කොම්බෑන්ක් ඩිජිටල් හොඳම ණය ලබාගැනීමේ හැකියාව ඇගයීම සඳහා AFTA සම්මානය දිනයි

AFTA award 2022

 



 

 

 

කොමර්ෂල් බැංකුව විසින් අන්තර්ජාලය ඔස්සේ පුද්ගලික ණය අයදුම් කිරීම සඳහා ලබාදුන් පහසුකම සඳහා ආසියානු FinTech ඇකඩමිය (AFTA) විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම ණය ලබාගැනීමේ හැකියාව ඇගයීමේ පහසුකමට හිමි සම්මානය ප‍්‍රදානය කර තිබේ.

කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති ‘ආසියානු ඩිජිටල් මූල්‍ය සමුළුව සහ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී’ මෙම සම්මානය බැංකුවට ලබාදුන් අතර ඒ තුළින් කොමර්ෂල් බැංකුවේ බහු-නාලිකා ඩිජිටල් බැංකුකරණ පද්ධතිය වන කොම්බෑන්ක් ඩිජිටල් විසින් ක‍්‍රියාකාරීත්වය, පහසුව සහ සුරක්ෂිතතාවය වර්ධනය කරමින් ගනුදෙනුකරුවන්ගේ ඩිජිටල් බැංකුකරණ අත්දැකීම දියුණු කිරීම සඳහා කළ සේවාව ඇගයීමට ලක් කර ඇත.

කොම්බෑන්ක් ඩිජිටල් හි, තිබෙන පුද්ගලික ණය අයදුම් කිරීමේ අංගය මගින් කොමර්ෂල් බැංකු ශාඛාවකට නොපැමිණ පුද්ගලික ණයක් ඉල්ලා සිටීමේ අවස්ථාව ගනුදෙනුකරුවන්ට ලබාදී තිබේ. මෙහිදී, කඩදාසි භාවිතයෙන් තොරව පරිසර හිතකාමී ලෙස අදාළ ලියකියවිලි සියල්ල ඉතාමත් පහසුවෙන් ලබාගැනීම අන්තර්ජාලය ඔස්සේ සිදුකරන බව බැංකුව සඳහන් කරයි.

‘මෙම සම්මානය දිනා ගැනීමට හැකිවීම පිළිබඳව අපි අතිශයින්ම සතුටු වෙනවා. ඒ වගේම, අපගේ ඩිජිටල් පරිවර්තනයේ කොටසක් ලෙස සේවාවන් සඳහා වඩාත් පහසු ප‍්‍රවේශය ලබාදීම සඳහා අප දරන උත්සාහයේ සාර්ථකත්වය මෙම සම්මානය මගින් නැවතත් ඇගයීමට ලක්කර තිබෙනවා,’ යනුවෙන් මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ රිටේල් ප‍්‍රඩක්ට්ස් සහ ඩිජිටල් නාලිකා ප‍්‍රධානී, ප‍්‍රදීප් බන්දුවංස මහතා පැවසීය. ‘සුරක්ෂිතතාවයට සහ භාවිතා කිරීම පහසු කිරීමට අමතරව ක‍්‍රියාකාරීත්වය අඛණ්ඩව වර්ධනය කිරීමට අප කටයුතු කරනවා. මේ නිසා, ඉදිරියේදී අප විසින් කොම්බෑන්ක් ඩිජිටල් භාවිතා කරන ගනුදෙනුකරුවන්ට වඩාත් ආකර්ශනීය අංගයන් ගණනාවක් හඳුන්වා දෙනවා.’

ශ‍්‍රී ලංකාව තුළ භාවිතා කරන ප‍්‍රමුඛතම මූල්‍ය ඇප් සේවාවන් 05 න් එකක් වන කොම්බෑන්ක් ඩිජිටල් ඇප් සේවාව 2020 වසරේදී හඳුන්වා දෙන ලදී. මෙම ඇප් සේවාව iOS, Android සහ Huawei මෙහෙයුම් පද්ධතීන්ට සම්පූර්ණයෙන්ම අනුකූල වන අතර භාවිතා කරන්නාගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීමට තිබෙන ජාත්‍යන්තර ප‍්‍රමිතීන් සහ යහ ක‍්‍රමවේද මේ සඳහා භාවිතා කර තිබේ. ඩෙස්ක්ටොප් පරිගණක, ටැබ්ලට් පරිගණක, ජංගම දුරකතන ඇතුළු සියළුම ඩිජිටල් උපකරණ මගින් මෙම ඇප් පහසුකම ඉතාමත් කාර්යක්ෂමව සහ පහසුවෙන් භාවිතා කළ හැකිවේ. කොමර්ෂල් බැංකුවේ ගිණුමක් තිබෙන  ඕනෑම ගනුදෙනුකරුවෙකුට මෙම ඇප් පහසුකමේ ස්වයංව ලියාපදිංචි වී බැංකු ශාඛාවකට නොගොස් ගිණුමක් විවෘත කිරීම, ණය පහසුකමක් සඳහා අයදුම් කිරීම ඇතුළු පහසුකම් ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 938 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 7 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව