SLT-MOBITEL මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් SMARTChat – An Hour with Customer වැඩසටහන දියත් කරයි

Smart Chat MR (LBN)

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් SMARTChat – An Hour with Customer නමින් සුවිශේෂී වැඩසටහනක් ආරම්භකර තිබේ. මේ යටතේ මෙරට ව්‍යවසායකයන්ගේ අවශ්‍යතා හඳුනාගෙන, නවීන තාක්ෂණය හා සේවා සම්බන්ධයෙන් ඔවුන්ට නිසි මගපෙන්වීමක් ලබාදීම සඳහා උපදේශන සැසි මාලාවක් පවත්වනු ලබයි. මෙය ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය නවීන තාක්ෂණය වෙත යොමුකරවීම සඳහා SLT-MOBITEL දරනු ලබන නිරන්තර උත්සාහයේ තවත් වැදගත් පියවරකි.
 



 

SMARTChat වැඩසටහනේ ප්‍රධානතම ඉලක්කය වන්නේ මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට වඩාත් පහසුවෙන් නවීන තාක්ෂණය භාවිතයට ගනිමින් ඩිජිටල්කරණය වන අතරම, පිරිවැය අවම කරගනිමින් තම ව්‍යාපාර වැඩිදියුණු කරගැනීම සඳහා පැහැදිලි මාවතක් හඳුන්වා දීම ය. තමන්ට ආවේණික වූ අවශ්‍යතා සහ අභියෝගවලට ගැළපෙන තාක්ෂණික විසඳුම් භාවිතයට ගැනීම තුළින් මෙම ව්‍යවසායකයන්ට ඩිජිටල් පරිවර්තනයේ ප්‍රතිලාභ උපරිමයෙන් අත්විඳීමට හැකි වනු ඇත.

මෙම SMARTChat සැසි තුළදී ව්‍යවසායකයන්ට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වෙතින් උපදෙස් ලබාගැනීමටත්, ප්‍රායෝගිකව භාවිතා කළ හැකි විසඳුම් හඳුනා ගැනීමටත් හැකියාව ලැබේ. මෙමගින් වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතින ලෝකයක් තුළ සාර්ථක ලෙස තම ව්‍යාපාර පවත්වාගෙන යාමට ඔවුන්ට හැකියාව ලැබෙනු ඇත.

දැනටමත් කොළඹ, ගම්පහ, ගාල්ල සහ මහනුවර යන නගරවල SMARTChat සැසි පවත්වා තිබේ. මෙම සැසි සියල්ල අදාළ ප්‍රජාවන්ට උපරිම ප්‍රතිලාභ හිමිවන ආකාරයට සැලසුම්කර තිබූ අතර, ඉදිරියේදී මුළු දිවයිනම ආවරණයවන පරිදි SMARTChat සැසි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම සැසිවලදී SLT-MOBITEL තාක්ෂණික විශේෂඥයන් වෙතින් සෘජුව උපදෙස් ලබාගැනීමට ව්‍යවසායකයන්ට අවස්ථාව හිමි වේ. එමෙන්ම SLT-MOBITEL මගින් මෙම කාණ්ඩයේ ව්‍යාපාර වෙනුවෙන්ම හඳුන්වා දී ඇති සේවා භාවිතා කළ හැකි ආකාරය සම්බන්ධ ප්‍රායෝගික මගපෙන්වීමක් ඔවුන් වෙත ලබාදීමටද පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වැදගත් අංගයක්වන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සමග වඩාත් සමීප සම්බන්ධතා ගොඩනංවා ගැනීම සඳහා SLT-MOBITEL විසින් දරනු ලබන පුළුල් උත්සාහයක එක් අදියරක් වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ. මෙමගින් මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය දියුණුකරන අතරම සමස්තයක් ලෙස රටේ ආර්ථිකයේ දියුණුවට කැපීපෙනෙන දායකත්වයක් ලබාදීමටද හැකියාව ලැබෙන බව ීඛඔ-ඵධඊෂඔෑඛ විශ්වාස කරයි.

SMARTChat සඳහා ලියාපදිංචි වීම හෝ SLT-MOBITEL මගින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් හඳුන්වා දී ඇති විසඳුම් හා සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.bizleads.lk     වෙත පිවිසෙන්න.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව