ලෝක පරිසර දිනය නිමිත්තෙන් ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහය පුරා තිරසාරත්ව වැඩසටහන් රැසක් දියත් කරයි

1- Aberdeen Environment Pix (1) (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මෙන්ම ක්ෂේත්‍ර රැසකට විවිධාංගීකරණය වූ සමුහ ව්‍යාපාරයක් වන ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස්, ලෝක පරිසර දිනය සැමරීම නිමිත්තෙන්, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (UN SDGs) සමඟ අනුකූලව පාරිසරික වගකීම, ප්‍රජා සහභාගීත්වය සහ තිරසාර සංවර්ධනය සඳහා සමූහයේ කැපවීම යළි තහවුරු කරමින්, සිය සමාගම් පුරා තිරසාරත්වය කේන්ද්‍ර කරගත් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කළේය.

සමූහය තුළ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සමාගම් එකට එක්ව ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන්, ප්‍රායෝගික ක්‍රියාමාර්ග, සේවක සහභාගීත්වය, ප්‍රජා දායකත්වය සහ දිගුකාලීන තිරසාරත්වය කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙළ හරහා පාරිසරික වගකීම ප්‍රවර්ධනය කරන ඇබර්ඩීන් සමූහයේ පුළුල් පාරිසරික, සමාජීය සහ ආයතනික පාලන (ESG) ප්‍රවේශය පිළිබිඹු කළේය.




මෙම වැඩසටහන් මාලාව මඟින් වෙරළ සංරක්ෂණය, තිරසාර කෘෂිකර්මාන්තය, වගකීම්සහගත අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ ප්‍රජා දැනුවත්භාවය ඉහළ නැංවීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය කෙරිණි. එක් එක් වැඩසටහන සමූහයට අනුබද්ධ සමාගම් විසින් වෙන වෙනම මෙහෙයවනු ලැබුවද, ඇබර්ඩීන් ව්‍යාපාරික සමූහය ක්‍රියාත්මක වන ප්‍රජාවන් සහ කර්මාන්ත ක්ෂේත්‍ර තුළ අර්ථවත් පාරිසරික බලපෑමක් ඇති කිරීමේ පොදු අරමුණට ඒ සියල්ල දායක විය.

මෙම සාමූහික ප්‍රයත්නයේ කොටසක් ලෙස, ප්‍රමුඛ පෙළේ කොරුගේටඩ් කාටන් (Corrugated Carton) නිෂ්පාදකයෙකු සහ තිරසාර ඇසුරුම් විසඳුම් සැපයුම්කරුවෙකු වන එක්ස්පැක් කොරුගේටඩ් කාටන්ස් පීඑල්සී (Expack Corrugated Cartons PLC), වර්ග මීටර් 1,350කට ආසන්න වෙරළබඩ ප්‍රදේශයක් ආවරණය කරමින් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. එහිදී අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 656ක් ඉවත් කරනු ලැබූ අතර, එමඟින් පාරිසරික අභියෝගවලට මුහුණ දීමේදී කණ්ඩායම් සහයෝගීතාව සහ පොදු කැපවීම තුළින් ඇති කළ හැකි ධනාත්මක බලපෑම ඉස්මතු විය.

එමෙන්ම, සමූහයේ  තිරසාර කෘෂිකර්මාන්තය නංවාලීමේ අඛණ්ඩ කැපවීමේ තවත් පියවරක් ඉදිරියට ගෙන යමින්, ට්‍රොපිකාල් ග්ලෝබල් (Tropical Global) සමාගම විසින් කොස්ගම ප්‍රදේශයේ දේශීය ගොවීන් සහ සැපයුම්කරුවන් වෙත තැඹිලි පැළ බෙදාදීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කරන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට තැඹිලි පැළ 500කට අධික සංඛ්‍යාවක් බෙදා දී ඇති අතර, තවත් පැළ 1,000ක් බෙදා දීමට නියමිතය. ශ්‍රී ලංකාවට ආවේණික වූ මෙම තැඹිලි වගාව දිගුකාලීනව සංවර්ධනය කර සංරක්ෂණය කිරීම මෙන්ම, එම වගාව පවත්වාගෙන යන ප්‍රජාවන්ගේ ජීවනෝපායන් ශක්තිමත් කිරීම ද මෙම වැඩසටහනේ අරමුණයි.

මීට අමතරව, වගකීම්සහගත අපද්‍රව්‍ය කළමනාකරණය සහ පාරිසරික අධ්‍යාපනය පිළිබඳ ඇබර්ඩීන් සමූහයේ කැපවීම තවදුරටත් තහවුරු කරමින්, නෙප්චූන් රිසයික්ලර්ස් (Neptune Recyclers) සිය ‘EduCycle වැඩසටහන’ යටතේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය, තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සහ චක්‍රීය ආර්ථිකය පිළිබඳ අධ්‍යාපනික සැසි මාලාවක් පැවැත්වීය. මීරිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සහ කොළඹ බ්‍රිතාන්‍ය පාසලේ පැවති මෙම සැසි සඳහා සිසුන් මෙන්ම ගුරුවරුන්ද සහභාගී වූ අතර, අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් වඩාත් වගකීම්සහගත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට ඔවුන් දිරිමත් කෙරිණි.

සමූහයේ වෙරළ සංරක්ෂණ ප්‍රයත්නයන් තවදුරටත් ශක්තිමත් කරමින්, රුහුණු ෆාම්ස් (Ruhunu Farms) සමාගම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව හම්බන්තොට නගර වෙරළ තීරය සහ ඒ අවට වෙරළබඩ ප්‍රදේශ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. ශ්‍රී ලංකාවේ ස්වාභාවික වෙරළ තීරය සහ වෙරළබඩ පරිසරය ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව ගෙන යන ප්‍රයත්නයන්ට මෙම වැඩසටහන සහාය වූ අතර, වෙරළබඩ පරිසර පද්ධති සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමට ද දායක විය.

මෙවැනි වැඩසටහන් හරහා සිය සමාගම්වල ප්‍රයත්නයන් එක් පොදු අරමුණක් යටතේ ඒකාබද්ධ කරමින්, සමූහය තුළ තිරසාරත්ව ගමන තවදුරටත් ශක්තිමත් කරයි. එලෙසම සමාගම් අතර සහයෝගීතාව, ප්‍රජා කේන්ද්‍රීය ක්‍රියාමාර්ග සහ දිගුකාලීන පාරිසරික වගකීම ප්‍රවර්ධනය කරන ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමුහ ව්‍යාපාරය, සිය සියලු මෙහෙයුම් තුළින්  පාරිසරික, සමාජීය සහ ආයතනික පාලන (ESG) මූලධර්ම අන්තර්ගත කරමින් වඩාත් තිරසාර අනාගතයක් ගොඩනැගීමට අඛණ්ඩව කැපවී සිටී.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව