HNB-Bank-Logo

2020 ඔක්තෝම්බර් 20: ඔක්තෝම්බර් 15 වන දින කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් කාර්ය මණ්ඩල සාමාජිකයා සේවය කළ හැටන් නැෂනල් බැංකුවේ ප‍්‍රධාන කාර්යාලයේ 19 වන මහලේ අදාල කාර්යාල පරිශ‍්‍රයේ සේවය කරන සියලූම කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ සමීපතමයන් PCR පරීක්ෂණයන්ට භාජනය කළ අතර ඒ සියලූ දෙනා කොවිඞ් වෛරසය ආසාදනය නොවූ බව තහවුරු වී ඇතැයි HNB මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

”අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම අපගේ ප‍්‍රමුඛතාව වන අතර කොවිඞ් වසංගතය පැතිරීම අවම කිරීම සඳහා අප දැඩි මාර්ගෝපදේශ අඛණ්ඩව අනුගමනය කරමින් සිටිමු’’ යනුවෙන් නිවේදනයේ සඳහන් වෙයි.

හැටන් නැෂනල් බැංකුවේ සියලූම ශාඛා හා අංශවල කොවිඞ්-19 ආරක්ෂිත නියමයන් හා ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදින බව බැංකුව අවධාරණය කරයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව