ගෙවතු වගාව ප‍්‍රචලිත කිරීමට HNB සරු ගෙවත්ත කොළඹ දිස්ත‍්‍රික්කය පුරා ව්‍යාප්ත කරයි

Image 01 (LBN Fill)

 



 

 

 

  • බීජ සහ පොහොර සහනදායී මිලට ලබා දීම
  • ආධුනික ගොවීන්ට තාක්ෂණික දැනුම වැඩිදියුණු කිරීම සඳහා වන ධාරිතා-සංවර්ධන වැඩසටහන්
  • ජනාකීර්ණ ප‍්‍රදේශවල පිහිටි තට්ටු නිවාසවල ගෙවතු වගාව දිරිමත් කිරීම
  • කොළඹ නගරයේ ප‍්‍රධාන ස්ථාන නවයක් පුරා මෙම වැඩසටහන දියත් කරයි යක් පුරා
  • මෙම වැඩසටහන දියත් කරනු ලබන ප‍්‍රදේශ ආසන්නයේ සිටින පදිංචිකරුවන්ට පැළ සහ බීජ බෙදා දීම

දිනෙන් දින සීඝ‍්‍රයෙන් ඉහළ යන ආහාර මිල හමුවේ කොළඹ දිස්ත‍්‍රික්කයේ නාගරික ප‍්‍රදේශවල පිහිටි තට්ටු නිවාසවල ගෙවතු වගාව දිරිමත් කරමින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව බිම් මට්ටමේ සිටින මෙරට කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය නැවත නගා සිටුවීමේ ප‍්‍රයත්නයන්ට සහාය දීම සඳහා වන සිය ප‍්‍රමුඛතම වැඩසටහනක් වන ‘‘සරු ගෙවත්ත’’ කොළඹ නගරයේ තෝරා ගත් බැංකු ඒකක නවයක් පුරා පසුගියදා දියත් කළේය.

මෙම වැඩසටහනේ පළමු අදියර මධ්‍යම පළාතෙන් ආරම්භ වූ අතර එහි දෙවන අදියර වූ මෙය දිස්ත‍්‍රික් මට්ටමේ කෘෂිකාර්මික කාර්යාල සම්බන්ධ කරගනිමින් පසුගියදා HNB වැල්ලවත්ත පාරිභෝගික ඒකකයේදී පැවැත්වුණු අතර එදිනම ඊට සමගාමීව තිඹිරිගස්යාය, බම්බලපිටිය, හෙට්ටි වීදිය, කොල්ලූපිටිය, ග‍්‍රීන් පාත්, ප‍්‍රධාන කාර්යාලය, මුතුවල් සහ කොටහේන යන HNB බැංකු ඒකකවලදී ද මෙම වැඩසටහන සාර්ථකව දියත් කෙරිණි.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා පැවති විශේෂ උත්සවයට HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී – CHRO/CTO, එල්. චිරන්ති කුරේ, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී-නීති (අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්), තුෂාරි රණවීර, HNB සහකාර සාමාන්‍යාධිකාරී, ක්ෂුද්‍ර මූල්‍ය, විනෝද් ප‍්‍රනාන්දු, HNB සහකාර සාමාන්‍යාධිකාරී – SME කේ. ඉන්ද්‍රවාසන්, HNB කලාපීය ව්‍යාපාර ප‍්‍රධානී-කොළඹ, සෝමස්කන්ද ශර්මා නරේන්දිරන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ඒ. එච්. එම්. එල් අබේරත්න, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිළධාරිනී, ශිරෝමි රත්නායක, ගොවිජන සේවා සහකාර නිෂ්පාදන සහකාර රංජිත් පුෂ්පකුමාර යන මහත්ම මහත්මීන් සහභාගී විය.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී – CHRO/CTO, එල්. චිරන්ති කුරේ මහත්මිය පැවසුවේ, ”කොළඹ දිස්ත‍්‍රික්කය දෙස බැලීමේදී එය ඉතා ජනාකීර්ණ නගරයක් බව ඔබට පැහැදිලිවම දැකගත හැකියි. එබැවින් ජනතාව දැන් මහල් නිවාසවලට සීමා වී ඇති නිසා ගෙවතු ද මහල් නිවාසවලට සීමා වී තිබෙනවා. කෙසේ වෙතත්, අපගේ මෙම වැඩසටහන සමඟින්, ජනතාවට ඔවුන්ගේ සෞඛ්‍යයට සහ පවුල්වලට ප‍්‍රයෝජනවත් වන ඔවුන්ගේ පළතුරු සහ එළවළු ඔවුන්ගේම සඳලූතලවලම වගා කිරීමට පටන් ගත හැකියි.’’ යනුවෙනි.

”එපමණක් නොව, මෙම මුලපිරීම තුළින් අපි ආර්ථිකය සවිබල ගැන්වීමට හා ව්‍යවසායකත්වය පිළිබඳව උනන්දු කරවීමටත්, ගෙවතු වගාවේ සහ වගා කිරීමේ වටිනාකම පිළිබඳව පුරවැසියන් සහ තරුණ පරම්පරාව දැනුවත් කිරීමට සහ විශේෂයෙන්ම සෑම නිවසකටම පෝෂ්‍යදායී ආහාර වේල් සැපයීමටත් හැකි වීම පිළිබඳව අප ගෞරවයක් ලෙස සලකනවා,” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

මෙම වැඩසටහන දියත් කරනු ලැබූ ප‍්‍රදේශ ආසන්නයේ සිටින පදිංචිකරුවන්ට පැළ සහ බීජ බෙදා දීමට ද බැංකුව මෙහිදී කටයුතු කළේය.

මීට අමතරව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තට්ටු නිවාසවල ගෙවතු වගාව පිළිබඳ කෙටි දැනුවත් කිරීමක් සිදු කරන ලදී. මෙහිදී බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ පාරිභෝගිකයින්ට පැළ, බීජ, හා පොහොර ආදිය සහනදායී මිලට ලබා දීමට ද HNB කටයුතු කළේය.

තවද, අදාල පාරිභෝගික ඒකකවලදී තෝරාගත් ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින්ට තම නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ස්ථානයක් වෙන් කිරීමට ද බැංකුව කටයුතු කළේය.

තවද, මෙම වැඩසටහනේ පළමු වැන්න මධ්‍යම පළාතෙන් දියත් කරන ලද අතර ග‍්‍රාමීය ප‍්‍රදේශවල සිටින ගොවීන් නාගරික ප‍්‍රදේශවල ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ කිරීමට බැංකුව මෙමගින් අපේක්ෂා කරයි. එහිදී ගොවීන්ට හා පාරිභෝගිකයින් යන දෙපාර්ශවයටම ඔවුන්ගේ අස්වැන්නෙන් යහපත් දිවිපෙවෙතක් ගත කිරීමට සහ ඔවුන්ගේ අත්‍යවශ්‍යතාවන් සඳහා සාධාරණ මිලක් ලබා දීම සඳහා කෘෂි ක්ෂේත‍්‍රයේ සිටින අතරමැදියන් අවම කරමින් රට පුරා සිටින ගොවීන් හා පාරිභෝගිකයින් අතර ඍජු සබඳතාවන් ඇති කිරීමට බැංකුවේ දැනට සිටින පාරිභෝගික ජාලය සමඟ කටයුතු කරන බව HNB පවසා සිටී.

නැවුම් එළවළු, පළතුරු හා කෘෂි නිෂ්පාදන සඳහා ඍජු වෙළෙඳපොලක් ස්ථාපිත කිරීම, ගෙවතු වගාව ප‍්‍රචලිත කිරීමට පැළ, බීජ හා කාබනික පොහොර සහනදායී මිලට සපයා දීම සහ ගෙවතු වගාව සඳහා නවීන තාක්ෂණික ක‍්‍රමෝපායන් පිළිබඳ දැනුම හා ප‍්‍රායෝගික පුහුණුව ලබා දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ඊට අදාල ආයතන වෙත ගොවීන් හා ගෙවතු වගාකරුවන් යොමු කිරීම ද මෙම මුලපිරීමේ තවත් අරමුණකි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව