
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගිය මාර්තු 26 වන දින කොළඹ Shangri-La හෝටලයේදී පැවති LankaPay Technnovation Awards 2025 සම්මාන උළෙලේදී ‘Acquiring Bank for the Best Mobile Application for Retail Payments via JustPay’ සම්මානය හිමිකර ගැනීමට සමත් විය. 7 වන වරටත් පවත්වන ලද මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ භාෂා ලංකා (පුද්.) සමාගම [Bhasha Lanka (Pvt) Ltd)] විසිනි. මූල්‍ය තාක්ෂණික සේවාවන්ගේ දියුණුව වෙනුවෙන් කැපවෙමින් පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවාවක් පිරිනැමීම සඳහා ලබාදුන් සුවිශාල දායකත්වය වෙනුවෙන් සෙලාන් බැංකුවට මෙම සම්මානය හිමි විය.
එමෙන්ම මෙහිදී B කාණ්ඩය යටතේ ‘Best Common ATM Enabler of the Year Award’ රන් සම්මානය හිමිකර ගැනීමටද සෙලාන් බැංකුවට හැකියාව ලැබිණි. තවද එම කාණ්ඩයේ කුසලතා සහතික දෙකක් (Excellence in Customer Convenience සහ Financial Institution of the Year for Financial Inclusivity) ද සෙලාන් බැංකුව වෙත හිමි විය. ඩිජිටල් බැංකුකරණයේ නවෝත්පාදනය උදෙසා සෙලාන් බැංකුව දරන උත්සාහයේ සාර්ථකත්වය මෙමගින් මැනැවින් පිළිබිඹු වේ.
භාෂා ලංකා සමාගම වෙත API බැංකුකරණ සේවාවන් සැපයීම යනු, මෙරට මූල්‍ය තාක්ෂණික සහ ආරම්භක මට්ටමේ සමාගම්වලට අත්වැලක් වීම සඳහා සෙලාන් බැංකුව දරන නිරන්තර උත්සාහයට මනා සාක්ෂියකි. මේ ආකාරයට Helapay වෙත සපයන ලද සේවාවන් හේතුවෙන් සෙලාන් බැංකුවට ‘The Acquiring Bank for JustPay digital payment’ ඇගයුම හිමි විය.
මේ වන විට මුළු ලොවම ඩිජිටල් තාක්ෂණය වෙත යොමු වෙමින් පවතී. මෙවන් පසුබිමක් තුළ, නවීන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු හා සුරක්ෂිත සේවාවක් ලබා දීම සඳහා සෙලාන් බැංකුව සෑම විටම උත්සාහ කරයි. එම උත්සාහයේ සාර්ථකත්වය, මෙම සම්මාන සෙලාන් බැංකුව වෙත හිමි වීමට ප්‍රධානතම හේතුවක් විය. මේ සියල්ල ඔස්සේ ඩිජිටල් ගෙවීම් ක්‍රම දිරිගැන්වීම සඳහා රජය දරන උත්සාහයට අත්වැලක් වෙමින්, ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීමට දායක වීම සෙලාන් බැංකුවේ අරමුණ වී තිබේ.
ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් ජාලය වන LankaPay විසින් 2017 වසරේදී LankaPay Technnovation සම්මාන උළෙල ආරම්භ කරන ලදී. මූල්‍ය සේවා ක්ෂේත්රයේ ඩිජිටල් ගෙවීම් තාක්ෂණය සම්බන්ධ නවෝත්පාදනයන් අගය කරන එකම සම්මාන උළෙල මෙය ලෙස සැලකේ. රටේ ආර්ථිකයේ ඩිජිටල්කරණයට අත්වැලක් වෙමින්, පාරිභෝගික සේවාව හා ඩිජිටල් ගනුදෙනු ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරන සමාගම් හා ආයතන මෙහිදී ඇගයීමට ලක් වේ.
“මෙම සම්මාන හිමි වීම අපට මහත් ගෞරවයක්. මෙය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය ලබාදීම සඳහා අප ගන්නා සාමූහික උත්සාහයේ සාර්ථකත්වයට මනා සාක්ෂියක් ලෙස අප දකිනවා. එමෙන්ම අප සෑම විටම පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීමට උත්සාහ දරන බව මෙමගින් නැවතත් තහවුරු වනවා. මෙම මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යමින්, ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට, වේගවත් හා කාර්යක්ෂම සේවාවක් ලබාදීම අපගේ අරමුණයි.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (ඩිජිටල් බැංකුකරණ) චමින්ද සෙනෙවිරත්න මහතා පැවසීය.