සිංගර් ෆැෂන් ඇකඩමියේ විලාසිතා නිර්මාණකරන පාඨමාලා සඳහා නවතම බඳවා ගැනීම් ආරම්භ වේ

singer fashion academy

මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් ලෙස සැලකෙන ඇඳුම් පැළඳුම් කියූ සැනින් අපගේ මතකයට නැගෙන්නේ මැහුම් කලාව සහ විලාසිතා නිර්මාණකරණයයි. විලාසිතා නිර්මාණකරණය හා ඒ හා බැඳුණු කර්මාන්තයන් අලුත් වන පාරිභෝගික අවශ්‍යතා හමුවේ දිනෙන් දින වෙනස් වන අතර එම ඉල්ලුම් සඳහා සාර්ථකව මුහුණ දීමට ක්ෂේත්‍රය තුළ කුසලතාවයන් වලින් පිරිපුන් මානව සම්පත්ද පැවතිය යුතුය.

දේශීය විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රය තුළ වූ මානව සම්පත් කුසලතා වර්ධනය කිරීම උදෙසා කැපවෙමින් ක්‍රියා කරන සිංගර් හි අනුබද්ධිත ආයතනයක් වන සිංගර් ෆැෂන් ඇකඩමිය වසර 60 කට අධික ප්‍රෞඨ ඉතිහාසයකට උරුමකම් කියන කීර්තිමත් ආයතනයකි. ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණකරණ අධ්‍යාපනයේ ප‍්‍රමුඛයා ලෙස නම් දරා ඇති සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් 2020 වර්ෂය සඳහා වූ  විලාසිතා නිර්මාණකරණය පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාව සඳහා නවතම බඳවා ගැනීම් දැන් ආරම්භ කර ඇති අතර මාර්තු 31 දක්වා අදාල අයදුම් පත්‍ර බාරගැනීම සිදු කරනු ඇත.

විලාසිතා නිර්මාණකරණය පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාව මාස හයක කෙටි කාලීන පාඨමාලාවක් වන අතර, සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් මෙම පාඨමාලාව හඳුන්වා දී ඇත්තේ  දිනෙන් දින අලුත්  වන මැහුම් සහ විලාසිතා නිර්මාණකර ක්ෂේත්‍රයේ නිරත වීමට අපේක්ෂා කරන්නන් සඳහාමය. එක්සත් රාජධානියේ වරලත් නිර්මාණකරුවන්ගේ සංගමයේ (Chartered Society of Designers-UK)  CSD Validation තත්ත්වය හිමි වී ඇති විලාසිතා නිර්මාණකරණය පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන් හට පිළිවෙලින් වසරක කාලයක් පුරාවට පැවැත්වෙන ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලාවන් සඳහා යොමු වී විලාසිතා නිර්මාණකරණය සම්බන්ධයෙන් උපාධියක් දක්වා ගමන් කිරීමේ අවස්ථාව හිමි වේ. නමුත් සිසුන්ගේඅභිමතය පරිදි අවශ්‍ය නම් එක් අදියරක් පමණක් නිම කර තමන්ගේ සිහින රැකියාව වෙත යොමු වීමේ හැකියාව හිමි වේ.

වෙළදපලෙහි ඇති අනෙකුත් විලාසිතා නිර්මාණකරණය හා සම්බන්ධ  පාඨමාලාවන් හා සැසදීමේදී ඉතා අවම පිරිවැයකින් මෙම පාඨමාලාව හැදෑරීමට හැකි වීම විශේෂත්වයක් වන අතර, ඕනෑම මුල්‍ය තත්වයකට ගැළපෙන පරිදි පහසු ගෙවීම් ක්‍රම ද ලියාපදිංචි වන්නන්ට හිමි වේ. අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේදී ගණිතය සහ ඉංග්‍රීසි  විෂයයන්ට අවම වශයෙන් සම්මාන සමාර්ථ(C) ලබා ගත් ඕනෑම අයකුට ආරම්භයේදී විලාසිතා නිර්මාණකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවට ලියාපදිංචි විය හැක.

තවද සිසුන්  සඳහාම කැපවූ දක්ෂ, පළපුරුදු, සුහදශීලී උපදේශිකාවන් පිරිසක්  සිංගර් ෆැෂන් ඇකඩමිය හා  අත්වැල් බැදගෙන සිටී. ශාස්ත්‍රීය හා වෘත්තීය දැනුම සම්මිශ්‍රණය වූ ඉහළ ගුණාත්මක බවකින් යුත් අධ්‍යාපනයක් ලබා දීමටත්, ඒ සඳහා සුදුසු වටපිටාවක් නිර්මාණය කිරිමෙහිලාත් සිංගර් ෆැෂන් ඇකඩමිය නිරන්තුරුවම කැප වේ. සිසුන් සදහා වන ප්‍රයෝගික ක්‍රියාකාරකම් කළාප සහ ඔවුන් සඳහා තනි පුද්ගල අවධානයක් පාඨමාලාවේ අවසානය වන තෙක් ලබා දීමද විශේෂත්වයකි. තවද පාඨමාලා කාලය තුලදී විවිධ ආයතන වෙත ගොස් ව්‍යපාරික පරිසරයක අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාවද සිසුන් හට  හිමි වේ.

පුළුල් පරාසයක විහිදුණු ප්‍රයෝගික ක්‍රියාකාරම් තුළින් අනාගත ලොව ජයගැනීමට හැකි පිරිසක් බිහි කිරීමට සිංගර් ෆැෂන් ඇකඩමිය නිරන්තුරුවම කැප වෙමින් සිටි. සෑම වසරකම මාර්තු සහ සැප්තැම්බර් මාසයන් හීදී විලාසිතා නිර්මාණකරණය පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනීම සිදු කරනු ඇත.  තවද මෙවර පාඨමාලාව සඳහා ලියාපදිංචි වන සියලුම සිසුන් හට වටිනා  pattern making උපකරණ කට්ටලයක් ලබා දීමට සිංගර් ෆැෂන් ඇකඩමිය කටයුතු කර තිබීමද සුවිශේෂී වේ.

මේ පිළිබඳ සිය අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා ව්‍යාපාර පාසලේ ප්‍රධානී කෝෂිත පෙරමුණුගමගේ මහතා කියා සිටියේ සිංගර් ෆැෂන් ඇකඩමිය මඟින් අනාගත විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රයේ දක්ෂ ව්‍යවසායකයින් නිර්මාණය කිරීම සඳහා අඩිතාලමක් සපයන බවයි. ඉතා හොඳ ඉගෙනුම් පරිසරයක් තුල, දැරිය හැකි මිලකට, ඉතා අවම කාලයකින් නිම කල හැකි පාඨමාලා රැසක් සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් මෙහෙයවනු ලබන බවත්, ආයතනයේ මීළඟ බදවාගැනීම් දැන් ආරම්භ වී ඇති බවත් මාර්තු 31 දක්වා ඒ සඳහා ලියාපදිංචි වී ජීවිතය ජය ගැනීමට සිය ආයතනය හා එක් වන ලෙසත් ආරාධනා කර සිටිනවා යනුවෙනි.

දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශණාගාර වලට අනුබද්ධිතව පිහිටුවන ලද  සිංගර් ෆැෂන් ඇකඩමි 63 කට අධික සංඛ්‍යාවක් කේන්ද්‍ර කර ගනිමින් සිසු සිසුවියන්ට පහසුවෙන් ළගා විය හැකි නගර වලදී සිය කුසලතාවන් වර්ධනය කරගැනීමේ  අවස්ථාව සිංගර් ෆැෂන් ඇකඩමි තුළින් හිමිවෙයි. සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් පවත්වනු ලබන පාඨමාලා හයක්  වෙනුවෙන් එක්සත් රාජධානියේ වරලත් නිර්මාණකරුවන්ගේ සංගමයේ (Chartered Society of Designers-UK)  CSD Validation තත්ත්වය හිමි වී ඇති අතර එම සංගමයෙන් ඇගයීමට ලත් මෙරට ප්‍රථම ආයතනය බවට පත්වී ඇත්තේ සිංගර් ෆැෂන් ඇකඩමියයි. ඒ හේතුවෙන් මෙහි පාඨමාලා හදාරන සිසුන් හට එම සංගමය මගින් පිරිනමන ජාත්‍යන්තර සහතිකයක්ද හිමි වේ.

මෙම පාඨමාලාව සඳහා කැමැත්තක් දක්වන ඕනෑම අයකුට  sbs@singersl.com යන ඊ මේල් හරහා හෝ සිංගර් ෆැෂන් ඇකඩමි ෆේස් බුක් පිටුව හරහා වැඩිදුර විස්තර ලබා ගැනීමට හැකියාව පවතී.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව