
Sysco LABS පසුගියදා SLIIT CODEFEST 2024: ‘AI Sprint’ තරගාවලියට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදීම සඳහා SLIIT (Sri Lanka Institute of Information Technology) සමග අත්වැල් බැඳගත්තේය. මෙම තරගය සිසුන්ට තම AI තාක්ෂණික හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට මෙන්ම, ක්ෂේත්රයට අදාළ සංකීර්ණ ගැටලු සඳහා ප්‍රායෝගික විසඳුම් යෝජනා කිරීමට ලැබුණු මහඟු අවස්ථාවක් විය. මෙවර තරගයේදී ඉතිහාසයේ ප්‍රථම වරට Sysco LABS විසින් AI තාක්ෂණය මූලික කරගත් තේමාවක් හඳුන්වා දෙන ලදී. එහිදී තරග වැදුණු කණ්ඩායම්වලට ඩොලර් ට්‍රිලියනයකට අධික වටිනාකමකින් යුත් Sysco ගෝලීය ආහාර සේවා කර්මාන්තයට අදාළ අභියෝග විසඳීම සඳහා AI තාක්ෂණය මූලික කරගත් විසඳුම් නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදෙන ලදි.
SLIIT CODEFEST 2024: ‘AI Sprint’ තරගයට එක් කණ්ඩායමකට 10 දෙනෙකු බැගින් වන කණ්ඩායම් 156 ක් ලියාපදිංචි වී සිටි අතර, ඒ අතරින් කණ්ඩායම් 19 ක් අවසන් වටයට සුදුසුකම් ලැබූහ. තරගයේ අවසන් වටය SLIIT විශ්ව විද්‍යාලයේදී පැවැත්විණි. මොරටුව විශ්ව විද්‍යාලයේ කණ්ඩායම් 7 ක්, SLIIT කණ්ඩායම් 5 ක්, රුහුණ විශ්ව විද්‍යාලයේ කණ්ඩායම් 3 ක්, IIT කණ්ඩායම් 2 ක්, කොළඹ විශ්ව විද්‍යාලයේ එක් කණ්ඩායමක් සහ NSBM එක් කණ්ඩායමක් අවසන් වටයට සුදුසුකම් ලැබීමට සමත් වූහ. Hackathon ආකෘතියකට අනුව තරග පැවැත්වුණු අතර, Sysco LABS හි විශේෂඥයන් විසින් තරගකරුවන්ට මගපෙන්වීම් සිදුකරන ලදි.
“තාක්ෂණ ක්ෂේත්රය යනු ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන ප්‍රධානතම මූලාශ්‍රවලින් එකක් බවට පත්වෙමින් තිබෙනවා. මෙම ක්ෂේත්රය ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රයක් බවට පත්කිරීමේ උත්සාහය බලගන්වනු ලබන්නේ එහි සාමාජික සාමාජිකාවන් විසිනුයි. මේ වන විට තාක්ෂණ ක්ෂේත්රයේ AI පෙරළිය සීග්‍රයෙන් සිදුවෙමින් තිබෙනවා. මෙම නව දිශානතිය හොඳින් වටහාගෙන සිටින නිසාම අප මෙවර SLIIT CODEFEST තරගය AI තාක්ෂණය මූලික කරගෙන පැවැත්වීමට තීරණය කළා. මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ තාක්ෂණ ක්ෂේත්රයේ මීළඟ පරපුර ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ ආරම්භක අවධියේදීම AI තාක්ෂණයට සහ අනෙකුත් නැගී එන තාක්ෂණයන්ට වැඩි වැඩියෙන් නිරාවරණය කිරීම ඉතාමත් වැදගත්. එමගින් අපට සමස්තයක් ලෙස මෙම ක්ෂේත්රයේ ගෝලීය තරගකාරීත්වය ඉහළ නැංවීමට හැකියාව ලැබෙනවා. මෙම තරගකරුවන් දිගින් දිගටම AI තාක්ෂණයේ හැකියාවන් ගවේෂණය කරනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.” Sysco LABS කළමනාකාර අධ්යක්ෂ රසික කරුණාතිලක මහතා පැවසීය
අවසන් තරගයේදී ‘Shark-tank’ තේමාව මුල් කරගත් ඉසව්වකදී තම යෝජනා ජ්‍යෙෂ්ඨ Sysco LABS විශේෂඥයන් 6 දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කිරීමට තරගකරුවන්ට අවස්ථාව ලැබිණි. තරගයේ ප්‍රථම ස්ථානය NSBM ආයතනයේ Team CTRL විසින් දිනාගන්නා ලද අතර, රුහුණු විශ්ව විද්‍යාලයේ Team Inception විසින් දෙවැනි ස්ථානයද, IIT ආයතනයේ AI Alchemists සහ SLIIT ආයතනයේ Team Data Wizards විසින් සම-තුන්වැනි ස්ථානද දිනාගන්නා ලදි.
“තරගකරුවන් සියලුම දෙනා තරගය සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දැක්වීම අපට මහත් සතුටක්. මෙය සැලසුම් කළේ තරගකරුවන්ට තම AI දැනුම වැඩි කරගනිමින් එම තාක්ෂණය ප්‍රායෝගික විසඳුම් නිර්මාණය කිරීමට භාවිතා කරන අතරම Sysco LABS හි තාක්ෂණ විශේෂඥයන් සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාවක් උදා කර දීමටයි. Sysco LABS යනු ඩොලර් ට්‍රිලියනයකට අධික වටිනාකමකින් යුත් ආහාර සේවා කර්මාන්තයට සම්බන්ධ සමාගමක්. අපගේ විශේෂඥයන් දිනපතාම සැබෑ ලෝකයේ පවතින ගැටලු විසඳීමට AI තාක්ෂණය භාවිතා කරනවා. අප විශ්වාස කරන්නේ, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ශ්‍රම බලකායට ඇතුළු වන මොහොත වන විටම AI තාක්ෂණය පිළිබඳ දැනුම මෙන්ම එම තාක්ෂණයට ගැළපෙන ආකල්පද ඔවුන් තුළ වර්ධනය වී තිබිය යුතු බවයි. අප SLIIT CODEFEST 2024: ‘AI Sprint’ සමග අත්වැල් බැඳගත්තේ ඒ නිසයි. මෙය ශ්‍රී ලංකාවේ තාක්ෂණ කර්මාන්තයේ ආදායම් ඉපයීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා AI කුසලතා වැඩිදියුණු කිරීමට අප ගන්නා උත්සාහයේම දිගුවක් ලෙස හඳුන්වීමට පුළුවන්.” Sysco LABS හි අධ්යක්ෂ (Engineering and Architecture) නිශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසී ය.