Sysco LABS විසින් ‘Share a Meal, Share a Moment’ වැඩසටහනේ 5 වන අදියර සම්පූර්ණ කරයි

Image 1 (1) (1) (LBN Fill)

 



 

 

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය හරහා 35,000කට වඩා වැඩි පිරිසක් පෝෂණය ලබා ඇත.

Sysco LABS Sri Lanka විසින් අඩු ආදායම් ලාභී හා වරප්‍රසාධ නොලත් ප්‍රජාවන්ගේ ආහාර සහ පෝෂණ අවශ්‍යතා සඳහා සහාය ලබා දෙමින් ‘Share a Meal, Share a Moment’ යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන සිය ප්‍රමුඛ සමාජ සත්කාර වැඩසටහනෙහි 5 වන අදියර පසුගියදා අවසන් කරනු ලැබීය. එම අදියර ගාල්ල දිස්ත්‍රික්කයට අයත් බෙන්තර, බලපිටිය, අම්බලන්ගොඩ සහ කඩවත් සතර යන ප්‍රදේශයන්හිදී  ක්‍රියාත්මක වූ අතර එම ප්‍රදේශවල පවුල් සඳහා වියළි සලාක සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් භාණ්ඩ ප්‍රදානය සිදු කෙරිණි.

අභියෝගාත්මක සමාජ ආර්ථික තත්ත්වයන් හේතුවෙන් වඩාත් පීඩාවට පත් වූ පුද්ගලයින් සඳහා ආහාර පාර්සල් සහ ආහාර මලු සපයමින් ‘Share a Meal, Share a Moment’ වැඩසටහන 2020 වසරේ දී ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන හරහා අද වන විට කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්කවල 35,000 කට වැඩි පිරිසක් පෝෂණය ලබා ඇත. Sysco LABS විසින් මෙම වැඩසටහනෙහි ඉදිරියෙදී පවත්වනු ලබන අදියරවලදී අනෙකුත් ග්‍රාමීය දිස්ත්‍රික්කවල අඩු ආදායම් ලාභී හා වරප්‍රසාධ නොලත් ප්‍රජාවන් වෙත ළඟා වීමට අපේක්ෂාකර ඇත.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් Sysco LABS හි සහකාර අධ්‍යක්ෂ ගැවී පෙරේරා මෙසේ පැවසීය. ” Share a Meal, Share a Moment වැඩසටහන කියන්නේ අපේ හදවතට ඉතා සමීප ව්‍යාපෘතියක්. මෙය අඩු ආදායම් ලාභී හා වරප්‍රසාධ නොලත් ප්‍රජාවන්ට ඔවුන්ගේ කඩිනම් පෝෂණ අවශ්‍යතා සඳහා උපකාර කිරීම වෙනුවෙන් ආරම්භ කරපු ව්‍යාපෘතියක්. හඳුනාගත් ප්‍රජාවන් වෙත ආහාර ලබා දීම වෙනුවෙන් සමාගම සෑම මොහොතකම උපරිමයෙන් ක්‍රියා කරනවා. ඒ වගේම අප හා සම්බන්ධ විවිධ පාර්ශව විසින් ද මේ සඳහා උපරිම ආකාරයෙන් ඔවුන්ගේ පෞද්ගලික අරමුදල් පරිත්‍යාග කරනවා. මේ වසරේ දී පවතින විවිධ අභියෝගයන් හමුවේ වුවද, කොළඹින් පිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා. එමෙන්ම ඉදිරියේදී රටේ අනෙකුත් දුෂ්කර ප්‍රදේශවල සිටින ප්‍රජාවන් වෙත ළඟා වීමට අප බලාපොරොත්තු වෙනවා.”

Sysco හි ගෝලීය ප්‍රජාවන් හරහා අවශ්‍යතා ඇති පිරිස් වෙත උපකාර කිරීම අරමුණු කරගත් ‘Share a Meal Share a Moment’ මුලපිරීම Sysco හි ‘200 million meals’ තිරසාර අරමුණ ඇතිව ක්‍රියාත්මක වේ.

Sysco හි ගෝලීය වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් Sysco LABS හි අලෙවි අධ්‍යක්ෂිකා කුෂානි කල්පගේ මෙසේ පැවසුවාය. ”ලෝකයේ විශාලතම ආහාර සේවා සමාගමක නවෝත්පාදන මධ්‍යස්ථානය වශයෙන් ප්‍රජාවන් පෝෂණය කිරීමේ  කාර්යය අපගේ හද පතුලෙන්ම ඉටු කරන නිසා අප හට ඉදිරි පැවැත්මක් තිබෙනවා.ආහාර බෙදා ගැනීමට සහ එකිනෙකා  රැකබලා ගැනීම වෙනුවෙන් ලෝකය එක් කිරීමේ, අපගේ උදාර අරමුණ ඇතිව අවශ්‍යතා පවතින පවුල්වලට උපකාර කිරීම සඳහා අපි ‘Share a Meal Share a Moment’ වැඩසටහන ආරම්භ කළා. එය විවිධ දුෂ්කරතාවයන්ට මුහුණදෙන ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා අප සියලු දෙනාම දැඩි උනන්දුවකින් යුතුව සහ අපගේ අනෙකුත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිවලට සමගාමීව ක්‍රියාත්මක වන වැඩසටහනක්. අපගේ ප්‍රජාවන් රැකබලා ගැනීමට සහ ඔවුන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා අපගේ සම්පත් තීව්‍ර කර ගැනීමට අපි කැපවී සිටිනවා.”

Sysco LABS හි ‘Share a Meal Share a Moment’ වැඩසටහනෙහි මුල් අදියරයන් පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට syscolabs.lk/csr වෙත පිවිසෙන්න.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine − two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව