ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සහ HNB එක් වී කැස්බෑව ප්‍රදේශයේ නව ATM යන්ත්‍රයක් ස්ථාපිත කරයි

02 Image (LBN)

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන පසුගියදා හැටන් නැෂනල් බැංකුව (HNB) සමග එක් වී තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ය. ඒ පිළියන්දල SOS ළමා ගම්මානය තුළ හැටන් නැෂනල් බැංකුවේ ATM යන්ත්‍රයක් ස්ථාපිත කිරීමත් සමගිනි. හැටන් නැෂනල් බැංකුව ස්ථාපිත කළ 817 වන ATM යන්ත්‍රය මෙයයි.

මෙය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි, එම වැඩසටහනේ නියෝජ්‍ය ජාතික අධ්‍යක්ෂ කීර්ති හෙට්ටිආරච්චි, නියෝජ්‍ය ජාතික අධ්‍යක්ෂ සහ වැඩසටහන් අධ්‍යක්ෂ ධනංජය පෙරේරා, අධ්‍යක්ෂ අරමුදල් සංවර්ධන හා සන්නිවේදන අංශය ගයන්ත දල්පදාදු, හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සංජේ විජේමාන්න, සහකාර සාමාන්‍යාධිකාරී (ඩිජිටල් ව්‍යාපාර) චම්මික වීරසිංහ සහ තැන්පතු ප්‍රධානී විරංග ගමගේ යන මහත්වරුන් ඇතුළුව දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

 



 

මෙම ATM යන්ත්‍රයත් සමඟ පිළියන්දල සහ කැස්බෑව අවට ප්‍රදේශවල ජනතාවට වඩාත් පහසුවෙන් තම බැංකු සේවා අවශ්‍යතා සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙය ප්‍රජාවන් නගාසිටුවමින් තිරසාර සංවර්ධනයක් උදෙසා දායක වීම සඳහා ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සහ හැටන් නැෂනල් බැංකුව දරන උත්සාහය මැනැවින් නිරූපණය කරන පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ.

“හැටන් නැෂනල් බැංකුව සමග පවත්වාගෙන යන මෙම හවුල්කාරීත්වය අපට බෙහෙවින් වටිනවා. එමගින් අපගේ භාරයේ සිටින දරු දැරියන්ට මෙන්ම පොදු සමාජයට විශාල යහපතක් සිදුවන නිසයි. SOS ළමා ගම්මාන වැඩසටහන යනු දීර්ඝ කාලයක පටන් ප්‍රජාවන් සවිබල ගැන්වීම සහ තිරසාරත්වය වෙනුවෙන් කැප වී කටයුතු කරන වැඩසටහනක්. මේ ආකාරයට නව ATM යන්ත්‍රයක් කැස්බෑව ප්‍රදේශයේ විවෘත කිරීම, ජනතාවගේ මූල්‍යමය යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා අප දරන උත්සාහයේ වැදගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.” යනුවෙන් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා පැවසී ය.

“හැටන් නැෂනල් බැංකුව යනු කවදත් යහපත් දේවල් සඳහා නිසි සහයෝගය ලබා දිය යුතු බව විශ්වාස කරන බැංකුවක්. කැස්බෑව ප්‍රදේශයේ ජනතාවට වඩාත් පහසුවෙන් තම මූල්‍යමය අවශ්‍යතා සපුරා ගැනීමට අත්වැලක් වීම සඳහා මේ ආකාරයට කැස්බෑව ප්‍රදේශයේ නව ATM යන්ත්‍රයක් විවෘත කිරීමට අප පියවර ගත්තා. මෙවැනි වැඩසටහන් ඔස්සේ අප උත්සාහ කරන්නේ, ප්‍රජාවන් සවිබල ගැන්වීම සඳහා ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන දරන උත්සාහයට අත්වැලක් වීමටයි.” යනුවෙන් ‌මේ පිළිබඳව  අදහස් දක්වමින් හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සංජේ විජේමාන්න මහතා පැවසී ය.

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන වසර 43 ක් පුරා දරුවන්ට පවුලක රැකවරණයට සමාන සවිමත් හා ස්ථාවර රැකවරණයක් ලබාදීමේ උදාර මෙහෙවරට උර දී සිටී. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ SOS ළමා ගම්මාන 6 ක් පිහිටුවා ඇති අතර, එම ගම්මානවල රැකවරණය ලබන දරුවන් සංඛ්‍යාව 800 කට අධික ය. එමෙන්ම එහි සෘජු පවුල් සවිබලගැන්වුම් වැඩසටහන හරහා තවත් දරුවන් 3,700 කට අධික පිරිසකට අත්වැලක් හිමි වී තිබේ.

වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න: www.soschildrensvillages.lk

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − six =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව