සෙලාන් බැංකුව මූල්‍ය දැනුම නංවාලීමේ මෙහෙවරේ තවත් පියවරක් සනිටුහන් කරමින් 292 වැනි ‘පැහැසර’ පුස්තකාලය නාන්කඩවර කනිෂ්ඨ විද්‍යාලයේදී විවෘත කරයි

Image 01

සෙලාන් බැංකුවේ ‘පැහැසර’ පුස්තකාල වැඩසටහනේ 292 වැනි පුස්තකාලය 2026 මැයි 21 දින මැදගම දුම්මලසූරිය නාන්කඩවර කනිෂ්ඨ විද්‍යාලයේදී විවෘත කෙරිණි. මෙම අවස්ථාවට හලාවත කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ. පී. සී. කේ. ජයලත්, නාන්කඩවර කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති එච්. ටී. චන්දන,  සෙලාන් බැංකුවේ ප්‍රාදේශීය කළමනාකරු (වයඹ II) උපේන්ද්‍ර අධිකාරී, එම බැංකුවේ දුම්මලසූරිය ශාඛාවේ කළමනාකරු අජිත් රුද්‍රිගු, ප්‍රාදේශීය සංවර්ධන අලෙවි නිලධාරී (වයඹ II) අරවින්ද දිසානායක සහ කළමනාකරු (සන්නාම අලෙවිකරණ) ජී. විසාකන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙය අධ්‍යාපනය සහ ප්‍රජා සංවර්ධනය උදෙසා සෙලාන් බැංකුව දරන දීර්ඝකාලීන ප්‍රයත්නයක තවත් වැදගත් පියවරකි.




පුස්තකාලය විවෘත කිරීමට පෙර සෙලාන් බැංකුව සහ පාසල එක් වී සිසු සිසුවියන් වෙනුවෙන් ‘පැහැසර සතිය’ නමින් විශේෂ වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. වැඩිදියුණු කළ පැහැසර පුස්තකාලය නිල වශයෙන් පාසල වෙත භාරදෙන ලද්දේ ඉන් අනතුරුවය. මෙම ප්‍රජා සත්කාරයේ කොටසක් වශයෙන් සෙලාන් බැංකුව විසින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලැප්ටොප් පරිගණක දෙකක්, ප්‍රක්ෂේපණ තිරයක් (Projection Screen) සහිත බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් (Multimedia Projector) සහ වටිනා පොත්පත් තොගයක් පරිත්‍යාග කරන ලදී.

දරුවන්ගේ නිර්මාණශීලීත්වය, කණ්ඩායම් හැඟීම සහ මූල්‍ය දැනුම වැඩිදියුණු කිරීම පැහැසර සතිය වැඩසටහන් මාලාවේ මූලික අරමුණු විය. මෙහිදී පාසලේ 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් ක්‍රිකට් තරගයක්, සූපශාස්ත්‍ර වැඩසටහනක්, අලුතින් පාසලට ඇතුළත් වූ සිසුන් වෙනුවෙන් චිත්‍ර තරගයක් සහ 9, 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් මූල්‍ය සාක්ෂරතා වැඩසටහනක්ද පවත්වන ලදී.

“292 වැනි පැහැසර පුස්තකාලය විවෘත කිරීම යනු රට පුරා පැහැසර පුස්තකාල 300 ක් විවෘත කිරීමේ ඉලක්කය වෙත තවත් පියවරකින් ළඟා වීමක්. මෙම වැඩසටහන ඔස්සේ රට පුරා දරුදැරියන් වෙත දැනුම මෙන්ම ඩිජිටල් අධ්‍යාපනික මෙවලම් සහ මූල්‍ය සාක්ෂරතාව ළඟා කර දෙමින්, රටේ අනාගත පරපුර සවිබල ගැන්වීමට අපට හැකි වී තිබෙනවා.” සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා පැවසීය.

මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා පාසලේ ගුරුවරුන්, සිසුන්ගේ දෙමාපියන් සහ ප්‍රදේශයේ අධ්‍යාපන බලධාරීන් වෙතින් සුවිශාල සහයෝගයක් හිමි විය. මෙම සහයෝගය හේතුවෙන් සිසුන් විශාල පිරිසකගේ උද්‍යෝගීමත් සහභාගීත්වයෙන් යුතුව පැහැසර සතිය අතිසාර්ථක ලෙස පැවැත්වීමට සෙලාන් බැංකුවට හැකියාව ලැබිණි.

2013 මාර්තු 01 දින ආරම්භ වූ සෙලාන් පැහැසර පාසල් පුස්තකාල වැඩසටහන සෙලාන් බැංකුවේ ප්‍රමුඛතම සමාජ තිරසාරත්ව ව්‍යාපෘතියයි. එය අධ්‍යාපනය තුළින් අනාගත පරම්පරාවන් සවිබල ගැන්වීම අරමුණු කරගත් සුවිශේෂී සමාජ මෙහෙවරකි. මෙම ව්‍යාපෘතිය ඔස්සේ සෙලාන් බැංකුව දිවයින පුරා පාසල් පුස්තකාලවල යටිතල පහසුකම් වැඩිදියුණු කරමින්, එම පාසල්වලට අත්‍යවශ්‍ය අධ්‍යාපනික සම්පත් පරිත්‍යාග කිරීම සිදුකරයි. මේ ඔස්සේ සිසුන්ගේ දැනුම හා මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කරන අතරම දීර්ඝකාලීන ප්‍රජා සංවර්ධන මෙහෙවරක නිරත වීමට සෙලාන් බැංකුවට හැකියාව ලැබී තිබේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව