දැයේ දරුවන්ගේ ඉතුරුම් පුරුද්ද වැඩි කරමින් හා ඉතිරි කිරීමේ අගය වටහා දෙමින් ‘Giftober’ සමඟින් HNB මෙවරත් ලෝක ළමා දිනය සමරයි

Viranga Gamage

 



 

 

දැයේ අනාගත ජීවනාලිය වන්නේ අපගේ දරු පරපුරයි. ළමා අයිතීන් සුරැකීම සඳහා ප‍්‍රමුඛතාව දීම සියලූම මානව වර්ගයාගේ අතිමහත් යුතුකම ලෙස සලකමින් ලෝකයේ සියලූම රටවල ලෝක ළමා දිනය එසේත් නොමැතිනම් විශ්ව ළමා දිනය සමරනු ලබයි. ඔවුන්ට නිසි අධ්‍යාපනයක් හා මගපෙන්වීමක් ලබාදෙමින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරන අතරම, දරුවන් සතුටින් තැබීම වැඩිහිටි අපගේ යුතුකමයි. මේ අරමුණ පෙරදැරිව කුඩා කාලයේ පටන් ඉතුරුම් පුරුද්ද ඇති කිරීමෙන් අනාගත ලෝකය වෙත පියමනින්නට ස්ථාවර ශක්තියක් ඇති කිරීමට කවදත් දැයේ දරුවන්ට හොඳම දේ දායාද කරන හැටන් නැෂනල් බැංකුව දරුවන් වෙනුවෙන් විශේෂයෙන් හඳුන්වා දී ඇති සිය බැංකු සේවා සමඟින් මෙවරද ලෝක ළමා දිනය සැමරීමට කටයුතු සූදානම් කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB තැන්පතු ප‍්‍රධානී විරංග ගමගේ මහතා පැවසුවේ ”පසුගිය වසර කිහිපය මුළුල්ලේ මුහුණ දීමට සිදු වූ ගෝලීය වසංගතය සහ ආර්ථික අවිනිශ්චිතතාවන් මධ්‍යයේ වුවද අපි ‘Giftober’ වැඩසටහන පැවැත්වුවත් මෙවර වඩාත් උත්කර්ෂවත් හා සාර්ථකව 2023 ලෝක ළමා දිනය සැමරීමට සමගාමීව Giftober වැඩසටහන සූදානම් කර තිබෙනවා. බැංකුකරණය පිළිබඳව දරුවන්ව දැනුවත් කිරීම සහ ඉතුරු කිරීම හුරුපුරුදු කරවීම මෙහි ප‍්‍රධානතම අරමුණයි.” යනුවෙනි.

ආරාධිත සිඟිති ගිණුම්හිමි දරුවන් 3500 කට පමණ ඔවුන්ගේ දෙමාපියන් සමඟ දීප ව්‍යාප්ත HNB පාරිභෝගික ඒකක 35 කදී රැස් කරවා ඔවුන් සමඟ ‘Singithi Day’ සමරන්නට ද බැංකුව කටයුතු සූදානම් කර තිබේ. මෙම වැඩසටහන ඔක්තෝම්බර් 21 දින පැවැත්වීමට නියමිත අතර එදිනට සහභාගී වන දරුවන් වෙනුවෙන් විනෝදජනක කී‍්‍රඩා සහ ළමා චිත‍්‍රපට ඇතුළු විවිධාංග රැසක් ද පැවැත්වීමට නියමිතය.

සෑම විටම ගනුදෙනුකාරභවතුන්ට උපරිම ප‍්‍රතිලාභ ලබා දීමේ හැටන් නැෂනල් බැංකුවේ දැක්ම අනුව යමින් මේ වසරේ Giftober ප‍්‍රවර්ධන වැඩසටහන හරහා සෑම සිඟිති ගිණුම්හිමි දරුවෙකුටම ජම්බෝ පෑන් රඳවන, පාසල් උපකරණ කට්ටල සහ ජම්බෝ කැට ඇතුළුව රුපියල් 60,000ක් දක්වා වූ තෑගි වවුචර ආදී ආකර්ෂණීය ත්‍යාග ලබා ගැනීමේ අවස්ථාව සලසා තිබේ. 2023 ඔක්තෝම්බර් 02 වනදා සිට නොවැම්බර් 17 වනදා දක්වා මෙම වැඩසටහන සෑම HNB පාරිභෝගික ඒකකයකදීම ක‍්‍රියාත්මක වන අතර අවුරුදු 16 ට අඩු සෑම දරුවෙකුටම මෙම ත්‍යාග ලබා ගැනීමට අවස්ථාව ඇත.

මීට අමතරව, සකසුරුවමට දරුවන් දිරිගන්වමින් ඔවුන් බැංකුව වෙත රැගෙන එන සෑම මුදල් කැටයකටම සිඟිති ජම්බෝ කැටයක් (Till-to-Till) ලබා දීමේ ප‍්‍රවර්ධන වැඩසටහන ද ඔක්තෝම්බර් 2 වනදා සිට නොවැම්බර් 17 වනදා දක්වා සෑම ශාඛාවකම ක‍්‍රියාත්මක වේ. මෙහිදී ඔබේ කැටයට එකතු කළ මුදල HNB සිඟිති ගිණුමක තැන්පත් කරන කරන දු දරුවන්ට ආකර්ෂණීය HNB Jumbo කැටයක් නොමිලේම හිමි කරගැනීමට හැකියි.

‘‘අපගේ අනාගත පරම්පරාවට වඩා හොඳ සමාජයක් සහ ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් දරුවන් මෙහෙයවීම සහ ඒ සඳහා ඔවුනට සහායවීම අපගේ වගකීමක් මෙන්ම යුතුකමක් ලෙස අපි සලකනවා. දරුවන් තුළ යහපත් ගුණාංග ඇති කිරීම වෙනුවෙන් දෙමාපියන්ට විශාල කාර්යභාරයක් පැවරී ඇති අතර, වගකිවයුතු බැංකුවක් ලෙස, දරුවන්ට යහපත් අනාගතයක් උදාකරලීමටත් ඒ සඳහා ඔවුන් දිරිගැන්වීමටත් අපට කළ හැකි සෑම දෙයක්ම කිරීමට අප කටයුතු කරනවා.’’

වර්තමානයේදී ශ‍්‍රී ලාංකික බැංකුවක් විසින් පිරිනමන විශාලතම ශිෂ්‍යත්ව අරමුදල මෙන්ම ළමුන් වෙනුවෙන් වටිනා මුදල් ත්‍යාග හා ශිෂ්‍යත්ව පිරිනමන කැපී පෙනෙන වැඩසටහනක් ලෙස HNB දිරි දරු හඳුන්වා දිය හැකියි. එමගින් 5 වසර ශිෂ්‍යත්ව විභාගය ජය ගන්නා සියලූම සිඟිති ගිණුම් හිමි දු දරුවන්ට මෙන්ම අධ්‍යන පොදු සහතික පත‍්‍ර විභාග හා ලන්ඩන් O/L හා A/L විභාගවලින් විශිෂ්ට ප‍්‍රතිඵල ලබා ගන්නා HNB ගිණුම් හිමි දරුවන්ට වටිනා මුදල් ත්‍යාග පිරිනැමේ. මේ සඳහා සුදුසුකම් ලැබීමට ඔවුන්ගේ ගිණුම්වල අවම ශේෂයක් පවත්වා ගත යුතුයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව