කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය වීමට HNB ප‍්‍රංශයේ PROPARCO වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 60 අරමුදලක් ලබා ගනී

Image 01 (1)

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ ක‍්‍රියා කරන ප‍්‍රමුඛතම බැංකුව හැටන් නැෂනල් බැංකුව ප‍්‍රංශ සංවර්ධන බැංකුවට Agence Française de Développement (AFD) අනුබද්ධිත සංවර්ධන මූල්‍ය ආයතනයක් වන PROPARCO සමඟ සන්ධිස්ථානමය ගිවිසුමකට එළැඹෙමින් ඇමරිකානු ඩොලර් මිලියන 60ක අරමුදලක් ලබා ගත් බව නිවේදනය කර ඇත.

මෙම සහයෝගීතාවයට එළැඹෙමින් HNB හි කළමනාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතා ‘‘ගෝලීය ආර්ථික ඉතිහාසය තුළ මෙවැනි තීරණාත්මක කාලවකවානුවකදී PROPARCO සමඟ මෙම දිගු කාලීන ණය ගිවිසුමට එළැඹීමට හැකි වීම පිළිබඳව අප සතුටු වනවා. 2015 සිට PROPARCO සමඟ HNB සහයෝගීතාවයකට එළැඹුන දෙවැනි අවස්ථාව වන්නේ මෙයයි. විශේෂයෙන්ම කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානමක් පවතින මෙම අවිනිශ්චිත කාලවකවානුව තුළ ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් HNB කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳව මෙම ගිවිසුම මගින් පැහැදිලි සාක්ෂියක් සපයනවා. මෙම දිගු කාලීන අරමුදල තුළින් මෙරට බොහෝ සෙයින් පීඩාවට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය වීමට HNB හට හැකි වේවි,’’ යනුවෙන් පැවසුවේය.

 

 



 

 

වසර 40ක් පුරාවට Proparco ආයතනය අප‍්‍රිකාව, ආසියාව, ලතින් ඇමරිකාව හා මැද පෙරදිග වැනි කලාපවල තිරසාර සංවර්ධනය උදෙසා සහයෝගය ලබා දෙමින් සිටී. 2019 දී එම කලාපවල යටිතල පහසුකම්, පුනර්ජනනීය බලශක්තිය, කෘෂිව්‍යාපාර, මූල්‍ය ආයතන, සෞඛ්‍ය හා අධ්‍යාපනය ආදී ප‍්‍රධාන සංවර්ධන අංශ කෙරෙහි අවධානය යොමු කර යුරෝ බිලියන 2.5ක මූල්‍ය ආයෝජනයක් Proparco ආයතනය විසින් සිදු කර ඇත. එම ආයතනයේ මැදිහත්වීම් රැකියා අවස්ථා හා යහපත් ආදායම් මාර්ග නිර්මාණය කිරීම, අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම, දිළිඳුකම පිටුදැකීම සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම ආදිය සිදු කරමින් තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සඳහා දායක වන පුද්ගලික අංශයේ ක‍්‍රියාකාරීන්ට සහාය වේ. 2019 දී යුරෝ මිලියන 388ක ප‍්‍රදානයක් සමඟින් Proparco සිය මැදිහත්වීම් සිදු කරන තුන්වන කලාපය ආසියාව වන අතර එය ඔවුන්ගේ කැපවීම්වලින් 15%ක නියෝජනය කිරීමකි.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ක‍්‍රියාකාරීත්වය සඳහා සහාය දැක්වීමට සූදානමින් සිටින පුරෝගාමී මූල්‍ය ආයතනයක් වන HNB සිය පුළුල් මූල්‍ය පහසුකම් හා සේවාවන් මෙන්ම අසමසම තාක්ෂණික හැකියාවන් උපරිම ලෙස යොදා ගනිමින් මෙරට ආර්ථිකය නියෝජනය කරන බිම් මට්ටමේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා, ක්ෂුද්‍ර මූල්‍ය පාරිභෝගිකයින්ගේ සිට නැගී එන ව්‍යාපාර සහ දිවයිනේ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ ඉහළ මට්ටමේ පුද්ගලියින් දක්වා විහිදී ගිය ශ්‍රී ලංකා ආර්ථිකයේ තීරණාත්මක අංශ සඳහා තිරසාර මූල්‍ය විසඳුම් ලබා දීමට දරන ප‍්‍රයත්නය උදෙසා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් ව ඇත.

 

 

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව