SLT-MOBITEL වෙසක් මංගල්‍යය නිමිත්තෙන් ඩිජිටල් අවකාශය තුළ ධර්මය පරිශීලනයට අවස්ථාව සලසා දෙයි

SLT Telecom logo (LBN)

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL මෙවර වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සුවිශේෂී QR කේත වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. මෙම වැඩසටහන 2024 මැයි 22 සිට 29 දක්වා ක්‍රියාත්මක වීමට නියමිත අතර, මෙහිදී ලෝටස් පාර, චැතම් වීදිය, කළුතර බෝධිය, බෙල්ලන්විල රජමහා විහාරය, පිලවල විහාරය සහ ගාලු මුවදොර වෙසක් කලාපය යන ස්ථානවල වෙසක් සැරසිලි අතර ඇති වෙසක් කූඩුවල සඳහන් QR කේත ස්කෑන් කිරීම මගින් ත්‍රිපිටකය වෙත පිවිසීමට හැකියාව ලැබේ.

මෙය වෙසක් මංගල්‍යයේ අසිරිය අත්විඳින අතරම උතුම් වූ ධර්මය අවබෝධ කරගැනීමට බැතිමතුන්ට අවස්ථාව සලසා දෙන සුවිශේෂී පියවරක් වනු ඇත.

සම්ප්‍රදායත් තාක්ෂණයත් එක්තැන් කරන මේ සුවිශේෂී වැඩසටහන සමග ඔබත් අත්වැල් බැඳගන්න.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව