SLT-MOBITEL මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් දැවැන්ත ඔන්ලයින් ළමා සැණකෙළියක් පවත්වයි

processed-d764da8f-a2ce-4a3f-bec1-0bbe2b6b748b_Ot6BwhjD

දරුවන් යනු ජවයෙන් සපිරි, නිතර කෙළිදෙළෙන් කාලය ගතකිරීමට කැමති පිරිසකි. එහෙත් පවතින COVID-19 තත්ත්වය නිසා දරුවන්ට බොහෝ දුරට නිවෙස් වලටම වී කාලය ගතකිරීමට සිදුවී තිබේ. මෙවැනි තත්ත්වයක් හමුවේ ඔවුන්ගේ සිත් වලට සතුට ගෙනදීමේ අරමුණින් SLT-MOBITEL මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් සුවිශේෂී ඔන්ලයින් ළමා සැණකෙළියක් පැවැත්වීමට කටයුතු කළේ ය.

මේ සඳහා සචිනි නිපුන්සලා, ක්ලිෆර්ඩ් රිචර්ඩ් සහ ඩිලාන් සේනානායක ඇතුළු තරු රැසක්ද එක්වූහ.

Zoom” YouTube, සහ Facebook ඔස්සේ දරුදැරියන් 30,000 කට අධික පිරිසක් මෙම සැණකෙළියට එක් වූ අතර, ඔවුන්ට එහි විශේෂාංග වලට සජීවී ලෙස දායක වීමටද අවස්ථාව ලැබිණි. ගීත හා නර්තන තරග මෙන්ම අධ්‍යාපනික වටිනාකමකින් යුත් වැඩසටහන්ද මෙම වැඩසටහනට ඇතුළත් විය. මෙම වැඩසටහන් වල ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග පිරිනැමීමටද SLT-MOBITEL කටයුතු කළේ ය.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව