ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ්, 2026 වසරේ ශ්‍රී ලංකාවේ අංක 1, වඩාත් ආදරණීයම (Most Loved) සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස ඇගයීමට ලක්වේ

number01general10x4Sinhala1_page-000111

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ විශ්වසනීය ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General), 2026 වසරේ ශ්‍රී ලංකාවේ අංක 1 වඩාත් ආදරණීයම (Most Loved) සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස ගෞරව ඇගයීමට පාත්‍ර වී ඇත.

LMD – The Voice of Business සඟරාව මගින් පිරිනමන ලද මෙම ගෞරව ඇගයීම තුළින්, පාරිභෝගිකයින් SLIC General කෙරෙහි අඛණ්ඩව දක්වන දැඩි විශ්වසනීයත්වය, පිළිගැනීම සහ දිගු කාලීන සබඳතාව මනාව පෙන්නුම් කරයි. එමෙන්ම ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ජනතාවගේ ජීවිත සහ ව්‍යාපාර සුරක්ෂිත කිරීම වෙනුවෙන්, විශිෂ්ට සේවා සැපයීම, නවෝත්පාදනය සහ විශ්වසනීයත්වය පවත්වා ගැනීම උදෙසා සමාගම විසින් දක්වනු ලබන අසමසම කැපවීම පිළිබඳව ද මේ තුළින් මනාව තහවුරු වේ.




රක්ෂණ ක්ෂේත්‍රය තුළ සිය ප්‍රමුඛස්ථානය අඛණ්ඩව පවත්වාගෙන යමින්, දිවයින පුරා සිටින ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට, ප්‍රජාවන් සවිබල ගැන්වීමට සහ විශ්වසනීය රක්ෂණ විසඳුම් ඉදිරිපත් කිරීමට SLIC General නිරතුරුව කටයුතු කරයි. එමෙන්ම, මෙම ජයග්‍රහණය හරහා සන්නාමය ශක්තිමත් කිරීමට සහ දිගුකාලීන පාරිභෝගික සබඳතා වැඩිදියුණු කිරීමට සාමූහිකව දායකත්වය ලබා දුන් සේවකයින්, අලෙවි කණ්ඩායම්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ පාර්ශවකරුවන්ගේ කැපවීම ද ඇගයීමට ලක් කෙරෙනු ඇත.

මෙම පිළිගැනීම තුළින් රක්ෂණ ක්ෂේත්‍රය තුළ මෙරට සිටින ප්‍රමුඛතම රක්ෂකයා ලෙස SLIC General හට හිමි ස්ථානය තවදුරටත් බලගැන්වෙන අතර, සියලුම පාරිභෝගික සේවා ස්ථාන හරහා ඉහළම ප්‍රමිතීන් පවත්වා ගනිමින් නිෂ්පාදන, සේවා සහ පාරිභෝගික අත්දැකීම් තවදුරටත් වැඩිදියුණු කිරීමට සමාගම කටයුතු කරයි.

වර්තමානය වන විට, මෙම බැඳීම ස්ථාවරව වර්ධනය වී ඇත. ඒ අනුව, 2025 වසරේදී රුපියල් බිලියන 30.3 ක දළ ලිඛිත වාරික ආදායමක් සහ 20.2% ක වෙළඳපොළ ප්‍රතිශතයක් හිමිකර ගනිමින්, ශ්‍රී ලංකාවේ සාමන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ අවිවාදිත වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස SLIC General සමාගම තවදුරත් අඛණ්ඩව රැඳී සිටියි. එම වසර තුළදී, දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ව්‍යසනය හමුවේ, රක්ෂණ ඔප්පුහිමියන් වෙනුවෙන් පෙනී සිටිමින්, රක්ෂණ හිමිකම් සහ ප්‍රතිලාභ වශයෙන් රුපියල් බිලියන 12.3 ක මුදලක් පියවීමට සමාගම කඩිනමින් මැදිහත් විය. එහි මෝටර් රථ රක්ෂණ සන්නාමය වන Motor Plus, මෙරටේ අංක එකේ මෝටර් රථ රක්ෂණකරු ලෙස සිය ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට ද සමත් විය.

ඒ අනුව, Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගමකට පිරිනමනු ලබන ඉහළම මූල්‍ය ශක්තිමත්භාවය පිළිබඳ ශ්‍රේණිගත කිරීම වන ‘A+(lka) National Insurer Financial Strength’ ශ්‍රේණිගත කිරීම මෙම සමාගමට පිරිනමා ඇත. එසේම, Brand Finance ආයතනය විසින්ද SLIC General සමාගම, මෙරටේ අංක 1 වටිනාම සාමාන්‍ය රක්ෂණ සන්නාමය (No. 1 Most Valuable General Insurance Brand) ලෙස ද නම් කර තිබේ.

LMD සඟරාව විසින් වාර්ෂිකව සංවිධානය කරන ‘LMD Most Loved Brands’ හරහා පාරිභෝගික ජනතාව වඩාත් කැමති සහ ඔවුන්ගේ ආකර්ෂණය දිනාගත් සන්නාම ඇගයීමට ලක් කරනු ලබයි. පුළුල් පාරිභෝගික පර්යේෂණ, සන්නාම පිළිබඳව මහජනතාව දක්වන අදහස් සහ වෙළඳපොළ දත්ත මත පදනම්ව, ශ්‍රී ලාංකීය ජනතාවගේ සිත් දිනාගත් සන්නාම මෙසේ ඇගයීමට ලක් කරනු ලබයි.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 − two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව