රට පුරා ජනතාවගේ සහභාගීත්වයෙන් ඉදි වූ සොෆ්ට්ලොජික් ලයිෆ් හි එළවළු නත්තල් ගස ඉතා ඉහළ මහජන ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වෙයි

Chamindri Pilimatalauwe, Vice President, Marketing (LBN)

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් උත්සව සමයේ ඉහළ මහජන ආකර්ෂණයක් දිනා ගත් එළවළු පැළවලින් නිර්මාණය කරන ලද සිය නත්තල් ගස කොළඹ ගාලු මුවදොර වටරවුමේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව දෙවන වසරටත් පසුගියදා එළිදැක්වීය. දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව විසින් සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත එවන ලද එළවළු පැළ යොදා ගනිමින් නිර්මාණය කරන ලද මෙම නත්තල් ගස එළවළු පැළ යොදාගෙන නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම නත්තල් ගස ලෙස ඉතිහාසයට එක් විය-

 



 

මෙම වැඩසටහනේ ආරම්භක අදියරේදී සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් ජනතාවගේ ඉල්ලුම පරිදි මුළු දිවයිනම ආවරණය වන ලෙස ජනතාවට එළවළු බීජ පැකට් බෙදා දෙන ලදී- එහිදී එළවළු පැළ වගා කිරීමට දැඩි උනන්දුවක් දක්වන පුද්ගලයින් සම්බන්ධ කර ගනිමින් මෙම ඓතිහාසික වැඩසටහනේ කොටස්කරුවන් වීමට ඔවුන්ව දිරිමත් කිරීම සහ ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවයෙන් යම් කොටසක් සපුරා ගැනීමට ගෙවතු වගාව සඳහා අනෙක් පුද්ගලයින් පොළඹවා ගැනීම මෙම කාලෝචිත මුලපිරීමේ අරමුණ විය. විශාල ජනතාවක් සම්බන්ධ කරගනිමින් එළවළු පැළ භාවිත කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම නත්තල් ගස නිර්මාණය කිරීමට දායක වීමට සමාගම කළ ඉල්ලීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අපේක්ෂා නොකළ ආකාරයේ ඉහළ ප්‍රතිචාරයක් හිමි විය- ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් සමාගම විසින් ශ්‍රී ත්‍ඵ සමඟින් එක්ව අනුරාධපුරය, පේරාදෙණිය, මාතර, ගාල්ල, කොට්ටාව, ගම්පහ සහ හලාවත ඇතුළු නගර ගණනාවක විශේෂ ට්‍රක් රථ යොදාගනිමින් මෙම පැළ එකතු කිරීම සඳහා යවන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා ලැබුණු මහජන දායකත්වයට අමතරව පාසල් විසින් ද පැළ ලබා දීම විශේෂත්වයකි-

දෙසැම්බර් 23 වැනිදා සිට ජනවාරි 2 වැනිදා දක්වා කොළඹ ගාලුමුවදොර වටරවුමේදී ප්‍රදර්ශනය කෙරුණු මෙම විශේෂ නත්තල් ගසට විවිධ වර්ගයේ සහ පෝෂණ ගුණයෙන් යුත් එළවළු පැළ 2000කට අධික සංඛ්‍යාවක් ඇතුළත් විය. අඩි 30කට වඩා උස සහ අඩි 12ක් පළලින් යුක්ත වූ මෙම නත්තල් ගස දම් සහ කොළ ගෝවා, සාරණ, වම්බටු, නිවිති, අමු මිරිස්, කංකුන්, මුකුණුවැන්න, කොච්චි සහ මාලු මිරිස් වැනි විවිධ එළවළු වර්ග යොදා ගනිමින් නිර්මාණය කර තිබුණි-

මෙම විශේෂ නත්තල් ගස සඳහා ඉහළ මහජන ප්‍රතිචාරයක් ලැබුණු අතර එය සමාජ මාධ්‍ය ජාලවල සහ ප්‍රවෘත්ති සේවාවල ප්‍රධාන සිරස්තලයක් බවට පත් විය- එපමණක් නොව, මෙම නත්තල් ගසේ තවත් විශේෂත්වයක් වූයේ ශ්‍රී ලංකාවේ කාර්යබහුලම වටරවුමක දැඩි හිරු එළිය, ආර්ද්‍රතාවය සහ මුහුදු සුළඟ වැනි අභියෝග මධ්‍යයේ දින 10 කට වැඩි කාලයක් ඉතා සාර්ථකව වර්ධනය වීමයි- සොෆ්ට්ලොජික් ලයිෆ් හට එවැනි පාරිසරික තත්වයන් යටතේ මෙවැන්නක් සිදු කළ හැකි නම්, ඕනෑම කෙනෙකුට තම නිවසේ බැල්කනියක තමාගේම පුංචි ගෙවත්තක් ආරම්භ කළ හැකියි යන ඉතා වැදගත් පණිවිඩය රටට ලබා දීමට සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් කරන ලද මෙම වැඩපිළිවෙලෙහි අරමුණ විය-

සොෆ්ට්ලොජික් ලයිෆ් හි අලෙවි අංශයේ උප සභාපති චමින්ද්‍රි පිළිමතලාව මහත්මිය පැවසුවේ “ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා ‘අපේ රටේ පුංචි දඬු කෑල්ලක් විසි කළත් ඒකත් පැළ වෙන සාරවත් පසක් තමයි අපට තියෙන්නේ’ යි කියලා- ඉන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව යනු අතිශයින්ම සාරවත් පසකින් යුක්ත රටක් බවයි- ශ්‍රී ලංකාව තවත් බොහෝ ආකාරවලින් ඉතා සුවිශේෂ ස්ථානයක් හිමි කරගෙන තිබුණත් එම සුවිශේෂත්වය ශක්තියක් කරගනිමින් අප බලාපොරොත්තු වන අනාගතය සුරක්ෂිත කර ගැනීමට තෝරා ගැනීම් සහ උත්සාහයන් ගැනීම අපගේ යුතුකමක්. දැඩි හිරු එළිය, ආර්ද්‍රතාවය සහ මුහුදු සුළඟ වැනි අභියෝග මධ්‍යයේ මෙන්ම, ඉතා කාර්යබහුල කොළඹ වැනි නගරයක විශාල ජනතාවක් දායක කරගනිමින් එළවළු පැළවලින් ඉදිවුනු ශ්‍රී ලංකාවේ ප්‍රථම නත්තල් ගස වන මෙම ගස මගින් මෙම වැදගත් පණිවිඩය සංකේතවත් කරනවා-” යනුවෙනි-

ශ්‍රී ලංකාව යනු ස්වභාවධර්මයාගෙන් ආශිර්වාදලත් රටකි- සොෆ්ට්ලොජික් ලයිෆ් ශ්‍රී ලංකාව සතු මෙම සුවිශේෂ දායාදයන් සහ අවස්ථාවන් අගය කරනවා පමණක් නොව එම සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙසට ද මහජනතාව දිරිමත් කරනු ලබයි- අඛණ්ඩව දෙවන වසරටත් නිර්මාණය කළ මෙම විශේෂ නත්තල් ගස හුදෙක් උත්සව සමයේ සැණකෙලි අංගයක් අයුරින් කරන්නක් පමණක් නොව එමගින් රටේ සෞභාග්‍යවත් බව සහ ආශීර්වාදලත් දේශයක් බව සංකේතවත් කරයි. මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක හෝ ප්‍රදේශයක ගෙවතු වගාව කළ හැකි බවට සාඩම්බර සිහිගැන්වීමක් කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් අපේක්ෂා කරයි-

සොෆ්ට්ලොජික් ලයිෆ් හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා පැවසුවේ, “වගකිවයුතු ආයතනික පුරවැසියෙක් ලෙස, සෑම සමාජ මට්ටමකින්ම ධනාත්මක වෙනසක් ඇති කරමින් සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අපගේ අරමුණයි. අප වාසනාවන්ත රටක් වීම නිසා අප වටා අවස්ථාවන් රැසක් තිබෙනවා- අපට විවෘත මනසක්, නිර්භීත බව සහ වෙනස් ලෙස සිතිය හැකි නම් අපට ප්‍රයෝජන ගත හැකි බොහෝ දේ තිබෙනවා. එවැනි විශ්වාසයන් සඳහා අපගේ කැපවීම අප මෙම වැඩසටහන ආරම්භ කිරීමට හේතුවක් වුනා- ජීවිත රක්ෂණ සමාගමක් ලෙස, අපි අභියෝගාත්මක කාලවලදී පවා සියලු පාර්ශවකරුවන් සඳහා උපරිම වටිනාකමක් ලබා දීමට හැකි අවස්ථාවන් දෙස බලමින් අප සැමවිටම විවෘත මනසකින් සිටින්නේ ඒ නිසයි- අසීරු කාලවලදී පවා වෙළෙඳපොළ තුළ ක්‍රමානුකූලව ඉදිරියට යමින් ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වීමේ අපගේ ගමනේදී මෙම ප්‍රවේශය ඉහවල් වුනා.” යනුවෙනි-

මෙම වැඩසටහනින් ලබා දුන් පණිවිඩයත් සමඟ ම ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා සොෆ්ට්ලොජික් සමාගමේ කැපවීම මෙම නව්‍ය වැඩසටහන හරහා මනාව නිරූපණය කෙරිණි- මෙම විශේෂ එළවළු නත්තල් ගස මහජන ප්‍රදර්ශනය කිරීමෙන් පසු, මෙම වැඩසටහනේ මීළඟ පියවර වූයේ පැළ 2000කට වැඩි සංඛ්‍යාවක් සාමාන්‍ය ජනතාව සහ පාසල් අතර බෙදා දී කුඩා පරිමාණයෙන් වුවද ඔවුන්ගේ ගෙවතු වගාව ආරම්භ කිරීමට ඔවුන්ව දිරිමත් කිරීමයි-

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව