සිංගර් ෆැෂන් ඇකඩමිය විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රයේ ව්‍යවසායකත්වය දිරි ගන්වයි

2

වසර 60කට අධික කාලයක් මෙරට විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රයේ  නිරත වීමට අපේක්ෂා කරන්නන් සඳහා ජාත්‍යන්තර  වෘත්තීය ගමන් මගක් උරුමකර දුන් සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් සිසුන් දහස් ගණනක් සාර්ථක ව්‍යවසායකයින්  බවට පත්කර ඇති බව බොහෝ දෙනෙකු දන්නා කාරණයකි. නගරයට පමණක් සීමා වූ විලාසිතා නිර්මාණකරන අධ්‍යාපනය ග්‍රාමීය  මට්ටමටද රැගෙන ගොස් රටෙහි ව්‍යවසායකත්වය  වර්ධනය තුළින් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් පරපුරක් බිහි කිරීම සඳහා සිංගර් ෆැෂන් ඇකඩමිය සුවිසල් කාර්යභාරයක නිරත වේ.

සිසුන් තුළ ඇති නිර්මාණාත්මක හැකියාවන් ඔප් නංවා සාර්ථක නිර්මාණ බිහි කිරීම සඳහා ඔවුන් යොමු කිරීම සඳහා ඉතා නම්‍යශීලි  ඉගෙනුම් ප්‍රතිපත්ති අනුගමනය කරන සිංගර් ෆැෂන් ඇකඩමිය තුළින් බිහිවූ  වූ  සාර්ථක ජීවිත කථා ප්‍රමාණය අති විශාලය. දේශීය සහ විදේශීය සමාගම් වල ඉහළ පෙළේ තනතුරු නියෝජනය කරමින් මෙන්ම තමන්ගේම ව්‍යාපාරයක නියැලෙමින් සාර්ථක ව්‍යවසායකයකු ලෙස ජීවිතය ජයගත් බොහෝ දෙනක්ද ඒ අතර වේ.

මෙවැනි දහසකුත් කථා අතුරින් ශෂිනි තිලක්ෂිකා පුංචිපටබැඳිගේ කථාව සුවිශේෂී එකක් වෙයි. සිංගර් ෆැෂන් ඇකඩමියෙන් විද්‍යානුකූල ඇඳුම් මැසීමේ පාඨමාලාව හදාරා මෑතකදී සිය ඩිප්ලෝමාව ලබා ගත් ඇය , වර්තමානය වන විට සිය ව්‍යවසායකත්වය  ගමනට ආරම්භයක් සනිටුහන් කරමින් ශෂී ෆැෂන් ෂෙල් නමින් ව්‍යාපාරයක්  කොළඹින් ඉතා ඈත ප්‍රදේශයක්  වන තංගල්ලේදී ආරම්භ කර ඇත. මෙවැනි ව්‍යාපාරයක්  ආරම්භ කිරීම සඳහා ඇයට සිංගර් ෆැෂන් ඇකඩමිය තුළින් ලැබුනු දායකත්වය පිළිබඳ ඇය කියා සිටියේ මෙලෙසිනි.

ඉතා කුඩා කල සිටම ඇඳුම් මැසීම සඳහා ඇය තුළ වූ ආශාව සහ ස්වකීය හැකියාවන්, මැහුම් නිර්මාණ ශිල්පිනියක වීමට ඇය තුළ දැඩි අශාවක් ඇති කල බවත්, ඒ සඳහා අවශ්‍ය වෘත්තීය මට්ටමේ සහයෝගය ලබා ගැනීම සඳහා සුදුසුම ස්ථානය වන සිංගර් ෆැෂන් ඇකඩමිය සමඟ ඇය ලියාපදිංචි වූ බවද  පවසා සිටියාය.  සිංගර් ෆැෂන් ඇකඩමියේ අධ්‍යාපන ලබන කාලයේ, අලුත් දේවල් ඉගෙන ගැනීමට පමණක් නොව, තමන්ගේ ආත්ම විශ්වාසය වැඩි දියුණු කිරීමටත්, ඉගෙනීමේ කටයුතුත් සිය රැකියාවේ ජිවිතයේ වැඩ කටයුතුත් සමබරව පවත්වාගෙන යාමටත්  ඇකඩමිය හා ගුරුවරුන් ලබා දුන් සහයෝගය ඉතා ඉහළ බව ඇය පවසා සිටියාය.  මාස 6ක් වැනි කෙටි කාලසීමාවක් ඇතුළත සිසුන්ට අවශ්‍ය  දැනුම සහ නිපුණතා ලබා ගැනීම සඳහා විවිධ පාඨමාලා රැසක් සිංගර් ෆැෂන් ඇකඩමිය  විසින් මෙහෙයවන ලබන නිසා ඇයගේ අවශ්‍යතාවය අනුව සුදුසුම පාඨමාලාව තෝරා ගැනීම පහසු වූ බවත්,  ඇයගේ කැමැත්ත සහ දක්ෂතා අනුව ඉතා අවම පිරිවැයක් යටතේ මෙම පාඨමාලා නිම කල හැකි වීමේ අවස්ථාව හිමි වූ බවත් කියා සිටියාය.  තවද  ප්‍රායෝගික  හැදෑරීම් රැසකට සම්බන්ධ වීම තුළින් දක්ෂතා ඔප්නංවා ගැනීමට  සිංගර් ෆැෂන් ඇකඩමිය තුළින් ඇයට ලැබුණු දායකත්වය අගය කර සිටි ඇය,  රැකියාවක් කරන අතරතුර පාඨමාලා සඳහා කිසිදු බාධාවකින් තොරව සහභාගී වීමට හැකි වීම සහ පුර්ණ දැනුමකින් යුත් නිර්මාණශීල්පිනියක  බවට පත් වීමට සිංගර් ෆැෂන් ඇකඩමිය හරහා ඇයට විශාල සහයෝගයක් ලැබුණු බවත් එම සහයෝගය ඇය අද අත්පත් කරගත් ජයග්‍රහණය පිටුපස සිටින ප්‍රධාන බලවේගය බවත් පවසා සිටියාය.

සිංගර් ෆැෂන් ඇකඩමිය හරහා ඔබට ඩිප්ලෝමා පාඨමාලා 3ක්, සහතික පත්‍ර පාඨමාලා 8ක් සහ කෙටි කාලීන පාඨමාලා 11ක්  ඇතුළු පාඨමාලා 20 කට අධික   පාඨමාලා හැදෑරීමේ අවස්ථාවන්  හිමි වේ. ඉතා පහසු සහ දැරිය හැකි පිරිවැයකට මෙම පාඨමාලා සදහා ඕනෑම වයස් කාණ්ඩයක අයකුට ලියාපදිංචි විය හැකි අතර පාඨමාලා සඳහා කිසිදු මූලික දැනුමක් අවශ්‍ය  නොවේ.

තවද සිසුන්  සඳහාම කැපවූ දක්ෂ, පළපුරුදු, සුහදශීලී උපදේශිකාවන් පිරිසක්  සිංගර් ෆැෂන් ඇකඩමිය හා  අත්වැල් බැදගෙන සිටී. ශාස්ත්‍රීය හා වෘත්තීය දැනුම සම්මිශ්‍රණය වූ ඉහළ ගුණාත්මක බවකින් යුත් අධ්‍යාපනයක්  ලබා දීමටත්, ඒ සඳහා සුදුසු වටපිටාවක් නිර්මාණය කිරිමෙහිලාත් සිංගර් ෆැෂන් ඇකඩමිය නිරන්තුරුවම කැප වේ. සිසුන් සදහා වන ප්‍රායෝගික ක්‍රියාකාරකම්  කළාප සහ ඔවුන් සඳහා තනි පුද්ගල අවධානයක් පාඨමාලාවේ අවසානය වන තෙක් ලබා දීමද විශේෂත්වයකි.  පුළුල් පරාසයක විහිදුණු ප්‍රායෝගික ක්‍රියාකාරකම්  තුළින් අනාගත ලොව ජයගැනීමට හැකි පිරිසක් බිහි කිරීමට සිංගර් ෆැෂන් ඇකඩමිය නිරන්තුරුවම කැප වෙමින් සිටි.

සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් පවත්වනු ලබන පාඨමාලා හයක්  වෙනුවෙන් එක්සත් රාජධානියේ වරලත් නිර්මාණකරුවන්ගේ සංගමයේ (Chartered Society of Designers-UK)  CSD Validation තත්ත්වය හිමි වී ඇති අතර එම සංගමයෙන් ඇගයීමට ලත් මෙරට ප්‍රථම  ආයතනය බවට පත්වී ඇත්තේ සිංගර් ෆැෂන් ඇකඩමියයි. ෆැෂන් ඩිසයිනින් සහතික පත්‍ර  පාඨමාලාව, විද්‍යානුකූලව ඇඳුම් මැසීම පිළිබඳ ඩිප්ලෝමාව, මැෂින් එම්බ්‍රොයිඩර් ඩිප්ලෝමාව, මූලික විද්‍යානුකූලව ඇඳුම් මැසීම පිළිබඳ සහතික පත්‍ර  පාඨමාලාව, මැෂින් එම්බ්‍රොයිඩර්  සහතික පත්‍ර  පාඨමාලාව සහ සාරි බ්ලවුස් සහතික පත්‍ර  පාඨමාලාව මේ සඳහා ඇතුළත් වේ. ඒ අනුව එවැනි වලංගුතා තත්ත්වයක් සහිත පාඨමාලාවක් හැදෑරීම මගින් කීර්තිමත් එක්සත් රාජධානියේ CSD සහතිකය මෙන්ම මෙරට ප්‍රමුඛ  සිංගර් ෆැෂන් ඇකඩමියේ සහතිකය ද යන සහතික දෙකම එකවර හිමිකර ගැනීමේ මහඟු අවස්ථාව මෙරට සිසුන්ට හිමිවේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව