ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RESIDENCIES තුම්මුල්ල හංදිය  එළිදක්වයි .

Image -01 (LBN)

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ  අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය  වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම පසුගිය ජුනි මස 21 වන දින ශ්‍රී ලංකාවෙන් බිහිවූ ජාත්‍යන්තර සිනමාවේ සුපිරි තරුවක් වන හෝම්ලෑන්ඩ්ස් සන්නාම තානාපති ජැකලින් ෆ්ර්නැන්ඩස් හෝම්ලෑන්ඩ්ස් ඉහල කළමනාකාරිත්වය සමග එක්ව ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් , ලාංකීය සිනමාවේ සුපිරි තරු හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගායක ගායිකාවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතාමත් උත්කර්ශවත් අන්දමින් Cinnamon Life City of Dreams හිදී එළි දක්වන ලදී .

 



 

මෙම එළිදැක්වීම සදහා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ඉහල තලයේ ප්‍රධාන විධායක නිලධාරීන් / අධ්‍යක්ෂකවරුන් , ව්‍යවසායකයින් , ආයෝජකයින් විශාල පිරිසකගේද සහභාගිත්වයෙන් කැපී පෙනුණ අතර මෙය මෙතෙක් ශ්‍රී ලංකාවේ පවත්වනු ලැබූ අති උත්කර්ෂවත් ම ව්‍යාපෘති එළිදැක්වීම වශයෙන් සනිටුහන් විය .

තුම්මුල්ල හංදියේ පිහිටි මෙම තට්ටු 41කින් සමන්විත අධි සුඛෝපභෝගී ටුවින් ටවර් නිවාස සංකීර්ණය කොළඹ පිහිටි ප්‍රසිද්ධ ජාතික පාසල් , ජාත්‍යන්තර පාසල් , විශ්ව විද්‍යාල , රෝහල් , නවීන සාප්පු සංකීර්ණ , තරු පන්තියේ සුපිරි හෝටල් සහ සුපිරි වෙළද සංකීර්ණ රාශියකින් වටවුණු කොළඹ නගරයේ ඉහලම ඉඩම් වටිනාකමකින් සහ ඉහලම ඉල්ලුමකින් යුත් කේන්ද්‍රීයම ස්ථානයක්  වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට හදුන්වාදෙන , Cantilevered Sky Pool , Five Star floating  sky restaurant , sky bridge ඇතුළු අධි සුඛෝපභෝගී පහසුකම් 45කට අධික ප්‍රමාණයක්  අන්තර්ගත වන ශ්‍රී ලංකාවේ මෙතෙක් නොදුටු නිවාස සංකලනයක් වන Deluxe  Apartments , Sky Villas , Penthouses , Sky mansions වැනි අති සුඛෝපභෝගී තෝරා ගැනීම් සහ ආයෝජන අවස්ථාවන්ගෙන් සමන්විත අද්විතීය ව්‍යාපෘතියකි .

මෙම ව්‍යාපෘතියේ ආයෝජන අවස්ථා සදහා හෝම්ලෑන්ඩ්ස් විසින් ආකර්ශනීය හදුන්වාදීමේ මිල ගණන් යටතේ ආයෝජකයින් හට අවස්ථාව ලබා දී ඇති අතර මේ සදහා පහසු ගෙවීමේ ක්‍රම කිහිපයක් ද හදුන්වා දී තිබේ . තවද ශ්‍රී ලංකාවේ විශාල පිරිසකගේ නිවාස සිහිනය සැබෑ කරන විප්ලවීය හෝම්ලෑන්ඩ්ස් wealth builder ආයෝජන ක්‍රමය හරහා මුලික ගෙවීමකින් තොරව පහසුවෙන් මාසිකව ටික ටික ගෙවීමේ ක්‍රමය යටතේ Pentara Residencies හි ඔබගේ සුඛෝපභෝගී නිවාස වෙන් කරවා ගත හැක .

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව