ජෝන් කීල්ස් ප්‍රොපටීස් සමාගම, වික්ටෝරියා නිවාඩු නිවහන් ව්‍යාපෘතිය අරඹයි

Webp.net-resizeimage

 



 

 

 

ජෝන් කීල්ස් ප්‍රොපටීස් සමාගම දිගන, වික්ටෝරියා ගොල්ෆ් ඇන්ඩ් කන්ට්‍රි රෙසෝර්ට්හිදී ඉදිකරනු ලබන, නිවාඩු නිවහන් 16කින් සමන්විත නව ව්‍යාපෘතිය වන ‘සන්රයිස් රිජ්‘ (‘Sunrise Ridge’) හි ඉදිකිරීම් පසුගියදා ආරම්භ විය. ඉදිකිරීම් ආරම්භ කිරීමට ද ප්‍රථමයෙන් මෙහි නිවාසවලින් 60%ක්ම විකිණී අවසන් වීම කැපීපෙනුණු සිදුවීමක් විය.

වික්ටෝරියා ගොල්ෆ් පිටිය, වික්ටෝරියා ජලාශය මෙන්ම මහනුවර කඳු පන්තීන්ට මුහුණලා මනරම් දසුන් මවමින් ඉදිකෙරෙන ‘සන්රයිස් රිජ්‘ ව්‍යාපෘතියේ නිර්මාණ සැලසුම්, ප්‍රකට වාස්තු විද්‍යාඥ හා නාගරික සැලසුම් ශිල්පී මධුර ප්‍රේමතිලක මහතාගෙනි. ඉතාමත් සීමිත නිවාස සංඛ්‍යාවකින් (නිවාස 16කින්) සමන්විත මෙම ව්‍යාපෘතියේ නිදන කාමර දෙකකින් යුත් වර්ග අඩි 2,000 බැගින් වූ නිවාසවල මිල රුපියල් මිලියන 55.5 සිට ඉහළට පවතියි. මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ, නිවාස හිමියන්ට වසර 6ක් දක්වා ඔවුන්ගේ නිවාස හා ඉඩම් සඳහා ඍජු දේපළ කළමනාකරණ සේවාවක් පිරිනැමීමට ද ජෝන් කීල්ස් ප්‍රොපටීස් සමාගම ඉදිරිපත්ව සිටීම ය.

”බොහෝ දෙනෙක් සුන්දර පරිසරයක තැනූ දෙවැනි නිවහනක හිමිකරුවෙක් වීමට කැමැතියි. නමුත් එවැනි ස්ථානයක් නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීම පහසු කටයුත්තක් නොවෙයි. අපේ අපේක්ෂාව වූයේ, එම බාධකය සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයාගේ මනසින් ඉවත් කිරීමයි. එවිට, සුන්දර භූමි දර්ශනයක පිහිටි මනරම් නිවස්නයක හිමිකරුවෙකු වන අතරම, ඒ හරහා ලාභ ඉපැයීමේ අවස්ථාවත් ඔවුන් සතුයි. අපගේ මෙම නිවාස ව්‍යාපෘතිය හරහා, සිත ගත පිනවන සොඳුරු දර්ශන සහ නිස්කලංක බව පිරුණු අලංකාර නිවසක් වගේම, සංචාරක ව්‍යාපාරයේ නැග්මත් සමඟ ආදායම් ඉපිදවිය හැකි ස්ථානයක් පාරිභෝගිකයින්ට හිමිවෙනවා. ලොව උසස්ම මට්ටමේ ගොල්ෆ් පිටියකට යාබදව පිහිටා තිබීමත් මෙම නිවාස ව්‍යාපෘතියේ තවත් විශේෂත්වයක්”, යනුවෙන් ඉදිකිරීම් සමාරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් ජෝන් කීල්ස් ප්‍රොපටීස් සමාගමේ අංශ ප්‍රධානී සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්හි විධායක සභාපති නයන මාවිල්මඩ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව බලන කල, නඩත්තු හා මෙහෙයුම් පිරිවැය වැනි දුෂ්කරතාවලින් තොර සුඛෝපභෝගී සහ අසමසම ජීවන රටාවත් අත්විඳීමට කැමැති පාරිභෝගිකයින්ට මනාව ගැලපෙන ආයෝජන අවස්ථාවක් ලෙස මෙම නිවාස ව්‍යාපෘතිය හඳුන්වා දිය හැක. වික්ටෝරියා ගොල්ෆ් ඇන්ඩ් කන්ට්‍රි රෙසෝර්ට්,  ‘සන්රයිස් රිජ්‘ ව්‍යාපෘතියේ හිමිකාරීත්වය උසුළන අතර, එහි සියලු නඩත්තු සහ මෙහෙයුම් පිරිවැය දරනු ලබන්නේ ද ඔවුන් විසිනි. තව ද, ‘සන්රයිස් රිජ්‘ නිවාස හිමියන්ට වසර 5ක් දක්වා වික්ටෝරියා ගොල්ෆ් ක්ලබ්හි සාමාජිකත්වය ද නොමිලේ හිමි වේ. එමෙන්ම වික්ටෝරියා ගොල්ෆ් ඇන්ඩ් කන්ට්‍රි රෙසෝර්ට්හි ආහාර පාන සඳහා වට්ටම් ද, දින 90ක් දක්වා නොමිලේ නවාතැන් ගැනීමේ හැකියාවද, හෝටල් කාමර ආදායමෙන් ප්‍රතිශතයක් ද නිවාස හිමියන්ට පිරිනැමේ.

‘සන්රයිස් රිජ්‘ යනු, ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම ගෞරවාදරයට පත් දේපළ සංවර්ධන ආයතනය වන ජෝන් කීල්ස් ප්‍රොපටීස් සමාගමේ නවතම ව්‍යාපෘතිය යි. නකල්ස් කඳු පන්තියට සහ වික්ටෝරියා ජලාශයට මුහුණලා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කර ඇති, වික්ටෝරියා ගොල්ෆ් ඇන්ඩ් කන්ට්‍රි රෙසෝර්ට්, ලොව හොඳම ගොල්ෆ් පිටියක් ලෙස ද සම්භාවනාවට පාත්‍ර වී ඇත. අක්කර 120ක විශාලත්වයකින් යුත් 18-hole championship ගොල්ෆ් පිටියක් වන මෙහි කළමනාකරණ කටයුතු ලොව විශාලතම ගොල්ෆ් කළමනාකරණ ආයතනය වන Troon International ආයතනය භාරයේ පවතියි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව