SLT-MOBITEL වෙතින් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුදැරියන් වෙනුවෙන් ‘Call Tutor 1296’

CALL Tuor PR

 




 

 

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL,  මෙම වසරේ නොවැම්බර් මාසයේදී 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුදැරියන් වෙනුවෙන් ‘Call Tutor’ නමින් ශ්‍රව්‍ය පාඩම් සේවාවක් හඳුන්වා දී තිබේ. මෙම සේවාව ලබාගැනීම සඳහා දෙමාපියන් කළ යුතු වන්නේ තම නිවෙස් වල SLT-MOBITEL Home දුරකථන වලින් 1296 අංකය ඇමතීම පමණි.

පසුගිය වසරේදී මෙරට සිසු සිසුවියන් 300,000 කට අධික පිරිසක් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මෙම වසරේදී COVID-19 නිසා දිගින් දිගටම පාසල් වසා තැබීම හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියෝ විශාල ගැටලුවකට මුහුණ පා සිටිති. මෙම තත්ත්වය හමුවේ සිසුන්ට මෙන්ම දෙමාපියන් හා ගුරුවරුන්ට ද අත්වැලක් වීම සඳහා Call Tutor පාඩම් මාලාව හඳුන්වා දීමට SLT-MOBITEL කටයුතු කර ඇත.

1296 අංකය ඔස්සේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව තමන් කැමති විෂයන් සම්බන්ධ පාඩම්වලට සවන් දීමට සිසු සිසුවියන්ට හැකියාව ඇත. එමෙන්ම මෙම සේවාව තුළින්, සිංහල, ගණිතය සහ පරිසරය ඇතුළු විෂයන්ට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගැනීමට ද  අවස්ථාව ලබාදී තිබේ.

“අපගේ ඉලක්කය වන්නේ තාක්ෂණය ඔස්සේ රටේ අධ්‍යාපනයට ප්‍රතිලාභ සලසමින් එය සවිබල ගැන්වීමයි. මෙවර ශිෂ්‍යත්ව විභායට පෙනී සිටින දරු දැරියන්ට වඩාත් විධිමත් ලෙස ඊට සූදානම් වීමට සහය වීම සඳහා අප Call Tutor 1296 සේවාව හඳුන්වා දීමට කටයුතු කළා. මෙමගින් තම දරුවන්ට අවශ්‍ය දැනුම හා ආත්ම විශ්වාසය ලබාදෙමින් ඔවුන්ට විභාගය ජයගැනීම සඳහා මගපෙන්වීමට දෙමාපියන්ට හැකියාව ලැබේවි,”  යනුවෙන් SLT ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා පැවසී ය.

‘Call Tutor 1296’ සේවාව නිසා සුරක්ෂිතව තම නිවෙස් වලම හිඳිමින්, වඩාත් ධනාත්මක ආකල්ප සහිතව විභාගයට සූදානම් වීමට සිසු සිසුවියන්ට අවස්ථාව ලැබෙනු ඇත. ‘Call Tutor 1296’  දුරකථන ඇමතුම් සඳහා විනාඩියකට රු. 5ක් සහ අදාළ බදු අය කෙරේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව