Sysco LABS 2020 SLASSCOM ජාතික දක්ෂතා සම්මාන උළෙලේදී ‘අභ්‍යන්තර ක්‍රියාවලිය සඳහා වන හොඳම නවෝත්පාදන’ අංශයෙන් ජය ලබයි.

Sysco - SLASSCOM pic

 




 

2021 SLASSCOM ජාතික දක්ෂතා සම්මාන උළෙලේදී ‘අභ්‍යන්තර ක්‍රියාවලියේ හොඳම නවෝත්පාදන’ අංශයේ බස්නාහිර පළාත සඳහා වන සම්මානය වෙනුවෙන් Sysco LABS පසුගිය මැයි 21 වැනිදා නම් කෙරිණි. එම ගෞරවනීය සම්මානය Sysco Unified Test Automation Platform (SUTAP) කණ්ඩායම විසින් දිනාගනු ලැබිණි.

SUTAP යනු පොදු අත්හදා බැලීම් සඳහා සංවිධානය පුරාම භාවිතා කළ හැකි පරිදි Sysco LABS විසින් අභ්‍යන්තර වශයෙන් නිර්මාණය කරන ලද වේදිකාවක් වේ. මෙය සිදු කර ඇත්තේ අත්හදා බැලීම් ප්‍රමිතිකරණයට හා ඒවා ඒකාබද්ධ කිරීමටත් විවිධ පාර්ශවකරුවන්ට පහසුවෙන් වාර්තා වෙත ප්‍රවේශ වීම පහසු කිරීම සහ උපකරණ පුවරු සරලව තේරුම් ගැනීමටත් ය. මෙම වේදිකාව විවෘත-මූලාශ්‍ර තාක්‍ෂණය භාවිතා කිරීමෙන් ගොඩනගා ඇති අතර, එය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 1කට වඩා ඉතිරි කර ඇත.

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී 2021 මාර්තු 31 වන දින පැවති SLASSCOM සංවිධානය කළ මෙම සම්මාන උළෙලේදී SUTAP කණ්ඩායම වෙනුවෙන් තත්ත්ව ඉංජිනේරු ප්‍රධානී – රිෆාඩ් මොහොමඩ් විසින් මෙම සම්මානය බාරගනු ලැබිණි.

නිෂ්පාදන ඉංජිනේරු, ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය හෝ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම සහ ආශ්‍රිත සිදුවීම් යන අංශවලට අදාළ නිෂ්පාදන ඉංජිනේරු විද්‍යාවේ කැපී පෙනෙන විසඳුම් සහ සේවාවන් හඳුනා ගනිමින්, ශ්‍රී ලංකාවේ තාක්‍ෂණික නවෝත්පාදන හා නවෝත්පාදකයින් ඇගයීමට මෙම තාක්ෂණ සම්මාන උලෙළ පැවැත්වුණ අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තියවේදීහු මෙම සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ. කර්මාන්ත හා ජාල පිළිබඳව සිය දැනුම ඔවුහු බෙදා ගත්හ.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව