Sysco LABS විසින් ගෝලීය ආහාර සේවාවේ ප්‍රමුඛයා වන Sysco හි නවෝත්පාදන වර්ධනයට සහය දෙයි.

download (2)

 




 

 

Sysco Corporation හි නවෝත්පාදන අංශය වන Sysco LABS Sri Lanka, නවීන තාක්‍ෂණික විසඳුම් ලබා දීමට එහි ගෝලීය ආහාර සේවා ප්‍රමුඛයාගේ වර්ධනයට සහ සාර්ථකත්වයට දායක වීමට අඛණ්ඩව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. 2021 වසරේ ජූනි මාසයේදී Fortune 500 ලැයිස්තුවේ 60 වැනි ස්ථානයට පත්ව ඇති Sysco, මෙම වසර ආරම්භයේදී එළිදක්වන ලද උපායමාර්ගික දියුණුව සඳහා එහි ක්‍රියාපිළිවෙල ලබා දෙමින් හොඳින් ස්ථානගත වී ඇත.

Sysco LABS විසින් නවීනත්වයෙන් යුත් විසඳුම් තනා දෙමින් Sysco හි ගමන් මගෙහි ආහාර සේවා කර්මාන්තය පරිවර්තනය කිරීම, e-Commerce, Supply Chain and Merchandising, Infrastructure Design & Delivery, Corporate Technology, International Operations, Commercial Technology and Customer Experience ආදී අංශවලින් සහාය ලබා දෙමින් සිටියි.

Sysco LABS තාක්‍ෂණික නවෝත්පාදන ක්ෂේත්‍රයන් තුළ අඛණ්ඩව ඉදිරියෙන්ම සිටින බවට පිළිගෙන ඇත. වසංගතය හමුවේ එල්ල වූ අභියෝගවලින් නොසැලී Sysco හි වර්ධණීය ඉදිරි දැක්මට අනුකූලව, Sysco LABS ගෝලීය මට්ටමෙන් ශ්‍රී ලාංකීය දක්ෂතා ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් සවිබලය ලබාදුන් ඉහළ මට්ටමේ දක්ෂයින් ආකර්ෂණය කර ගැනීමට සහ ඔවුන් රඳවා තබා ගැනීමට අඛණ්ඩව කටයුතු කරමින් ඇත.

Sysco LABS Sri Lanka කළමණාකාර අධ්‍යක්ෂක සහ ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ශනිල් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසිය. ”ආහාර සේවා ගමන් මග සංකීර්ණ වන අතර ඒ සඳහා සෑම අවස්ථාවකදීම අති නවීන තාක්ෂණය අවශ්‍ය වේ. Sysco ආහාර සේවයේ අනාගතය නිර්වචනය කරමින් සිටින බැවින්, Sysco LABS හි අප විසින් සමාගමේ මූල්‍ය සාර්ථකත්වයට අවශ්‍යතා සපයමින් Sysco හි පාරිභෝගිකයින්ට ඉහළ පාන්තික ඩිජිටල් අත්දැකීමක් ලබාදීම සහතික කිරීම වෙනුවෙන් ප්‍රමුඛ දායකත්වයක් දැක්වීම ගැන ආඩම්බර වෙනවා.”

Sysco LABS Sri Lanka හි කණ්ඩායම් හැකියාවන් පිළිබඳ විශ්වාසය තහවුරු කරමින් සමාගම විසින් ලොව පුරා සිටින Sysco හා සම්බන්ද වූවන්ට සහය ලබා දෙන අති නවීන තාක්ෂණික මෙහෙයුම් මධ්‍යස්ථානයක් මෑතකදී විවෘත කරන ලදී.

Sysco සිය ගෝලීය නායකත්වයේ පිහිටීම වේගවත් කිරීම සඳහා සහාය ලබා දෙන අතරතුර Sysco LABS විසින් රටෙහි අපනයන ආදායමට මෙන්ම තාක්ෂණික පුරෝගාමී කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ ජාතික අභිලාෂය සඳහා ද ප්‍රධාන දායකයෙකු බවට පත්ව ඇත.

වැඩිදුර තොරතුරු :

  • සිව්වන කාර්තුව සහ 2021 මූල්‍ය වර්ෂයේ ප්‍රවෘත්ති නිවේදනය.
  • FY2021 වාර්ෂික වාර්තාව.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව