නවීන තාක්ෂණය, ආකර්ෂණීය නිමාව හා දිගුකල් පැවැත්ම එක් කළ නවතම Galaxy A56 5G එළි දක්වයි

Samsung_LOGO-1

සැම්සුන් විසින් මෙරට ස්මාර්ට් ජංගම දුරකතන වෙළෙඳපොලෙහි තවත් සුවිශේෂී පෙරළියක් සිදු කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබුවේ නවීන තාක්ෂණයත්, ආකර්ෂණීය නිමාවත්, දිගුකල් පැවැත්මත් එක් කළ මෙරට පාරිභෝගිකයා වෙත හඳුන්වා දෙමිනි. Galaxy A නිෂ්පාදන පෙළට එක් වූ නවතම නිෂ්පාදනය වන මෙහි අන්තර්ගත AI විශේෂාංග හා නව්‍යකරණයන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ එදිනෙදා ජීවන රටාව ඉහළ නංවනු ඇත්තේ දිගුකාලීන අත්දැකීමක් ඔවුන් වෙත උරුම කර දෙමිනි.

විශේෂයෙන් Samsung හි නවතම ‘’Awesome Intelligence” මූලික කොට ගනිමින් නිර්මාණය කර ඇති ස්මාර්ට් ජංගම දුරකතනයක් ලෙස පෙන්වා දිය හැකි මෙය සෑම කෙනෙකුටම පහසුවෙන් භාවිත කළ හැකි පරිදි පාරිභෝගිකයින් වෙත ලබා දීමට කටයුතු කර ඇත. ‘’Awesome Intelligence” හරහා එදිනෙදා වැඩකටයුතු බාධාවකින් තොරව සිදු කරගැනීම සඳහා සුවිශේෂී විශේෂාංග රැසක් යොදා ගැනීමට පරිශීලකයින්ට හැකි වේ.



Google සමඟින් වැඩිදියුණ කරන ලද Circle to Search විශේෂාංගය මෙහි ඇති තවත් සුවිශේෂී විශේෂාංගයක් ලෙස පෙන්වා දිය හැකිය. පරිශීලකයින්ගේ පහසුව තව තවත් ඉහළ නංවන එම විශේෂාංගය හේතුවෙන් දුරකතන තිරයේ දිස්වන ඕනෑම දෙයක් අන්තර්ජාල සෙවීමක් ලෙස සොයා ගැනීමට සහ එය හඳුනාගනිමින් එහි තොරතුරු ලබා දීමට හැකියාව උදා කරනු ඇත. එසේම එය පරිශීලකයින් හට තමන්ගේ අවට අසන්නට ලැබෙන ගීතයක් සැණෙකින් සොයා ගනිමින් ඒ පිළිබඳ සියලු විස්තර කඩිනමින් හා පහසුවෙන් සපයා ගැනීමටද පහසුවද උදා කර දෙයි.

ඡායාරූපවල අලංකාරත්වය ඉහළ නැංවීමට Awesome Intelligence හි දෘශ්‍ය සංස්කරණ මෙවලම් යොදා ගැනීමට හැකිය. මෙහි ඇති Auto Trim සහ Best Face වැනි විශේෂාංග හේතුවෙන් ගනු ලබන ඡායාරූප ස්වයංක්‍රීයව සංස්කරණය වීම තවත් පහසුවක් වනු ඇත. ඊට අමතරව Object Eraser සහ Filters ත්‍සකඑැරි වැනි මෙවලම් තුළින් ඡායාරූපවල ඇති අනවශ්‍ය කොටස් ඉවත් කරමින් තමන්ටම ඡායාරූප සංස්කරණය කර ගැනීමේ අවස්ථාව ලබා දෙයි.

7.4mm ඝනකමකින් හා වඩාත් සුසිනිඳු නිමාවකින් යුතුව ආකර්ෂණීය පෙනුමක් එක් කරන මෙය Linear Floating Camera එකකින් හා ආකර්ෂණීය වර්ණ තේමාවන්ගෙන් සමන්විත වේ. ඒ නිසාම Galaxy A නිෂ්පාදන පෙලෙහි ආකර්ෂණීයම උපාංගය බවට පත් වීමට මෙයට හැකි වී තිබේ.

එහි ඇති 6.7-inch FHD+ Super AMOLED තිරය 1200 nits (HBM) 1200 දක්වා දීප්තිමත් බව ඉහළ නැංවීමේ හැකියාවෙන් යුක්ත වේ. ඒ නිසාම වීඩියෝ ඇමතුම්, ගේමින් හා අන්තර්ජාලයට පිවිසීමේදී අසමසම අත්දැකීමක් පරිශීලකයින්හට ලබා ගැනීමට හැකි වේ. එසේම ඡායාරූපකරණයේ විවිධ අවශ්‍යතා සපුරා ලන ප්‍රබල ත්‍රිත්ව කැමරා පද්ධතියකින් සමන්විත වන මෙහි ඇති 50MP ප්‍රධාන කැමරාව තුළින් සුපැහැදිලි ඡායාරූප පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාව උදා කර දෙයි. 10-bit HDR ක ඉදිරිපස කැමරාව සෙල්ෆි හා වීඩියෝ ඇමතුම්හිදී විචිත්‍රවත් බව ගෙන හැර දැක්වීමට සමත් වනු ඇත.

තවද එහි ඇති 12MP ultra-wide ලෙන්ස් හේතුවෙන් වැඩි අවකාශයක් ඡායාරූපයට හසුකර ගැනීමේ හැකියාව ඇති බැවින් සමූහ ඡායාරූප ගැනීමේදී එය බෙහෙවින් වැදගත් වනු ඇත. Low Noise Mode සහිත 12MP සෙල්ෆි කැමරාව අඩු ආලෝක තත්වයකදී වුව සුපැහැදිලි සෙල්ෆි ඡායාරූප පැහැදිලිව ලබා ගැනීමේ Nightography හැකියාව ලබා දෙයි.

නවතම Exynos 1580 chipset මඟින් බලගැන්වෙන Galaxy A56 5G කාර්යක්ෂමතාවක් හා බොහෝ කාර්යයන් සිදු කරගැනීමේ හැකියාව සහතික කරනු ලබයි. 5,000mAh බැටරිය හේතුවෙන් දිගු කාලයක් පහසුවෙන් භාවිත කිරීමේ පහසුව උදා වන අතර Super-Fast Charge 2.0 තාක්ෂණය සහිත 45W ආරෝපණය කිරීමේ, වේගය ඉක්මණින් ආරෝපණය කරගැනීමේ හැකියාව සහතික කරනු ලබයි.

මෙම නවතම ස්මාර්ට් උපාංගයෙහි අන්තර්ගත IP67 dust සහ water resistance rating තාක්ෂණය එය දූවිලි හා ජලයෙන් ආරක්ෂා කිරීමට කටයුතු කරන අතර Corning® Gorilla Victus+ Glass තිරය මගින් ආරක්ෂාව සලසා දෙනු ඇත. තවද One UI 7 මගින් බලගැන්වෙන Android OS එකකින් හා වසර 6ක Android OS updates ලබා දෙන Galaxy A56 5G පරිශීලකයින් හට තාක්ෂණික දියුණුවත් සමඟ ඉහළ යන ආරක්ෂිත, විශ්වාසදායී අත්දැකීමක් භුක්ති විඳීමට හැකි වනු ඇත.

Galaxy A නිෂ්පාදන පෙල අතුරින් පළමු වරට One UI 7 සේවාව හඳුන්වා දෙන Galaxy A56 5G ආරක්ෂාව හා පෞද්ගලිකත්වය වැනි විශේෂාංග ඉහළ නංවීමට කටයුතු කර ඇති අතර එමඟින් සංවේදී දත්තවල සුරක්ෂිත බව සහතික කිරීමට සමත්ව ඇත්තේ අතිරේක ආරක්ෂාවක් ලබා දෙමිනි. සොරකම් හඳුනාගැනීම් හා ඉහළ ආරක්ෂණ ක්‍රමවේදයන් සහිත මෙම ස්මාර්ට් ජංගම දුරකතනයට පුද්ගලික තොරතුරු මනාව පාලනය කිරීමේ සුවිශේෂී හැකියාවක් පවතී.

මෙම නවතම හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ Samsung Sri Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ මහතා SangHwa Song සඳහන් කර සිටියේ “සැම්සුන් ලෙස අපි සෑම අයෙකුටම ඉහළ තාක්ෂණය අත්හදා බැලීමේ අවස්ථාව උදා විය යුතු බව තදින්ම විශ්වාස කරනවා. Galaxy A56 5G යනු නවෝත්පාදන හා ගුණාත්මකභාවය සඳහා කදිම සාක්ෂියක් ලෙස සඳහන් කළ හැකියි. එහි ඇති සුවිශේෂී විශේෂාංග, ආකර්ෂණීය නිමාව මෙන්ම කල් පැවැත්ම හා ක්‍රියාකාරීත්වය ස්මාර්ට් ජංගම දුරකතන ඉතිහාසයේ නව මානයක් සනිටුහන් කරන අතර එය පාරිභෝගික සුවපහසුවටද කදිම අස්වැසිල්ලක් වනවා”. යනුවෙනි.

8+256GB සහ 12+256GB යන මාදිලි 2කින් මිලදී ගත හැකි Galaxy A56 5G ඡායාරූප හා ලේඛන සුරක්ෂිතව තබා ගැනීමේ වැඩි ඉඩක් සපයනු ලබයි. එහිදී 8+256GB මාදිලිය රුපියල් 177,159කටත්, 12+256GB මාදිලිය රුපියල් 192,259කටත් මිලදී ගත හැකිය. එම මිලදී ගැනීම්වලදී Awesome Graphite, Awesome Light Grey යන වර්ණයවලින් පරිශීලකයින්ට තමන් කැමති වර්ණයක් තේරා ගැනීමටද හැකියාව උදා වේ.

තමන් කෙරෙහි විශ්වාසය තබන පාරිභෝගිකයා වෙත නිරන්තරයෙන් ප්‍රතිලාභ ලබා දීමට කැපවී සිටින Samsung, Break Free Offer හඳුන්වා දෙමින් සක්‍රිය කළ දිනයේ සිට මාස 24ක් දක්වා කාලය තුළ හානියට පත් තිරයක් සඳහා එක් වරක් පමණක් භාවිත කළ හැකි Screen Replacement සේවාවක් නොමිලේ ලබා දීමෙන් රුපියල් 4000 ඉතිරියක් පරිශීලකයින්ට ලබා දීමට අවස්ථාව ලබා දී ඇත. 2025 මාර්තු 24 සිට 2026 මාර්තු 31 දක්වා මිලදී ගනු ලබන Galaxy A56 5G සඳහා මෙම දීමනාව ලබා ගත හැකි අතර ඒ තුලින් රුපියල් 29,900ක මුදලක් ඉතිරිකර ගැනීමට හැකි වේ. රුපියල් 53,148ක මූලික ගෙවීමන් පසු මසකට රුපියල් 7,680 මාසික වාරික ගෙවීමක් මඟින් Galaxy A56 5G මිලදී ගැනීමේ හැකියාවද මෙරට පාරිභෝගිකයින්ට සතුටට කරුණක් වනු නිසැකය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen + sixteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව