ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ප්‍රථම වරට වියට්ජෙට් එයාර් (Vietjet Air) විසින් සෘජු ගුවන් ගමන් සඳහා ආසන වෙන්කරවා ගැනීම අරඹයි

Vietjet aircraft (LBN)

කොළඹ, ශ්‍රී ලංකාව, 2026 ජුනි 25 – ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ප්‍රථම සෘජු ගුවන් සම්බන්ධතාවය ලෙස, 2026 අගෝස්තු 18 දින සිට වියට්ජෙට් සමාගම මගින් කොළඹ – හෝ චි මිං නගරය අතර නව ගුවන් ගමන් සේවාව ආරම්භ කරන බව නිවේදනය කොට තිබේ. ඒ සඳහා විශේෂ සමාරම්භක ගාස්තු යටතේ මේවන විටත් ආසන වෙන්කරවා ගැනීම් ආරම්භ ඇති අතර මෙම ගුවන් සම්බන්ධතාවය දෙරට අතර සංචාරක, ව්‍යාපාරික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට වැදගත් පියවරක් වනු ඇත.




මෙම නව ගුවන් මාර්ගයේ සමාරම්භය සනිටුහන් කරමින්  වියට්ජෙට් ගුවන් සමාගම විසින් ‘Eco’ ප්‍රවේශපත්‍ර සඳහා ඇමෙරිකානු ඩොලර් 90 සිට (සියලු බදු හා ගාස්තු ඇතුළුව) විශේෂ සහනදායි ගාස්තු හඳුන්වා දී තිබේ. එමෙන්ම ‘Deluxe’ සහ ‘SkyBoss’ ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගන්නා මගීන්ට මූලික ගාස්තුව සඳහා 20%ක වට්ටමක් (බදු සහ අනෙකුත් ගාස්තු හැර) හිමිවනු ඇත. මෙම ප්‍රවේශපත්‍ර මේ වන විට වියට්ජෙට් එයාර් හි නිල වෙබ් අඩවිය, වියට්ජෙට් එයාර් ජංගම යෙදවුම, ප්‍රවේශපත්‍ර කාර්යාල සහ බලයලත් සංචාරක නියෝජිතයන් හරහා වෙන්කරවා ගැනීමේ හැකියාව පවතී.

කොළඹ–හෝ චි මිං නගරය අතර නව ගුවන් සේවාව සතියකට දින තුනක්, එනම් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල ආපසු පැමිණීම ඇතුළත් ගුවන් ගමන් (Round-trip flights) ලෙස ක්‍රියාත්මක වේ.  දළ වශයෙන් පැය පහක පියාසර කාලයකින් සමන්විත මෙම නව ගුවන් සේවාව, ශ්‍රී ලංකාවේ වාණිජ කේන්ද්‍රස්ථානය වන කොළඹ සහ ගිනිකොනදිග ආසියාවේ ප්‍රමුඛ සංචාරක හා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් වන හෝ චි මිං සිටි අතර කාර්යක්ෂම හා පහසු සෘජු සම්බන්ධතාවයක් නිර්මාණය කරයි.  වියට්ජෙට් හි පුළුල් වන මෙම ගුවන් ගමන් ජාලය හරහා කොළඹ සිට පැමිණෙන මගීන්ට ආසියා-පැසිෆික් කලාපයේ ප්‍රධාන නගර සහ සංචාරක මධ්‍යස්ථාන වෙත ද ඉතා පහසුවෙන් සම්බන්ධ විය හැකි වීම සුවිශේෂත්වයකි.

වියට්නාමයේ විශාලතම නගරය සහ ආර්ථික කේන්ද්‍රස්ථානය වන හෝ චි මිං සිටි, පැරණි සංස්කෘතිය සහ නවීන ජීවන රටාව  මැනවින් මුසු වූ ගිනිකොනදිග ආසියාවේ වඩාත් විචිත්‍රවත් ගමනාන්තයකි. ඓතිහාසික Cu Chi Tunnels සහ Independence Palace සිට Nguyen Hue Walking Street දක්වා විහිදෙන මෙම නගරයෙහි සුප්‍රසිද්ධ සූපශාස්ත්‍ර කලාව, සජීවී රාත්‍රී විනෝදාස්වාදය සහ කලා ප්‍රජාව, සෑම සංචාරකයෙකුටම සුවිශේෂී අත්දැකීමක් ලබා දෙයි.

එමෙන්ම, මෙම නව ගුවන් සේවාව  මඟින් වියට්නාම සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන්, මනරම් වෙරළ තීරයන්, සශ්‍රීක තේ වතු සහ  ලෝක ප්‍රසිද්ධ වනජීවී සම්පත් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට අවස්ථාව සැලසෙන අතර, එමඟින් දෙරට අතර ද්විපාර්ශ්වික සංචාරක ව්‍යාපාරය තවදුරටත්  ශක්තිමත් වනු ඇත .

මෙම නව ගුවන් සේවාව සදහා එක්වන මගීන්ට ගුවන් යානය තුළදීම වියට්නාමයේ ජනප්‍රිය ආහාර වර්ග වන ‘ෆෝ’ (Pho) සහ ‘බාන් මී’ (Banh Mi) ඇතුළු උණුසුම් මෙන්ම රසවත් ආහාර වේලක් රසවිඳිය හැකි අතර, ඒවා ගුවන් සේවයේ සුහදශීලී කාර්ය මණ්ඩලය විසින් පිරිනමනු ලබයි. සංචාරකයින්ට පෙර ඇණවුම් කරන ලද ආහාර සඳහා 30%ක් දක්වා වට්ටම් ලබා ගත හැකිය. Vietjet SkyJoy Loyalty Programme හි සාමාජිකයින්ගේ ආහාර සහ සාප්පු සවාරි වෙනුවෙන් වෙන් කරන ලද වෙළඳ සන්නාම 250 කට වැඩි ප්‍රමාණයක් මගින් Points උපයා ගැනීමට සහ ඒවා ලබා ගැනීමට අවස්ථාව ඇත.

වියට්නාමයේ ප්‍රමුඛතම නවීන ගුවන් සේවය වන වියට්ජෙට්, සිය නවීනතම ගුවන් යානා සමූහය, ව්‍යාප්ත වෙමින් පවතින ජාත්‍යන්තර ගුවන් ගමන් ජාලය සහ පාරිභෝගික කේන්ද්‍රීය නව්‍ය සේවාවන් හරහා ආසියා-පැසිෆික් කලාපය සහ ඉන් ඔබ්බට සිය ගුවන් සබඳතා තවදුරටත් පුළුල් කරමින් සිටී. මෙම ගුවන් සේවය සතුව වර්තමානයේ 135 ක ගුවන් යානා සමූහයක් ක්‍රියාත්මක කරන අතර ජාත්‍යන්තර වෙළඳපල හරහා එහි දිගුකාලීන වර්ධනයට සහාය වෙමින් අමතර ගුවන් යානා 600 කට ආසන්න ප්‍රමාණයක් ඇණවුම් කර ඇත

නව ගුවන් ගමන් මාර්ගයේ තොරතුරු

 

ගුවන් මාර්ගය ගුවන් යානා අංකය පිටත්වීම – පැමිණීම ගමන් වාර ගණන
කොළඹ (CMB) – හෝ චි මිං සිටි (SGN) VJ876 23:00 05:55 (+1) අඟ, බ්‍රහස්, සෙනසුරාදා
හෝ චි මිං සිටි (SGN) – කොළඹ (CMB) VJ875 18:15 21:50 අඟ, බ්‍රහස්, සෙනසුරාදා



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව