
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සංවිධානය කළ ‘TechNovation 2025’ තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. Ideathon වර්ගයේ දැවැන්ත තරගාවලියක් වූ මෙහිදී ජාතික මට්ටමේ පාරිසරික හා සමාජීය අභියෝග ජයගැනීමට උපකාරී වන පෙරළිකාර තාක්ෂණික විසඳුම් රාශියක් දැකබලා ගැනීමට නරඹන්නන්ට අවස්ථාව ලැබිණි.
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් SLT-MOBITEL විසින් TechNovation 2025 වැඩසටහන දියත් කරන ලද්දේ සමාගමේ ‘Co-connection’ දර්ශනය යටතේ ක්‍රියාවට නංවනු ලබන ESG සංකල්පය මූලික කරගත් වැඩසටහනක් වශයෙනි. නව්‍ය තාක්ෂණික විසඳුම් හරහා ජාතික මට්ටමේ ගැටලුවලට පිළියම් සෙවීම දිරිගැන්වීම එහි මූලික අරමුණ විය. තිරසාර සංවර්ධනය හා සමාජයීය යහපත උදෙසා තාක්ෂණය යොදාගැනීම සම්බන්ධයෙන් SLT-MOBITEL සතු මූලික දැක්මට සමගාමීව මෙය සැලසුම් කර තිබිණි.
යාපනය, කොළඹ, මහනුවර සහ ඔලුවිල් ඇතුළුව රටේ විවිධ පළාත්වල විශ්ව විද්‍යාල 10 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් නිර්මාණ 50 කට අධික සංඛ්‍යාවක් මෙම තරගයට ඉදිරිපත් කර තිබිණි. තරගාවලිය අදියර කිහිපයක් යටතේ පැවැත්වුණු අතර, අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් සංඛ්‍යාව 15 කි. ඒ අතරින් කණ්ඩායම් 8 ක් අවසන් වටයට සුදුසුකම් ලැබීමට සමත් විය.
SLT-MOBITEL ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණු අවසන් වටයේදී තරගයේ ජය වාර්තා කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයේ Team Zurazen සමත් විය. ඒ නිර්මාණශීලී විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ යෙදුමක් වෙනුවෙනි. ජලයෙන් ස්වයංක්‍රීයව දුගඳ ඉවත් කිරීමේ විසඳුමක් නිර්මාණය කළ Team Spark Squad වෙත දෙවැනි ස්ථානයද, ‘සුවදිවිය’ නමින් පරිපූර්ණ සෞඛ්‍ය සේවා පදනමක් නිර්මාණය කළ Team Spam Bytes වෙත තෙවැනි ස්ථානයද හිමි විය. ඉදිරියේදී අමතර අරමුදල්ද සපයා ගනිමින් තම සංකල්පය ප්‍රායෝගික නිෂ්පාදනයක් බවට පරිවර්තනය කිරීමට Team Zurazen සැලසුම් කර තිබේ.
මෙම තරගාවලියේදී තරගකරුවන්ට විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය, සමුද්‍රීය පරිසර සංරක්ෂණය, අලි මිනිස් ගැටුම පාලනය සහ ප්‍රජා මූලික විවෘත අදහස් (උදා: ආබාධිත පුද්ගලයන් මුහුණ දෙන ගැටලු අවම කිරීම) වශයෙන් අංශ 4 ක් යටතේ නිර්මාණ ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා විය.
ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ කුසලතා සවිබලගැන්වීම සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සැබෑ ලෝකයේ අභියෝගවලට පිළියම් සෙවීමට අවස්ථාව උදා කර දීම ඔස්සේ, තාක්ෂණය තුළින් ජාතික ප්‍රගතිය බලගන්වන නවෝත්පාදක පරම්පරාවක් බිහිකිරීමට හැකි වනු ඇතැයි SLT-MOBITEL දැඩි ලෙස විශ්වාස කරයි.
TechNovation 2025 පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න.