සිදු කර, පරිසරයේ සුරක්ෂිතතාව තහවුරු කරන මෙම ව්‍යාපෘතිය  කාලෝචිතව වටිනා මුල පිරීමක් ද වෙනවා” යනුවෙන් සඳහන් කරන ලදි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen + fourteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව