කොමර්ෂල් බැංකුව ICC සභාපතිනි මාරියා ෆර්නැන්ඩා ගාසා උත්සවාකාරව පිළිගනී

ICC corporate event (LBN)

 



 

 

කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා තම බැංකුවේ කළමනාකාරිත්වය සහ සම්භාවනීය ආරාධිතයින් සහභාගී වූ ආයතනික උත්සවයකදී, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (International Chamber of Commerce – ICC) සභාපතිනිය ලෙස පත්වූ ප්‍රථම කාන්තාව වන මාරියා ෆර්නැන්ඩා ගාසා මහත්මිය වෙත තම සත්කාරකත්වය පිරිනැමීය. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති මෙම උත්සවයේදී, ජාත්‍යන්තර වෙළෙඳාම සහ වාණිජමය සම්බන්ධ ජාලකරණය මෙන්ම, අනෙක් අන්‍යොන්‍ය අවශ්‍යතා පිළිබඳ අර්ථවත් සාකච්ඡා සඳහාද වේදිකාවක් සපයනු ලැබීය.

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා ගාසා මහත්මිය පිළිගනිමින් තම දේශනයේදී බැංකුවේ දීර්ඝ හා කීර්තිමත් ඉතිහාසය ආවරණය කළේය. රටේ විශාලතම පෞද්ගලික බැංකුව ලෙස වර්ධනය වීම, බැංකුවේ විදේශ මෙහෙයුම් සංවර්ධනය, ජාතික ආර්ථිකයට වැදගත් බැංකුවක් ලෙස දායකත්වය සැපයීම, වසර ගණනාවක් පුරා වර්ධනය වන බැංකුවේ නවෝත්පාදනයන්, බැංකුවට ලැබී ඇති පුළුල් ජාත්‍යන්තර පිළිගැනීම, බැංකු මෙහෙයුම්වල ඩිජිටල් පරිවර්තනය සහ තිරසාරභාවය සඳහා වූ නොයෙකුත් කැපවීම් ගැනද මෙම අවස්ථාවේදී පැහැදිලි කිරීම් සිදු කරණු ලැබුවේය.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය කොමර්ෂල් බැංකුවේ දිගුකාලීන හවුල්කරුවකු වන අතරම, විවිධ වෙළෙඳපොළ පිළිබඳව එහි විශේෂඥතාව සහ දැනුම බෙදාහදා ගනිමින්, අන්‍යොන්‍ය වශයෙන් වාසිදායක ව්‍යාපාරික සබඳතාවයක හවුල්කරුවකු වන බවද මෙහිදී මනතුංග මහතා පෙන්වා දුන්නේය.

ICC ශ්‍රී ලංකා ශාඛාවේ ස්ථිර අධ්‍යක්‍ෂ මණ්ඩල ආසනයක් හිමිකර ගැනීම කොමර්ෂල් බැංකුවට වරප්‍රසාදයක් වන බවද සඳහන් කළ මනතුංග මහතා, බැංකුව සිය ගමනේ හවුල්කරුවකු වීම පිළිබඳ වූ ICC වෙත තම කෘතඥතාවය පිරිනමනු ලැබුවේය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + nineteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව