කොම්බෑන්ක් ඩිජිටල් LankaPay සමඟ වාණිජ දෙපාර්තමේන්තුව අන්තර්ජාල ගෙවීම් සඳහා සම්බන්ධ කරයි

Closeup,Of,Businessman,Hands,In,Blue,Shirt,Keyboarding,Email,Text

වාණිජ දෙපාර්තමේන්තුවේ (DOC) සේවා සඳහා මාර්ගගතව LankaPay හරහා ගෙවීමේ හැකියාව ලබා දීමට කොමර්ෂල් බැංකුව එම දෙපාර්තමේන්තුව කොම්බෑන්ක් ඩිජිටල්’ පද්ධතියට ඒකාබද්ධ කරගත් බව නිවේදනය කර ඇත.

මෙහි ප්‍රතිඵලයක් ලෙස දැන්, අපනයනකරුවන් ලියාපදිංචි කිරීම, ප්‍රභවය පිළිබඳ සහතික නිකුත් කිරීම, හා වාණිජ දෙපාර්තමේන්තුවේ අනෙකුත් සේවාවන් සඳහා ව්‍යාපාරවලට සහ තනි පුද්ගලයින්ට ආරක්ෂිත හා තත්‍ය කාලීන මාර්ගගත ගෙවීම් සිදු කළ හැක.

 



 

මෙය කඩදාසි භාවිතා වීමකින් තොර ක්‍රියාවලියක් වන බැවින් ගනුදෙනුකරුවන්ට බැංකු ශාඛාවකට හෝ වාණිජ දෙපාර්තමේන්තුවේ කාර්යාලයකට පැමිණීම අවශ්‍ය නොවේ. තවද, මෙය බැංකුවේ තිරසාරභාවය සඳහා වූ මුලපිරීම් සඳහා දායක වන අතර ගනුදෙනුකරුවන්ට වඩාත් පරිසර හිතකාමී වීමේ හැකියාව ද ලැබෙන බව බැංකුව පැවසුවේය.

“කොම්බෑන්ක් ඩිජිටල් පද්ධතියට වාණිජ දෙපාර්තමේන්තුව එකතු කිරීම අපගේ යාවත්කාලීන කිරීම් සහ විශේෂාංග සඳහා වන මාර්ග සිතියමේ එක් පියවරක් පමණි. එය අපගේ වෙළඳ ආයතන, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හා ආයතනික ගනුදෙනුකරුවන් සඳහා බාධාවකින් තොර හා පුද්ගල වශයෙන් විශේෂිකරණය වූ බැංකු අත්දැකීමක් පිරිනැමිම සඳහා ම සැලසුම් කරන ලද්දකි,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – ඩිජිටල් බැංකුකරණ ප්‍රදීප් බන්දුවංශ මහතා පැවසීය. “දැනටමත් මෙම පද්ධතියේ මිලියනයකට අධික පරිශීලකයින් පිරිසක් සිටින බැවින් මෙම යාවත්කාලීන කිරීම් මගින් භාවිතයේ පහසුව සම්බන්ධයෙන් පමණක් නොව, පරිසර හිතකාමී භාවිතයන් දිරිගැන්වීමේ කාර්යයට ද ප්‍රශස්ත දායකත්වයක් ලබාදිය හැක.”

කොම්බෑන්ක් ඩිජිටල් පද්ධතිය මේ වන විටත්, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව (IECD), දේශිය ආදායම් දෙපාර්තමේන්තුව (IRD), භාණ්ඩ, යාත්‍රා හා ප්‍රවේශ බලපත්‍ර ගෙවීම් සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA), ශ්‍රී ලංකා රේගුව, සේවක අර්ථසාධක අරමුදල (EPF), සේවක භාරකාර අරමුදල (ETF), ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) වැනි රජයේ ආයතන රැසකට අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කිරීමට අවස්ථාව ලබා දී ඇත. මෙම ගෙවීම් සියල්ල LankaPay මාර්ගගත ගෙවීම් වේදිකාව (LPPOP) ඔස්සේ සිදු වේ.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 18 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව