Sysco LABS වෙතින් අනාගත පරපුර සවිබල ගැන්වීම වෙනුවෙන් Educate Lanka Foundation සමඟ හවුල්කාරිත්වය ගොඩනගයි.

EL PR-01 (1)

 




 

 

-Youth Change Agent වැඩසටහනට උපදේශන සේවා ලබා දෙමින් දායකත්වය ලබා දෙයි-

ලොව ගෝලීය ආහාර සේවාවේ  ප්‍රමුඛයා වන Sysco හි නවෝත්පාදන අංශය වන Sysco LABS Sri Lanka ජාත්‍යන්තරව පිළිගත් Educate Lanka Foundation (ELF) සමඟ සිය වසර පහකට ආසන්න හවුල්කාරිත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින් අධ්‍යාපනයක් හැදෑරීමේ වරම් නොලබන තරුණ පරපුර සඳහා අවස්ථා විවෘත කර දෙමින් ඔවුන් ගෝලීය වශයෙන් දැනුම්වත් හා සවිඥානික පුද්ගලයින් පිරිසක් බවට පත්කිරීම වෙනුවෙන් කැපවී සිටී.

2007 වසරේදී  ආරම්භ කරන ලද ELF හි අරමුණ වන්නේ ගුණාත්මක හා සාධාරණ ඉගෙනුම් අවස්ථා සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික වශයෙන් වරප්‍රසාද නොලත් දරුවන් සහ තරුණ පිරිස් සවිබල ගැන්වීමයි. ELF හි මෙහෙවර වී ඇත්තේ සම වයස් මට්ටමේ දිගු කාලීන ක්ෂුද්‍ර ශිෂ්‍යත්ව පිරිනැමීම, ඉලක්කගත උපදේශනය සහ තරුණ තරුණියන්ගේ කුසලතාවන් අනාගත ශ්‍රම බලකාය තුළ ඔප්නැංවිය හැකි ලෙස සකස් කිරීම මතය.

එක්සත් ජනපද (US) තානාපති කාර්යාලය සහය දක්වන ELF හි Youth Change Agents වැඩසටහන සමඟ Sysco LABS මෙම වසරේදී සහයෝගයෙන් කටයුතු කරනු ලැබූ අතර එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන දිස්ත්‍රික්ක පහක විවිධ ප්‍රජාවන් නියෝජනය කරනු ලබන තරුණ ශිෂ්‍ය නායකයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් උනන්දු කළේය. මෙම වැඩසටහන මඟින් වෘත්තීමය වශයෙන් කුසලතා පුහුණුකරුවන්, ආයතනික පුහුණුකරුවන්, හවුල්කරුවන් සහ ගෝලීය සම වයසේ මිතුරන් සමඟ ඉගෙනුම් සම්පත් වලින් සන්නද්ධ කිරීමට සහ මාර්ගගත වේදිකාවක් හරහා ඔවුන්ගේ නායකත්ව ගුණාංග එළිදැක්වීම අරමුණු කෙරේ. ඒ මඟින් ඔවුන්ගේ ප්‍රදේශවල ප්‍රජාවන්ගේ ගැටලු විසඳීම සඳහා තිරසාර විසඳුම් සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට ඔවුන්ව බල ගැන්වෙනු ඇත.

ඉදිරි පරපුර සවිබල ගැන්වීම වෙනුවෙන් සාඩම්බරව ඉදිරිපත්වන්නෙකු ලෙස Sysco LABS විසින් මාර්ගගත උපදේශන සැසියක් පවත්වමින් ‘සැලසුම් නොකරනලද අවස්ථාවන් තුළ – අවිනිශ්චිතතා සැකසීම සහ කළමනාකරණය’, එහි මූලාශ්‍ර, උපකල්පන සහ බාහිර සාධක ඇතුළත්ව අවදානම් කළමනාකරණ ක්‍රියාවලීන් පිළිබඳ දැනුම ලබා දීමයි.

මෙම සැසිය මඟින් යම්කිසි ව්‍යාපෘතියකදී හෝ පෞද්ගලික වෑයමකදී ‘නොපෙනෙන’ සහ ‘අනපේක්ෂිත’ දේ නිරීක්ෂණය කර ගණනය කරන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම සහ අවදානම් වලදී  ඇතිවන සංකීර්ණතාව පිළිබඳව සාකච්ජා කළේය. සාර්ථකත්වය, තිරසාරභාවය සහ බලපෑම උපරිම කිරීම සඳහා සහභාගීවන්නන්ට ‘ප්‍රක්ෂේපන’, ‘උපකල්පන’ සහ ‘අවදානම්’ පිළිබඳ මූලික කරුණු ඉගැන්විය. මෘදුකාංගයේ ගුණාත්මකභාවය සහතික කිරීමේ මූලික කරුණු සහ මෘදුකාංග පරීක්‍ෂණයේ ඇති  වැදගත්කම, කේතකරණය සහ එවැනි වෘත්තියක් සඳහා අවශ්‍ය කුසලතා මෙම සැසිය මඟින් තවදුරටත් ආවරණය කරනු ලැබීය.

Sysco LABS Sri Lanka හි ව්‍යාපෘති කළමනාකරු සහ ස්වෙච්ඡා සේවකයෙකු වන ෂෝන් ලී පැවසුවේ, “අප පළමුව සිසුන්ට අසීමිත අනාගතයක් වැළඳ ගැනීමට සහ ඔවුන්ගේ ඉගෙනීම තුළින් තමන්ට ලබා ගත හැකි දේ දැකීමට උනන්දු කරවිය යුතුයි. Sysco LABS හා Educate Lanka Foundation සමඟ ඇති අපේ හවුල්කාරිත්වය හරහා  නූතන ශ්‍රම බලකායේ සාර්ථකත්වයට අවශ්‍ය මූලික කුසලතා දියුණු කර ගැනීමට තොරතුරු හා සම්පත් හුවමාරු කර ගැනීමෙන් මෙම තරුණයින්ට උපකාර කරනවා යන්නයි.”

Sysco LABS Sri Lanka හි ව්‍යාපාරික උපදේශිකාවක වන හසිනි අධිකාරි මෙම වැඩසටහන පිළිබඳව මෙසේ අදහස් පවසන්නීය. “මෙම ක්‍ෂේත්‍රයන්හි වෘත්තියක් ගොඩනඟා ගත හැක්කේ කෙසේදැයි යන්න පිළිබඳව බොහෝ තරුණයින් තුළ පවතින අවිනිශ්චිත බව හේතුවෙන් තාක්‍ෂණික කර්මාන්ත වලට අවතීර්ණ වීමට ඔවුන් බියක් දක්වනවා. මෙම සැසිය හරහා Educate Lanka Foundation සමඟ හවුල් වී, ඔවුන්ගේ ගැටලු කිහිපයකට පිළිතුරු ලබා දීමට අපට හැකියාව ලැබුණා. රැකියා සූදානම පිළිබඳ උපදෙස් ලබා දීමට සහ වෘත්තීයමය අවකාශයක් තුළ ක්‍රියාත්මක වීම පිළිබඳව අවබෝධයක් ලබා දීමට අපට හැකි වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, අනාගතය සඳහා දියුණු වන විශ්වාසයෙන් හා කුසලතාවයෙන් හෙබි නව යෞවන පරපුරක් ගොඩනැගීමේ හා ඔවුන් දිරිමත් කිරීමේ කොටස් කරුවෙකු වීමේ වරප්‍රසාදය අපට ලැබී තිබෙනවා.”

Educate Lanka Foundation හි ආරම්භක විධායක අධ්‍යක්‍ෂ මංජුල දිසානායක මෙසේ පැවසීය. “අපගේ Youth Change Agent වැඩසටහන මඟින් අපේක්‍ෂා කරන තරුණ නායකයින් පුහුණුව සහ මඟ පෙන්වීම හරහා තමන් ගැන මෙන්ම සමාජය ගැන මනුෂ්‍යත්වය, පරිසරය සහ ලෝකය ගැන සවිඥානිකව ක්‍රියාශීලි සහ සංවේදී හැඟීම් ඇති කරවන්නන් බවට පත් කිරීම අවශ්‍යයි. මෙම වසර තුළදී Sysco LABS සමඟ කටයුතු කිරීමත්,මෙම වැඩසටහන සඳහා ඔවුන්ගේ මුලපිරීම සහ සහයෝගීතාවය අඛණ්ඩව ලැබීම ගැන අප සතුටු වෙනවා. එහිදී ඔවුන්ගේ කාලය, කුසලතා සහ ප්‍රවීණතාවයන් ලබාදෙමින් අපේ තරුණ තරුණියන්ට බලාපොරොත්තුව හා ආශ්වාදය ගෙන දුන් අතර ඔවුන්ගේ හැකියාවන් සොයා ගැනීමට සහ කුසලතා ඔප්නැංවීමට ලබා දුන් සහයෝගය අප අගය කරනවා.”

Educate Lanka Foundation සහ එහි වැඩසටහන් පිළිබඳ වැඩි විස්තර එම පදනමේ අධ්‍යක්‍ෂක ධනු අමරසිංහ dhanu@educatelanka.org හෝ වැඩසටහන් උපදේශකත්ව කළමනාකාරිනී සීවලී රත්නකාර seevali@educatelanka.org යන විද්‍යුත් ලිපිනයන් මඟින් ලබා ගත හැකිය.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + thirteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව