එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උප ලේකම්වරිය, නිව් ඇන්තනීස් තිරසර භාවිතාවන් නිරීක්ෂණයට එක්වෙයි

1- USDA Under Secretary Taylor (LBN)

අමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් මහත්මිය සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී පසුගියදා නිව් ඇන්තනීස් සමාගමට අයත් හංවැල්ල ගොවිපළ නිරීක්ෂණයට එක්වූවාය. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මාංශ නිෂ්පාදන සමාගමක් ලෙස නිව් ඇන්තනීස් සමාගමේ තිරසර කෘෂි භාවිතාවන් මෙන්ම අමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින ශක්තිමත් සබඳතාව ද මෙම සංචාරය හරහා කැපී පෙනුණි.

 




 

එහිදී තිරසර භාවිතාවන් පෙරටු කරගත් සමාගම සතු අති නවීන ගොවිපළ පහසුකම් උප ලේකම්වරිය වෙත හඳුන්වා දීමට අවස්ථාව උදාවිය. අලෙක්සිස් ටේලර් මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වන්නේ ද මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය වෙත එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබාදිය යුතු සහාය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම ය.

ගොවිපළ නිරීක්ෂණයෙන් අනතුරුව නිව් ඇන්තනීස් සහ එක්සත් ජනපද සහයෝගීතාව තුළින් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ලබාදිය හැකි දායකත්වය පිළිබඳව ද උප ලේකම්වරිය සහ නිව් ඇන්තනීස් කළමනාකාරීත්වය මෙහිදී සාකච්ඡා කළහ.

ගොවිපළ සතුන්ට ආහාර සැපයීමේදී එක්සත් ජනපද සෝයා බෝංචි අපනයන කවුන්සිලයේ අනුමැතිය ලත් සෝයා බෝංචි ආනයනයට පියවර ගත් ලොව ප්‍රථම සමාගම නිව් ඇන්තනීස් සමාගම වේ. මේ වනවිට සෙසු සමාගම් ද එසේ ගොවිපළ කළමනාකරණයේදී තිරසර සහ සාකල්‍ය ප්‍රවේශයක් වෙනුවෙන් නිව් ඇන්තනීස් සමාගම අනුගමනය කරයි.

ආරම්භයේ පටන්ම නිව් ඇන්තනීස් සමාගම, එක්සත් ජනපදයේ ජාතික කුකුළු කවුන්සිලය ඉදිරිපත් කළ මාර්ගෝපදේශ අනුව යමින් සත්ත්ව සුබසාධන අංශය තුළ විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කළ අතර, මෑතකදී FSSC 22000 සහතිකය ද හිමිකරගැනීමට සමත්විය.

හරිත ලේබලය වෙනුවෙන් ප්‍රකට නිව් ඇන්තනීස් සමාගම අඛණ්ඩව පරිසර හිතකාමී පියවර අනුගමනය කළ අතර, ස්වභාවිකව දිරාපත්වන ඇසුරුම් භාවිතයට ගත් ශ්‍රී ලංකාවේ එකම මාංශ ආහාර නිෂ්පාදකයා ද වේ. එමෙන්ම ISO 14064-1:2018 තත්ත්ව සහතිකය යටතේ හරිතාගාර වායු විමෝචනයට අදාළ සහතිකලත් මෙරට එකම මාංශ ආහාර නිෂ්පාදකයා වන්නේ ද නිව් ඇන්තනීස් සමාගමයි.

ඉදිරියටත් තිරසරභාවය කේන්ද්‍ර කරගනිමින් පෝෂණයෙන් ඉහළ, සුරක්ෂිත සහ නැවුම් චිකන් නිෂ්පාදන පාරිභෝගිකයින් වෙත සමීප කිරීමට සමාගම අපේක්ෂා කරන අතර, සිය සැකසූ ආහාර නිෂ්පාදන පෙළ සහ සිල්ලර අලෙවි ජාලය ශක්තිමත් කිරීමට මෙන්ම අපනයන වෙළෙඳපොළ වර්ධනය කරගැනීමට ද නිව් ඇන්තනීස් සමාගම කටයුතු කරමින් සිටියි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව