SLT-MOBITEL වෙතින් CIPM International Research Symposium 2023 වැඩසටහනට අනුග්‍රහය

SLT-MOBITEL & CIPM - Image (LBN)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, CIPM International Research Symposium වැඩසටහන පසුගියදා අඛණ්ඩව 3 වන වරටත් අනුග්‍රාහකත්වය ලබාදුන්නේ ය. මෙම පර්යේෂණ සම්මන්ත්‍රණය පැවති 7 වන අවස්ථාව මෙය වන අතර, එය ‘HR House’, අංක 43, විජය කුමාරතුංග මාවත, කොළඹ 05 දරන ස්ථානයේ පිහිටි CIPM ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

‘Transforming the Future of Work’ යන තේමාව යටතේ පැවති මෙම සම්මන්ත්‍රණයට දෙස් විදෙස් වෘත්තිකයන්, විද්වතුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ නව දැනුම හුවමාරු කරගනිමින්, ඒ සම්බන්ධ නව ප්‍රවේශයන් ගවේෂණය කිරීම සඳහා වෘත්තිකයන්ට සහ පර්යේෂකයන්ට පොදු වේදිකාවක් ලබාදීම මෙහි මූලික අරමුණ විය. එමෙන්ම CIPM ආයතනයේ සහ රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාලවල විද්‍යාර්ථීන් ඇතුළු විවිධ ආයතනවලට සම්බන්ධ පර්යේෂකයන් සහ මානව සම්පත් වෘත්තිකයන් විසින් මෙම සම්මන්ත්‍රණයට පර්යේෂණ පත්‍රිකා සියයක් ඉදිරිපත් කර තිබිණි.

SLT-MOBITEL සමූහ ප්‍රධාන ආයතනික නිලධාරී ප්‍රභාත් අඹේගොඩ මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක්ද මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූහ. සම්මන්ත්‍රණය තුළදී පැවති සංවාදමය වැඩසටහනටද අඹේගොඩ මහතා සම්බන්ධ වූ අතර, SLT නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (‘Talent Development Centre’) සහ CIPM කමිටු සාමාජික (Committee on National HR Data Hub with Research & Development Capabilities) ආසිරි ඉන්දික මහතා ‘”Case Study Publication Book 2023″ නම් ප්‍රකාශනය CIPM ආයතනයේ සභාපති කෙන් විජයකුමාර් මහතා වෙත පිළිගැන්වී ය. ඊට අමතරව, SLT ඉංජිනේරු/කුසලතා සංවර්ධන ශ්‍රීවී සඳමිණි විසින් “Developing Competency Assessment and Development Framework for Staff Engaged in Sales – Sri Lanka Telecom PLC.” යන තේමාව යටතේ පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදි. මෙම දායකත්වයන්, SLT-MOBITEL රටේ මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ඉටුකරන මෙහෙවර තවදුරටත් තහවුරු කරන සාධකයක් විය.

කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය (PIM), ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), වයඹ විශ්ව විද්‍යාලය, සබරගමුව විශ්ව විද්‍යාලය, යාපනය විශ්ව විද්‍යාලය, වවුනියා විශ්ව විද්‍යාලය සහ Horizon Campus වැනි ආයතනවල හවුල්කාරීත්වය සහිතව පැවැත්වුණු මෙම සම්මන්ත්‍රණයට 400 කට අධික පිරිසක් අතථ්‍ය (Virtual) ක්‍රමයට සහභාගී වූහ.  ව්‍යාපාර ක්ෂේත්‍රයේ වෘත්තිකයන් මෙන්ම විශ්ව විද්‍යාල, පර්යේෂණ ආයතන සහ අධ්‍යාපන ආයතන රැසක නියෝජිතයෝ මීට ඇතුළත් වූහ.

7 වන CIPM International Research Symposium වැඩසටහනෙහි අරමුණ වූයේ මානව සම්පත් කළමනාකරණ වෘත්තිකයන්ට, විද්වතුන්ට සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිය  පර්යේෂණ හා සොයාගැනීම් දේශීය හා ජාත්‍යන්තර සංවිධාන සමඟ බෙදාගැනීමට අවස්ථාව සලසා දීම ය. මානව සම්පත් කළමනාකරණ පර්යේෂණ පිළිබඳව විශේෂ අවධානයකින් යුතුව, විශේෂයෙන්ම ආර්ථික අර්බුද සහිත කාලසීමාවන්ට වැදගත් වන දැනුම හා ක්‍රමෝපායන් සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කිරීමට සම්මන්ත්‍රණයට සහභාගී වූවන්ට අවස්ථාව උදා විය.

එමෙන්ම මෙම සමුළුවේදී “International Research Symposium Proceedings, Case Study Book, Journal of HRM Perspectives – June” සහ කෘෂිකර්මාන්තයේ තරුණ දායකත්වය පිළිබඳ ජාතික මට්ටමේ පර්යේෂණයක් වන “Attraction and Retention of Youth in Paddy Farming” යන ප්‍රකාශනද එළිදක්වන ලදි.

මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් දක්වන කැපවීම මෙන්ම, රටේ දැනුම හුවමාරු කරගැනීම සඳහා පවතින ක්‍රමවේදයන් තවදුරටත් ශක්තිමත් කිරීමට දක්වන උනන්දුව ඔස්සේ SLT-MOBITEL මේ ආකාරයට දිගින් දිගටම CIPM International Research Symposium වැඩසටහනට අනුග්‍රහය ලබාදීමට කටයුතු කරයි. මෙය වර්තමාන ව්‍යාපාර ක්ෂේත්‍රයේ පරිවර්තනයන් සම්බන්ධයෙන් මූලිකත්වය ගන්නා පුරෝගාමියෙකු ලෙස SLT-MOBITEL සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරන සාධකයක්ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව