
කොළඹ, ශ්‍රී ලංකාව – 2026 ජූලි 25: යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී (United Motors Lanka PLC) හි පූර්ණ අනුබද්ධිත සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ Perodua වාහන සඳහා වන එකම බලයලත් නියෝජිතයා වන යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් (Unimo Enterprises Limited), සිය නවතම Perodua Traz (ආසන 5ක් සහිත SUV) සහ Perodua Alza (ආසන 7ක් සහිත MPV) රථ ද්විත්වය කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේ පැවති උත්සවයකදී පසුගියදා නිල වශයෙන් එළිදක්වන ලදී.
ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවය, ආරක්ෂාව, සුවපහසුව, ප්‍රායෝගික භාවිතය සහ සාධාරණ මිල ගණන් පදනම් කරගනිමින් නිර්මාණය කර ඇති මෙම මාදිලි ද්විත්වය, මෙරට පාරිභෝගිකයින්ගේ වෙනස් වන ජීවන රටාවන්ට සහ ව්‍යාපාරික අවශ්‍යතාවලට කදිම විසඳුමක් සපයයි.
මැලේසියානු Perodua සමාගමේ උසස් නිලධාරීන්, යුනයිටඩ් මෝටර්ස් සහ යුනිමෝ එන්ටර්ප්‍රයිසස් හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, ව්‍යාපාරික සහකරුවන්, මූල්‍ය ආයතන නියෝජිතයින්, මාධ්‍යවේදීන් සහ පාරිභෝගිකයින් රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. මීට පෙර හඳුන්වා දුන් Ativa සහ Myvi රථවලින් පසුව පැමිණි මෙම නව රථ ද්විත්වය, ශ්‍රී ලාංකිකයන් වෙත උසස් ප්‍රමිතියෙන් යුතු Perodua වාහන පරාසයක් ලබා දීමට යුනිමෝ සමාගම දක්වන කැපවීම තහවුරු කරයි.
2025 වසරේදී මැලේසියාව තුළ පමණක් වාහන 359,904ක් ලියාපදිංචි කරමින් 43.9%ක ඉහල වෙළෙඳපොළ ප්‍රතිශතයක් හිමිකර ගැනීමට Perodua සමාගම සමත් විය. මෙම දැවැන්ත ගෝලීය නිෂ්පාදන ශක්‍යතාව සහ විශ්වාසනීයත්වය, යුනයිටඩ් මෝටර්ස් සමාගමේ මෙරට දශක ගණනාවක මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රවීණතාවය සහ දිවයින පුරා විහිදුණු සේවා ජාලය සමඟ එක්වීම පාරිභෝගිකයාට ලැබෙන සුවිශේෂී වාසියකි.
ශ්‍රී ලංකාවේ වේගයෙන් ජනප්‍රිය වන කොම්පැක්ට් SUV (Compact SUV) කාණ්ඩයට එක්වන නවතම Perodua Traz රථය, නාගරික ගමන් බිමන්, පවුලේ සංචාර මෙන්ම දෛනික ව්‍යාපාරික අවශ්‍යතා සඳහා මනාව ගැලපේ. ආසන 5කින් යුත් රියදුරාට මෙන්ම මගීන්ටද උපරිම ඉඩකඩක්, පසුපස A/C වායු විවර (Rear AC Vents), සහ පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි Kick Sensor සහිත පසුපස දොර (Power Tailgate). මෙම රථයේ ඇති 1.5L එන්ජිම මගින් විශිෂ්ට ධාවන බලයක් ලබා දෙන අතර, මැලේසියානු ධාවන තත්ත්වයන් යටතේ (Malaysian Driving Conditions) ලීටරයකට කිලෝමීටර 21.3ක ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් වාර්තා කර ඇත. පරීක්ෂණවලදී ASEAN NCAP වැඩසටහන යටතේ පූර්ණ තරු 5ක ආරක්ෂණ සහතිකයක් හිමිකරගෙන ඇති Traz රථය Airbags 6ක්, Vehicle Stability Control (VSC), Autonomous Emergency Braking (හදිසි තිරිංග පද්ධතිය), Blind-Spot Detection, Lane-Departure Warning, Forward-Collision Warning, Lane-Keep Assist සහ ISOFIX ළමා ආසන සවි කිරීමේ පහසුකම්වලින් සමන්විතය.
පාරිභෝගිකයින්ට උපරිම මගී ධාරිතාවයක් සහ පුළුල් ඉඩකඩක් ලබාදීම සඳහා නිර්මාණය කර ඇති Perodua Alza රථය, වැඩි සාමාජිකයන් සංඛ්‍යාවකින් යුතු පවුල්, පාසල් සහ කාර්යාල ප්‍රවාහන, සංචාරක මෙන්ම ව්‍යාපාරික ගමන් බිමන් සඳහා අතිශයින්ම සුදුසු වේ. මෙම රථයේ තම අවශ්‍යතාවය පරිදි ආසන සකස් කරගත හැකි අතර, තෙවන ආසන පේළිය නැවීමෙන් ගමන් මලු තැබීමේ ඉඩකඩ ලීටර් 137 සිට ලීටර් 498 දක්වා විශාල ලෙස වැඩි කරගත හැකිය. 1.5-litre Dual VVT-i එන්ජිම සහ D-CVT ගියර් පද්ධතිය මගින් ලීටරයකට කිලෝමීටර 22.0ක් දක්වා වූ අසමසම ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා දෙයි. එසේම ASEAN NCAP තරු 5ක ආරක්ෂණ සහතිකය, Airbags 6ක්, VSC, ABS, Autonomous Emergency Braking සහ ඉදිරිපස සහ පසුපස අසුන්වල ආසන පටිය පැළඳීමට අවවාද කරන පද්ධතිවලින් යුක්තය.
“Traz සහ Alza රථ ද්විත්වය මෙරටට හඳුන්වා දීම ශ්‍රී ලාංකික වාහන හිමියන්ට තම සිතැඟි පරිදි තෝරාගැනීමට මාදිලි පරාසය පුළුල් කිරීමේ වැදගත් පියවරක්. වර්තමාන පාරිභෝගිකයින් වාහනයේ මිල පමණක් නොව, දෛනික නඩත්තු පිරිවැය අවම කරන ඉන්ධන කාර්යක්ෂමතාවය, ප්‍රායෝගික ඉඩකඩ සහ අලෙවියෙන් පසු ලැබෙන විශ්වාසනීය සේවාව පිළිබඳවත් දැඩි ලෙස සැලකිලිමත් වෙනවා. Traz සහ Alza හරහා අප සපයන්නේ ඒ සියලු අවශ්‍යතාවලට ගැළපෙන පූර්ණ විසඳුම්.
මේ වන විට Perodua වාහන 20,000කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ මාර්ගවල ධාවනය වෙනවා. 2025 වසරේදී වාහන ආනයන සීමා ඉවත් කළ පසු පමණක් අප Perodua වාහන 3,000කට ආසන්න ප්‍රමාණයක් අලෙවි කර තිබීමෙන්ම, පාරිභෝගිකයින් මෙම සන්නාමය කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසය පැහැදිලි වෙනවා. Perodua සතු තාක්ෂණික ශක්තිය සහ යුනයිටඩ් මෝටර්ස් සමාගමේ පුළුල් සේවා ජාලය මෙන්ම පහසුවෙන්ම අමතර කොටස් ලබාගැනිමේ හැකියාව හරහා මෙම විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට අප කැපවී සිටිනවා.”
– චානක යටවර, සමූහ ප්‍රධාන විධායක නිළධාරී, විධායක අධ්‍යක්ෂක – යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී –
Perodua පාරිභෝගිකයින් සඳහා වන ප්‍රදර්ශනාගාර කොළඹ (හයිඩ් පාක් කෝනර්), මහනුවර, කුරුණෑගල, රත්නපුර සහ මාතර යන ප්‍රදේශවල පිහිටා ඇත. එමෙන්ම, අලෙවියෙන් පසු සේවා පහසුකම් හයිඩ් පාක් කෝනර්, ඔරුගොඩවත්ත, රත්මලාන, රත්නපුර, මාතර, මහනුවර, කුරුණෑගල, මඩකලපුව, අනුරාධපුරය සහ යාපනය යන ප්‍රදේශවල පිහිටි බලයලත් සේවා මධ්‍යස්ථාන ජාලය හරහා ලබාගත හැක.
අද වන විට ශ්‍රී ලංකාව තුළ Axia (Hatchback), Bezza (Sedan), Ativa (Turbocharged SUV), Myvi (Hatchback), Aruz (7-seater SUV), Alza (7-seater MPV) සහ Traz (1.5L SUV) යන සියලුම කාණ්ඩයන් නියෝජනය වන පරිදි පූර්ණ Perodua රථ පෙළක් ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවේ.
Perodua රථ පෙළ රුපියල් මිලියන 8.8 සිට රුපියල් මිලියන 20 දක්වා වූ ආකර්ෂණීය මිල ගණන් යටතේ මිලදී ගත හැකි අතර, සියලුම Perodua වාහන සඳහා වසර 5ක් හෝ කිලෝමීටර 150,000ක නිෂ්පාදක වගකීමක් හිමිවේ.
මෙහිදී ප්‍රථම පාරිභෝගිකයින් 50 දෙනා සඳහා, Perodua Traz (Body Kit සහිතව): රු. 19,950,000/- , Perodua Traz (Body Kit නොමැතිව): රු. 19,200,000/-, Perodua Alza: රු. 19,950,000/- යන විශේෂ ආරම්භක වට්ටම් අඩුකල මිල ගණන් යටතේ ලබාගැනීමට අවස්ථාව සලසා දෙන ලදී. වැඩිදුර විස්තර සඳහා දිවයින පුරා පිහිටි Perodua ප්‍රදර්ශනාගාර වෙත පියනගන්න | ක්ෂණික ඇමතුම්: 0117 565 170


