‘කොම්බෑන්ක් ඩිජිටල්’ ලියාපදිංචි පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 1.5 ඉක්මවයි

ComBank Digital - 1.5mn users (LBN)

ඩිජිටල් බැංකුකරණ විප්ලවයේ පුරෝගාමියකු වන කොමර්ෂල් බැංකුව, සිය සර්ව නාලිකා ඩිජිටල් බැංකු ඇප් එක වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ හි ලියාපදිංචි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියන 1.5 සන්ධිස්ථානය පසුකර ඇති බව නිවේදනය කර ඇත.

මෙම සන්ධිස්ථානය ප්‍රකාශයට පත් කරමින් බැංකුව පැවසුවේ මෙම සම්මානලාභී ඇප් එක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ ආයතනික ගනුදෙනුකරුවන්ට සේවය සැපයීමට බහුලවම භාවිතා වන ඩිජිටල් නාලිකාව ලෙස ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයට නායකත්වය දෙන බවයි.
 



 

කොමර්ෂල් බැංකුවේ ‘Digital by Default’ ව්‍යාපාරික මාදිලිය මගින් මෙහෙයවනු ලබන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ වර්තමානය වන විට මාසිකව මිලියන 5කට වඩා ගනුදෙනු සිදු කරන අතර, 45% ක ඩිජිටල් භාවිතයක් සහ මිලියන 48 ක පාරිභෝගික අන්තර්ක්‍රියා සමඟින්, මේ වසරේ ඔක්තෝබර් අවසානයේ මසකට රුපියල් බිලියන 400 ක සාමාන්‍ය වටිනාකමකින් යුත් ගනුදෙනු සිදු කිරීමට සමත් විය.

‘කොම්බෑන්ක් ඩිජිටල්’ ප්‍රතිචාරාත්මක වෙබ් යෙදුමක් සහ ජංගම යෙදුම් තුනක් (iOS, Android iy Huawei) හරහා ගනුදෙනුකරුවන්ට පිරිනමනු ලබන අතර බැංකු අවශ්‍යතා, ධන ආයෝජන, ගෙවීම් සහ ජීවන රටාව වැනි ක්‍රියාකාරීත්වයන්ට ඩෙස්ක්ටොප් පරිගණක, ලැප්ටොප් පරිගණක, ටැබ් පරිගණක සහ ස්මාර්ට් ජංගම දුරකථන වැනි සියලු‍ම උපාංග හරහා ප්‍රවේශය සක්‍රීය කර ඇත.

මෙම වේදිකාවේ ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – ඩිජිටල් බැංකුකරණය ප්‍රදීප් බන්දුවංශ මහතා මෙසේ පැවසීය:“කොම්බෑන්ක් ඩිජිටල් විසින් ලංකාව තුළ පමණක් නොව ලොව පුරා සිටින ශ්‍රී ලාංකික ගනුදෙනුකරුවන්ව ශාඛාවකට නොගොස් ඔවුන්ගේ මූල්‍ය සහ බැංකු අවශ්‍යතා කළමනාකරණය කර ගන්නා තත්ත්වයට පරිවර්තනය කර ඇත. මෙමඟින් පෘථිවියට ඇති කරන ලද ධනාත්මක බලපෑම සහ කාලය ඉතිරි වීම ගණනය කළ නොහැකි අගයක් වෙයි.”

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව