සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ මහා දිනුම් ඇදීමෙන් තවත් ජයග්‍රාහකයින් 160ක්

FS17 Grand Draw (LBN)

සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනට ස්තූති වන්නට ජීවන වියදමෙහි අඛණ්ඩව වැඩි වීමේ පීඩනය මොහොතකට හෝ පලවා හරිමින් සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් පිරිසක් 2024 ජයග්‍රාහී ලෙස ආරම්භ කළහ.

ෆැමිලි සවාරි වැඩසටහනේ 17 වන සංස්කරණයේ මහා දිනුම් ඇදීමේදී රක්ෂණ ඔප්පු හිමි පවුල් 5ක් තුර්කිය වෙත සියලු වියදම් සහිත සංචාරයක් දිනාගත් අතර තවත් පවුල් 5ක් මැලේසියාවේ සංචාරයක් දිනාගන්නා ලදී. තවද බණ්ඩාරගම පර්ල් බේ තේමා උද්‍යානයේ එක් දින විනෝද චාරිකාවක් සඳහා පවුල් 150ක් තෝරාගන්නා ලදී.

 



 

මෙසේ තෝරා ගනු ලැබූ රක්ෂණ ඔප්පු හිමි පවුල්, 2023 නොවැම්බර් මාසයේ පැවැත් වූ මධ්‍ය-ප්‍රවර්ධන දිනුම් ඇදීමේදී මැලේසියාවේ නිවාඩු දින සංචාරයකට තෝරාගත් ජයග්‍රාහී පවුල් පහ සහ පර්ල් බේ චාරිකාව සඳහා තේරීපත් වූ පවුල් 100 සමඟ එක් වනු ඇත.

තුර්කියෙහි නිවාඩුව දිනාගත් වාසනාවන්ත සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමි පවුල් පහ කොළඹ, හොරණ, කඩවත, නුවරඑළිය සහ නෙල්ලියඩි යන ප්‍රදේශවල පිරිස් බව සමාගම පවසයි.

මෙවර සැමිලි සවාරි වැඩසටහන තුළින් සෙලින්කෝ ලයිෆ් විසින් රක්ෂණ ඔප්පු හිමි පවුල් 265 ක පුද්ගලයින් 1060 කට ප්‍රතිලාභ ලබා දී ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහනින් මේ වන විට ප්‍රතිලාභ ලබා ඇති මුළු සංඛ්‍යාව 35,000 ඉක්මවයි.

මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ මීට පෙර සුපිරි ත්‍යාගය දිනාගත් රක්ෂණ ඔප්පු හිමියන්ට ඕස්ටේ‍්‍රලියාව, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය සහ ප්‍රංශය යන රටවලට සංචාරය කිරීමේ අවස්ථාවත් අනිකුත් ජයග්‍රාහකයින්ට චීනය, ඩුබායි සහ සිංගප්පූරුව යන රටවල සංචාරය කිරීමේ අවස්ථාවත් උදාවිය.

සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ සන්නාම තානාපති ලෙස ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවන මහතා සහ ඔහුගේ ප්‍රියබිරිඳ වන කුෂ්ලානී මහත්මිය කටයුතු කරයි.

2023 දී අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, අඛණ්ඩව 10 වන වසරටත් ශ්‍රී ලංකාවේ ‘හොඳම ජීවිත රක්ෂණ සමාගම’ ලෙස වර්ල්ඩ් ෆයිනෑන්ස්’ විසින් පිදුම් ලැබූ අතර, 2023 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම’ ලෙස 17 වන වසරටත් සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) විසින් ඇමරිකානු සහතික ලත් රාජ්‍ය ගණකාධිකාරී ආයතනය (AICPA) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) සමඟ එක්ව 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස ද නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් සමාගම, 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇති අතර, 2022 වසරේ අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව