ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් මෙහෙයවනු ලබන SLIM DIGIS අඛණ්ඩව 4 වැනි වසරටත්

SLIM

 



 

 

ශ්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු  ලබන SLIM DIGIS සම්මාන උළෙල මෙම වර්ෂයේදීත් පවත්වනු ලබයි. ඒ සඳහා අයදුම්පත් කැඳවීම 2022 සැප්තැම්බර් 23 සිට ඔක්තෝම්බර් 25 දක්වා සිදු කරනු ලැබේ.  ඩිජිටල් තලයේ විශිෂ්ඨ දක්ෂතා දක්වන්නන් ඇගයීමට ලක් කිරීම SLIM DIGIS හි අරමුණ වන අතර මෙම වසරේ සම්මාන උළෙල, සම්මාන කාණ්ඩ දෙකකින් සමන්විත වේ. විශේෂ සම්මාන කාණ්ඩය සහ ප්‍රධාන සම්මාන කාණ්ඩය යටතේ, විශේෂයෙන් තෝරාගත් කාණ්ඩ කිහිපයකින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණ අංශයේ සංවර්ධනය සහ වර්ධනය පිළිබිඹු කරනු ලබන හොඳම ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාර ඇගයීමට ලක් කිරීමට ඔවුන් සුදානම්ව සිටී.

SLIM හි සභාපති නුවන් ගමගේ මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “පසුගිය වසර 3 තුලදී අපේ රටට, ඉතිහාසයේ කවරදාකවත් මුහුණ දීමට සිදු නොවූ ආකාරයේ අභියෝග රාශියකට මුහුණ දීමට සිදු වුනා. මේ හේතුවෙන් පාරිභෝගික හැසිරීම් රටාවන්ද වෙනස් වීමට ලක්වුණු අතර, ඒවාට සරිලන ආකාරයට ඉක්මන් ප්‍රතිචාර ලබා දීමට හැකි වූ ව්‍යාපාර වලට පමණක් ඔවුන්ගේ ගමන පහසුවෙන් යාමට හැකි වුනා. මේ කාලසීමාවේදී ඩිජිටල් අලෙවිකරණය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව අපට දැකගන්නට හැකි වුනා. සංචාරය කිරීමට, ආයෝජනය කිරීමට සහ ජීවත් වීමට සුදුසු රටක් ලෙස ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමට අප දැනට ක්‍රියාත්මක කරමින් සිටින ජාතියේ සන්නාමකරණ ජාතික වැඩසටහන ඉතා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි මම තරයේ විශ්වාස කරනවා. මෙම අභියෝගාත්මක පරිසරය තුළ ඔවුන් විසින් සිදු කල විශිෂ්ට ඩිජිටල් ක්‍රියාත්මක කිරීම් අප වෙත ඉදිරිපත් කරන ලෙස සියලුම ඩිජිටල් අලෙවිකරුවන්ට සහ සන්නාම හිමිකරුවන්ට මම ආරාධනා කිරීමට කැමතියි.”

SLIM හි උප ලේකම් සහ SLIM DIGIS 2.2 හි ව්‍යාපෘති සභාපති නුවන් තිලකවර්ධන මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “අපගේ ඩිජිටල් ව්‍යාපාරවල ශක්තිය, උපාය මාර්ග සහ ක්‍රියාකාරිත්වය මෙම තරඟය තුළ දී පරීක්ෂා කරනු ලබනවා. අද වනවිට අපි මුහුණ දී සිටින අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී  ඩිජිටල් අලෙවිකරණය විසින් ප්‍රජාව  සහ සමාගම් අතර පවතින පරතරය අවම කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තියෙනවා. එසේම සන්නාමයන්හි  වර්ධනයට සහ ව්‍යාපාර ලාභ උදෙසාද ඩිජිටල් අලෙවිකරණයෙහි  සේවාව ඉතා විශාලයි. ඩිජිටල් අලෙවිකරණය යනු අලෙවිකරණයේ අනාගතය බවට විවාදයක් නොමැති අතර මෙම ක්ෂේත්‍රය තුල යහපත් තරඟකාරීත්වයක් ඇති කිරීම තුලින් ශ්‍රී ලාංකීය අලෙවිකරුවන්ට උපකාර කිරීම අපගේ යුතුකම ලෙස අපි දකිනවා.”

IESC ශ්‍රී ලංකා හි සන්නිවේදන අධ්‍යක්ෂ සහ ජූරි ප්‍රධානී අරෝෂ පෙරේරා මහතා ද මෙසේ සිය අදහස් බෙදා ගන්නා ලදී. “SLIM DIGIS යනු අලෙවිකරණයේ අති නවීනතම අංගය  කෙරෙහි අවධානය යොමු කර ඇති සුවිශේෂී සම්මාන වැඩසටහනක්. ඩිජිටල් අලෙවිකරණ පරිණාමය සහ කර්මාන්තයේ අනාගත ගමන් මගට අනුකූලව තරඟකාරී මට්ටම වැඩිදියුණු කිරීම අප වෙත පැවරී තියෙනවා.”

“අලෙවිකරණ කර්මාන්තය තුල ඩිජිටල් අලෙවිකරණය විසින් ඉටු කරන කාර්යභාරය හඳුනා ගැනීම උදෙසා මෙවැනි තරඟයක් පැවැත්වීම ඉතා වැදගත්. ඩිජිටල් ක්ෂේත්‍රය අඛණ්ඩව විකාශනය වන බැවින්, කර්මාන්තයේ සැබවින්ම කැපී පෙනෙන අය හඳුනාගෙන ඔවුන්ව ඇගයීමට ලක් කිරීම ඉතා වැදගත්” SLIM හි උප සභාපති ගයාන් පෙරේරා මහතා මෙසේ සිය අදහස් දැක්වීය.

SLIM විසින් SLIM DIGIS සම්මාන උළෙල පවත්වනු ලබන්නේ ඩිජිටල් අලෙවිකරණය විසින් ඉටු කරනු ලබන ප්‍රධාන භූමිකාව හඳුනාගැනීම සඳහාය. ඩිජිටල් කර්මාන්තය සඳහා ඇති ඉල්ලුම සහ වැදගත්කම සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති අතර, කර්මාන්තයේ ප්‍රමුඛයෙකු ලෙස SLIM විසින් ජාතියේ ඩිජිටල් විෂය පථය වැඩිදියුණු කිරීම සඳහා කැපවන්නන් හඳුනාගෙන ඔවුන්ට අවැසි ප්‍රතිලාභ ලබා දීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇත. මෙම තරඟය, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සහ කර්මාන්තයේ වඩාත්ම ගෞරවනීය ව්‍යාපාරික, අලෙවිකරණ සහ ඩිජිටල් අලෙවිකරණ වෘත්තිකයන් විසින් විනිශ්චය කරනු ලැබේ.

SLIM DIGIS යනු ඩිජිටල් අලෙවිකරණ සහ ප්‍රචාරණ අංශයට තමන් දක්වන දායකත්වය ප්‍රදර්ශනය කිරීමට ආයතන සඳහා ලැබෙන කදිම අවස්ථාවක් වන අතර වසර ගණනාවක් පුරා එය විශිෂ්ට සාර්ථකත්වයක් ලබා ඇත. SLIM DIGIS 2.2 පිලිබඳ සියලු තොරතුරු සඳහා www.slim.lk වෙත පිවිසෙන්න.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව