SLT-MOBITEL මීගමුවේ Ocean Breeze Hotel Residencies වෙත ෆයිබර් සම්බන්ධතා සැපයීම සඳහා Global Housing & Real Estate (පුද්.) සමාගම සමග අත්වැල් බැඳගනී

Global group (LBN)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මීගමුවේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක්වන Ocean Breeze Hotel Residencies වෙත ෆයිබර් සම්බන්ධතා සැපයීම සඳහා Global Housing & Real Estate (පුද්.) සමාගම සමග පසුගියදා ගිවිසුම්ගත විය.

SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ Global සමූහයේ සභාපති දසුන් වික්‍රමරත්න මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදි. SLT-MOBITEL සමූහ පාරිභෝගික ව්‍යාපාර නිලධාරී ඉමන්ත විජේකෝන් මහතා සහ Global සමූහයේ අධ්‍යක්ෂිකා ප්‍රියන්ති අබේවීර මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Ocean Breeze Hotel Residencies ව්‍යාපෘතිය සුඛෝපභෝගී නිවාස 199 කින් සමන්විත වේ. ආපනශාලාවක්, Sky Bar වර්ගයේ අවන්හලක්, පිහිනුම් තටාකයක්, ව්‍යායාම මධ්‍යස්ථානයක්, Rooftop උද්‍යානයක් සහ පැය 24 පුරා ක්‍රියාත්මක ආරක්ෂක සේවය ඇතුළු නවීන පහසුකම් රැසක් එයට ඇතුළත් ය.

“SLT-MOBITEL වෙතින් ලැබෙන Fibre සම්බන්ධතාවට අපගේ පාරිභෝගිකයන් බෙහෙවින් කැමති වේවි කියා අප සිතනවා. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සමග එක් වී Ocean Breeze Hotel Residencies වෙත ෆයිබර් සම්බන්ධතා ලබාදීමට හැකි වීම අපට මහත් සතුටක්.” Global සමූහයේ සභාපති දසුන් වික්‍රමරත්න මහතා පැවසී ය.

“Ocean Breeze Hotel Residencies වෙත ෆයිබර් සම්බන්ධතා ලබාදීම සඳහා Global Housing සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මෙය පාරිභෝගිකයන්ගේ ජීවන රටා වැඩිදියුණු කිරීම සඳහා නවීනතම තාක්ෂණික පහසුකම් සැපයීමට අප ගන්නා උත්සාහයේ තවත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. උසස් මට්ටමේ සම්බන්ධතා පහසුකම් සපයමින්, මෙම නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට දායක වීමට SLT-MOBITEL Fibre සමත් වනු ඇතැයි කියා මා සිතනවා.” SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා පැවසී ය.

මෙම එකඟතාව යටතේ Ocean Breeze Hotel Residencies ව්‍යාපෘතියේ පදිංචිකරුවන්ට තම නවීනතම ෆයිබර් විසඳුම් ඔස්සේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා, සුපැහැදිලි දුරකථන සම්බන්ධතා සහ ජාත්‍යන්තර තලයේ HDTV ප්‍රමිතියෙන් යුත් PEO TV රූපවාහිනී සේවා පිරිනැමීමට SLT-MOBITEL බලාපොරොත්තු වෙයි. එමෙන්ම මෙමගින් ඔවුන්ට ලෝකය සමග සම්බන්ධ වීමට අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් සහ දුරකථන සන්නිවේදන සේවා හිමි වනු ඇත. තවද පදිංචිකරුවන්ට SLT-MOBITEL මගින් කළමනාකරණය කරනු ලබන සහ SLT-MOBITEL Fibre මගින් බලගැන්වෙන Smart Home පහසුකම් අත්විඳීමටද හැකියාව ලැබේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව