SLT-MOBITEL වෙතින් ව්‍යාපාර ඩිජිටල් වශයෙන් සවිබල ගන්වන ‘mRetail’

Picture1 (LBN)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ පාරිභෝගික වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සැබෑ වෙනසක් ඇතිකිරීමේ අරමුණින් ‘mRetail’ නමින් විශේෂ සේවාවක් හඳුන්වා දී තිබේ. මෙය වෙළෙඳ නියෝජිතයන්ට තම පාරිභෝගිකයන් වෙනුවෙන් උපරිම පහසුවක් සමඟින් වඩාත් විශිෂ්ට අත්දැකීමක් තහවුරු කිරීමට අවස්ථාව සලසා දෙන විසඳුමකි.

Edinborough විසින් පවත්වාගෙන යනු ලබන අලෙවිසැල් ජාලයක් වන Grandeur, මෙම සේවාව භාවිතා කිරීම ආරම්භ කළ මුල්ම ව්‍යාපාර අතරින් එකකි. mRetail මගින් පාරිභෝගිකයන්ට සුරක්ෂිත ලෙස බිල්පත් හා වෙනත් ගෙවීම් සිදුකිරීම සහ, SLT-MOBITEL mCash සේවාව හරහා භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීම ඇතුළු පහසුකම් රාශියක් ලබාගත හැකි වේ.

mRetail සේවාව ලබාගැනීමේදී හිමි වන පහසුකම් අතරට ක්ලවුඩ් තාක්ෂණය භාවිතා වන POS යන්ත්‍ර, mCash Total Digital Banking Payment Gateway විසඳුම්, සන්නාම ප්‍රවර්ධනය සඳහා central management සහිත ඩිජිටල් දර්ශන තිර සහ පාරිභෝගික ළබැදියාවන් (Loyalty) කළමනාකරණ විසඳුම් ඇතුළු පහසුකම් රැසක් ඇතුළත් වේ. එමෙන්ම mRetail සේවාව භාවිතා වන අලෙවිසැල් වලදී SLT-MOBITEL Club Magnet පාරිභෝගිකයන්ට විශේෂ දීමනාද, හිමිවනු ඇත. තවද මෙමගින් සිම්පත් සක්‍රීය කරගැනීමේ ස්වයං-සේවාවක් හරහා පාරිභෝගිකයන්ට ක්ෂණිකව SLT-MOBITEL සම්බන්ධතාව ලබාගැනීමටද අවස්ථාව හිමි වේ.

මේ සියල්ලට අමතරව mRetail භාවිතා කරන පාරිභෝගිකයන්ට කාණ්ඩ මත පදනම් වූ අලෙවිකරණ සේවාවන් සහ mAgents නියෝජිතයන් හරහා සිදුකරන Ecochanelling භාණ්ඩ බෙදා හැරීමේ සේවාවද, ලබාගත හැක.

ශ්‍රී ලංකාවේ පාරිභෝගික වෙළෙඳාම් ක්ෂේත්‍රය විශාල පරිවර්තනයකට ලක්වෙමින් පවතින මෙවන් අවධියක, එම ක්ෂේත්‍රය වඩාත් කාර්යක්ෂම කරන සහ ගෙවන මුදලට උපරිම වටිනාකමක් ලබාදෙන තාක්ෂණයන් හඳුන්වා දීමට SLT-MOBITEL කටයුතු කරමින් සිටී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව