Uber Eats හරහා ඇණවුම් කරන ණයපත් හිමියන්ට HNB වෙතින් ආපසු මුදල්

HNB-Uber Eats promo

වර්ධනය වන සිය ණයපත් හිමි ගනුදෙනුකාර පදනම විසින් Uber Eats ඔස්සේ සිදු කරන සෑම ඇණවුමක් සඳහා ආපසු රුපියල් දෙසීයක ආකර්ෂණීය මුදලක් ලබා දීමේ සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව විසින් හඳුන්වා දී ඇත.

HNB ණයපත් හිමියන්ට Uber Eats යෙදවුම හරහා 2020 ඔක්තෝම්බර් 15 සිට 2021 ජනවාරි 15 දක්වා කාලය තුළ ක‍්‍රියාත්මක වන මෙම ප‍්‍රවර්ධනය භාවිතා කළ හැකිය. කොවිඞ්-19 වසංගතය හේතුවෙන් ඇති වන බාධාවලින් මුදවා ගෙන කාඞ්පත් හිමියන්ට උපකාර කිරීම සඳහා බැංකුව ක‍්‍රියාත්මක කළ තවත් වැඩසටහනක් ලෙස මෙම ප‍්‍රවර්ධනය පෙන්වා දිය හැකිය.

 

 



 

 

”අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ නිවෙස්වල සුවපහසුව හිඳින අතරතුර ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලිය හැකි උපරිම ප‍්‍රතිලාභ ලබා දීමට HNB කැපවී සිටිනවා. කොවිඞ්-19 වසංගතය නිසා බෙදා හැරීමේ මාර්ගවලට බාධා ඇති වුවද, Uber Eats වැනි බෙදාහැරීමේ හවුල්කරුවන් විසින් ජීවිතය හැකි තරම් සාමාන්‍යය තත්වයෙන් පවත්වා ගෙන යා හැකි බව සහතික කර තිබෙනවා,” යනුවෙන් HNB කාඞ්පත් අංශ ප‍්‍රධානී ගෞතමී නිරංජන් මහත්මිය පැවසුවාය.

මෙම ප‍්‍රවර්ධනය භාවිතා කරමින් HNB ණයපත් හිමියන්ට ප‍්‍රවර්ධන කාලය තුළ උපරිම රුපියල් 3000/-ක් දක්වා මුදලක් ආපසු ලබා ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව අවමය රුපියල් 1000/- ක් වන ඇණවුමක් සඳහා රුපියල් 200ක මුදලක් ආපසු ලබා ගැනීමට හැකි අතර එසේ පාරිභෝගිකයෙකුට ලබා ගත හැක්කේ මසකට උපරිම ගනුදෙනු පහක් පමණි.

මීට අමතරව, HNB විසින් සෑම මසකම අවසානයේ දී කාඞ්පත් හිමියන්ගේ ගිණුමට මුදල් බැර කරනු ඇත.

Uber Eats බෙදා හැරීමේ සේවාව මඟින් පරිශීලකයින්ට පුළුල් පරාසයක අවන්හල් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළඳසැල් පිළිබඳව විස්තර ලබා දෙන අතර පරිශීලකයින්ට ආහාර සහ අනෙකුත් සිල්ලර බඩු ආදිය ඇණවුම් කර ඒවා ඔවුන්ගේ නිවසටම ගෙන්වා ගත හැකිය.

වැඩි විස්තර හා සහාය සඳහා, Facebook, Twitter හෝ Instagram හරහා HNB සමඟ සම්බන්ධ වන්න, www.hnb.net වෙත පිවිසෙන්න, නැතහොත් 0112-462462 ඔස්සේ HNB අමතන්න.

 

 

 



 
 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව