පිට්සා හට් හි රසවත් ආහාර ආරක්ෂිතව හා කඩිනමින් බෙදා හැරීමට සියැට් සහාය

Pizza Hut partnership (LBN)

සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සහ ශ්‍රී ලංකාවේ පිට්සා හට් සහ ටකෝ බෙල් සඳහා එකම බලයලත් නියෝජිතයා වන ගැමා පිට්සාක්‍රාෆ්ට් ලංකා (පුද්ගලික) සමාගම අතර ඇතිකරගත් සහයෝගීතාවයක ප්‍රතිඵලයක් ලෙස, පිට්සා වර්ග හා අනෙකුත් ක්ෂණික ආහාර සිසිල් වීමට පෙර පාරිභෝගිකයින් වෙත බෙදා දීම තම ජීවිකාව කරගත් 800ක් පමණ වූ යතුරුපැදිකරුවන්හට වඩා ආරක්ෂිතව තම කාර්යය ඉටු කර ගැනීමට අවස්ථාව උදා වී ඇත.

මෙම හවුල්කාරීත්වය හරහා පිට්සා හට් හි ලියාපදිංචි වී සිටින බෙදාහැරීමේ ධාවකයින්ට යතුරුපැදි හා ස්කූටර් ටයර් සඳහා විශේෂ වට්ටම් ඇතුළු විවිධ ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ලැබේ. මෙසේ ඔවුන්ට ලබා ගත හැකි දීමනා සියල්ල සැලසුම් කර ඇත්තේ උසස් තත්ත්වයේ ටයර් වඩාත් දැරිය හැකි මිලකට මිලදී ගැනීමට සහ ආරක්ෂිතව හා කාර්යක්ෂමව චාරිකාවේ යෙදීමේ හැකියාව ලබා දීමට බව සමාගම පවසයි.
 



 

පිට්සා හට් පාරිභෝගිකයින් කොතැනත සිටියත් ඔවුන් වෙත පහසුවෙන් ළඟා වීමට හැකියාව ලබා දෙමින්, දිවයින පුරා පිහිටි බලයලත් සියැට් අලෙවිකරුවන් 600කට අධික සංඛ්‍යාවකින් මෙන්ම සියලුම ද්වීතීයික හවුල්කාර අලෙවිසැල්වලින් ද මෙම වට්ටම් ලබාගත හැක.

“රෝද දෙකක්, තුනක්, හෝ ඊට වැඩි ගණනක් භාවිතා කරන මෝටර් රථ හිමි සියළු දෙනා අපගේ ප්‍රාථමික ආදායම් මාර්ගය සපයන පිරිසයි,” යනුවෙන් සියැට් කැලණි ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ෂමල් ගුණවර්ධන මහතා පැවසීය. “ආරක්ෂාව, විශ්වාසනීයත්වය හා පිරිවැය කාර්යක්ෂමතාවය යන ප්‍රධාන ගුණාංග වලින් සපිරි අපගේ සියැට් නිෂ්පාදන සමඟින් පිට්සා හට් හි බෙදාහැරීමේ කාර්ය මණ්ඩලය වඩා හොඳින්, දක්ෂ ලෙස හා ආරක්ෂිතව ගමන් කිරීමට සහාය වීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වෙන්නෙමු.”

ගැමා පිට්සාක්‍රාෆ්ට් ලංකා හි මෙහෙයුම් අධ්‍යක්ෂක චින්තක මහේෂ් මහතා මෙසේ පැවසීය: “අපගේ ධාවකයින්ගේ ආරක්ෂාව අපට අතිශයින් ම වැදගත්. පිට්සා හට් ආඩම්බරව පවසන ආකාරයට නියමිත වේලාවට ආහාර බෙදා හැරීමේ කාර්යය සාර්ථකව ඉෂ්ඨ කර ගැනීමට උසස් තත්ත්වයේ විශ්වාසදායක උපකරණ භාවිතා කිරීම අත්‍යවශ්‍ය අංගයක්. එබැවින් අපගේ බෙදාහැරීමේ පිරිසට තමන් ගෙවන මුදලට වටිනාකමක් ඇති ටයර් විසඳුම් ලබා දීම වෙනුවෙන් සියැට් සමඟ වැඩ කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙමු.”

ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන ටයර් සන්නාමය වන සියැට් රටේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන අතර ආනයනික ටයර් මත යැපීම අඩු කිරීමෙන් ජාතික ආර්ථිකයට විදේශ විනිමය සංරක්ෂණය කිරීමට උපකාරී වීම සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ද ඉටු කරනු ලබයි. සියැට් සමාගමේ නිෂ්පාදන මාලාව රේඩියල්  (මගී මෝටර් රථ, වෑන් සහ SUVs), වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්), යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ කෘෂිකාර්මික වාහන යන අංශ සඳහා වන ටයර ආවරණය කරයි.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව