TikTok හි නවතම හඳුන්වා දීම වන #BookTok ශ‍්‍රී ලංකාවේ සිටින පොත්පත් වලට ඇළුම් කරන්නන්ගේ ආකර්ෂණය දිනා ගනී

Image 01 (LBN)

 



 

 

පොත්පත් කියවීම, ලිවීම සහ ඒ ආශ‍්‍රිත සෑම දෙයකටම අදාළ සියලූම අන්තර්ගතයන් සඳහා TikTok විසින් හඳුන්වා දෙන නවතම හෑෂ්ටැගය ලෙස #BookTok හැඳින්විය හැකිය. TikTok හි BookTok ගෝලීය වශයෙන් බිලියන 134 කට අධික නැරඹීම් වාර සහිතව TikTok වේදිකාවෙහි වඩාත්ම ජනප‍්‍රිය හෑෂ්ටැගයක් ලෙස පෙරමුණ ගෙන සිටියි. TikTok හි මිලියන ගණනක් වූ පරිශීලකයින් සමඟ, #BookTok පොත්පත්වලට දැඩි ලෙස ඇළුම් කරන්නන්ට ඔවුන්ගේ කියවීම පිළිබඳ විචාරාත්මක අදහස් බෙදාහදා ගැනීමට සහ ප‍්‍රියතම මාතෘකා පිළිබඳ සාකච්ඡුා කිරීමට මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත.

ආකර්ෂණීය ලෙස රචනා කිරීමේ උපක‍්‍රම, ජනප‍්‍රිය නවකතා ප‍්‍රතිනිර්මාණය කිරීම් සහ තවත් බොහෝ දේ සමඟින්, TikTok හි මෙම නවතම හඳුන්වා දීම සාහිත්‍යය රස විඳීමට අන් අයව දිරිමත් කරයි. #BookTok ප‍්‍රජාව 2020 මුල් භාගයේ සිට TikTok හි සිටින නමුත් 2020 මාර්තු මාසයේදී නිවසේ සිට වැඩ කිරීමට පටන් ගැනීමත් සමඟ මෙම හෑෂ්ටැගයේ පිබිදීමක් දක්නට ලැබුණි. පරිශීලකයින් විනෝදාස්වාදය සහ #BookTok නිර්දේශ සොයා ගැනීම සඳහා TikTok වෙත යොමු වූ අතර, මෙම යෙදවුම හරහා කියවීමේ ආශාව තවත් උද්දීපනය කිරීමට උපකාරී වේ.

#BookTok මෙතරම් ජනප‍්‍රියත්වයක් අත් කරගැනීමට එක් හේතුවක් වන්නේ ඊට පහසුවෙන් ප‍්‍රවේශ වීමට ඇති හැකියාවයි. කෙටි වීඩියෝ මගින් පරිශීලකයින්ට නව මාතෘකා සහ කතුවරුන් පිළිබඳ ඉක්මනින් සොයා ගැනීමට ඉඩ සලසනු ලබන අතර කියවීම සඳහා මෙම හෑෂ්ටැගය වටා ජනතාව එක්රොක් කරයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස #BookTok තව තවත් පාඨකයන් හා සම්බන්ධ වීමට මෙන්ම ඔවුන්ගේ සාහිත්‍යකාමී අදහස් බෙදා ගැනීමට ද මාර්ගයක් වී ඇත.

TikTok, අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකාවලට වඩා, පුළුල් පරාසයක විසිරුනු නිර්මාණකරුවන් සහ ඒ හා සමාන අන්තර්ගතයන් සඳහා උනන්දුවක් දක්වන පරිශීලකයින් සමඟ සම්බන්ධ කරයි. මෙම වේදිකාවේ පළ කර ඇති අන්තර්ගතයේ සරල බව නිසා ග‍්‍රන්ථ බ්ලොග්කරුවන්ට ඒ සමඟින් සම්බන්ධ වෙමින් ඒ තුළ කටයුතු කිරීමට පහසු වේ.

#BookTok දැන් ශ‍්‍රී ලංකාවේ TikTok හි පොත්, කියවීම, ලිවීම සහ ඒ ආශ‍්‍රිත සියල්ලට අදාළ සියලූම අන්තර්ගතයන් සහිත හෑෂ්ටැගය වේ. පොත් විශ්ලේෂණයන්, ලිවීමේ උපක‍්‍රම, ජනප‍්‍රිය නවකතාවල ප‍්‍රතිනිර්මාණය කිරීම් සහ තවත් බොහෝ දේ සමඟින්, TikTok හි #BookTok සාහිත්‍යය රස විඳීමට අන් අයව දිරිමත් කරයි. මෙම නැඹුරුව විවිධ පරාසයක පොත්පත් සහ කතුවරුන් ප‍්‍රවර්ධනය කිරීමට ද උපකාරී වී ඇති අතර, සෑම තරාතිරකම පුද්ගලයන්ට සාහිත්‍යය පරිශීලනය කිරීමට වඩාත් පහසුවෙන් ප‍්‍රවේශ වීමට හැකියාව ලබාදෙයි.

#BookTok හරහා පාඨකයින් සහ කතුවරුන් සෘජුවම සන්නිවේදනයේ යෙදෙමින් එකිනෙකා සමඟ අදහස් හුවමාරු කිරීමට අවස්ථාව ලබාදෙන අතර ඒ තුළින් ඔවුන් දැනුම, අදහස් බෙදාහදා ගනිමින් පොත් පත් විචාරය කරනු ලබයි. මෙම වේදිකාව හරහා ඔවුන් සොයා ගන්නා පොත් වර්ග ගැන පුද්ගලයින් උනන්දු වන නිසා, මෙම ප‍්‍රජාව නව පාඨකයන් ආකර්ෂණය කර ගැනීමට ද සමත් වී ඇත.

එහි ජනප‍්‍රියත්වය ඉහළයත්ම, #BookTok ශ්‍රී ලංකාවේ සාහිත්‍යය ඉහළ නැංවීමටත් මෙරට ප‍්‍රවීණ ලේඛකයින් සහ කවියන්ගේ කවි, වැදගත් නවකතා සහ සම්භාව්‍ය කථා ලොව පුරා ඔසනඔදන ප‍්‍රජාවන් සමඟ බෙදාහදා ගැනීමට කේන්ද්‍රස්ථානයක් ලෙස ද කටයුතු කරනු ඇත.

මෙම ප‍්‍රවණතාවය අඛණ්ඩව ව්‍යාප්ත වන බැවින්, එය වැඩි පිරිසක් තුළ කියවීමේ පිපාසය ඇති කරන බවට සැකයක් නැත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව