SLT-MOBITEL, ‘World Innovation Congress’ හිදී ‘දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම නවෝත්පාදනය’ සම්මානය දිනයි

Picture1

 



 

 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙවර ‘World Innovation Congress’ හිදී ‘දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම නවෝත්පාදනය’ සම්මානය දිනාගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙල 2022 මාර්තු 22 දින ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත්විණි.

ග්‍රාමීය ප්‍රදේශ වල අන්තර්ජාල බ්‍රෝඩ්බෑන්ඩ් ආවරණය පුළුල් කිරීම සඳහා හඳුන්වා දෙන ලද Sub-1GHz සංඛයාත පරාස  LTE ජාල විසඳුම, මෙම සම්මානය SLT-MOBITEL වෙත හිමිවීමට ප්‍රධානතම හේතුවක් විය. Covid-19 හේතුවෙන් සංචරණ සීමාවන් පනවා තිබූ කාලසීමාව තුළදී විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වල පාරිභෝගිකයන් සඳහා දුරකථන සන්නිවේදන යටිතල පහසුකම් හා සහය සේවාවන් වැඩිදියුණු කිරීමටද මෙම තාක්ෂණය භාවිතා කරන ලදි.

“අපගේ නවෝත්පාදන මේ ආකාරයට ජාත්‍යන්තර තලයේදී ඇගයීමට ලක්වීම අපට මහත් සතුටක්. World Innovation Congress ලොව පුරාම මෙවැනි නවෝත්පාදනයන් ඇගයීමට ලක්කරනවා. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වශයෙන්, මේ සම්මානය හිමිවීම අපට ආඩම්බරයක්. තවද, කලක් තිස්සේ පැවති 900MHz සංඛ්‍යාත පරාස  බාධාවන් විසදා, සීමිත ජාතික සම්පතක් වන සංඛ්‍යාත පරාස උපරිම ප්‍රයෝජනයට ගැනීමටත් මෙය හේතුවක් වුවා. මෙහිදී 4G LTE සම්බන්ධතාව ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කිරීම සඳහා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව ලබාදුන් සහයෝගය විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. මේ නවෝත්පාදනය සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමට අපට හැකියාව ලැබුණේ ඒ නිසයි. රටේ තාක්ෂණික දියුණුව උදෙසා මේ ආකාරයට නිරන්තරයෙන් සහයෝගය ලබාදීම පිළිබඳව, SLT-MOBITEL වෙනුවෙන් මා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ස්තූතිවන්ත වනවා.” SLT-MOBITEL සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා පැවසී ය.

Covid-19 සංචරණ සීමාවන් නිසා නිවෙස් වල සිට රාජකාරි කිරීමට අවස්ථාවේදී බොහෝ දෙනෙකුට SLT-MOBITEL Mobile හි Sub-1GHz 850MHz LTE ජාලය සුවිශාල අත්වැලක් විය. LTE ජාලය නොපමාව දියත් කිරීම නිසා රාජකාරි කටයුතු වලදී මෙන්ම මාර්ගගත අධ්‍යාපනය, දුරස්ථ වෛද්‍ය සේවාවන් සහ ව්‍යාපාර කටයුතු වලදී බාධාවන් වලින් තොරව අඛණ්ඩව සිදු කරගැනීමට අවස්ථාව ලැබිණි.

“World Innovation Congress හිදී ‘දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම නවෝත්පාදනය’ සම්මානය හිමිකර ගැනීමට අපට හැකි වීම මගින් තහවුරු වන්නේ, අතිශය තරගකාරී ශ්‍රී ලාංකික වෙළඳපොළ තුළ අඛණ්ඩව ඉදිරියෙන්ම සිටීමට අප සමත් වී ඇති බවයි. නිර්මාණශීලී සන්නිවේදන විසඳුම් හඳුන්වා දීමට අපගේ කණ්ඩායම දරන නිරන්තර උත්සාහය හා කැපවීම, මෙම ජයග්‍රහණය අප වෙත හිමිවීමට ප්‍රධානතම හේතුවක් වුණා. මෙවැනි විසඳුම් ඔස්සේ ශ්‍රී ලංකාවේ තාක්ෂණය දියුණු කිරීමටත්, ඒ තුළින් දේශීය හා ජාත්‍යන්තර සම්මාන වලින් පිදුම් ලැබීමටත් හැකි වීම අපට මහත් සතුටක්.”  Mobitel (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා පැවසී ය.

මෙම දුෂ්කර කාලපරිච්ඡ්දය තුළ SLT-MOBITEL සිය බ්‍රෝඩ්බෑන්ඩ් LTE ජාලයේ  ව්‍යාප්තිය පුළුල් කරමින්, මාර්ගගත අධ්‍යාපන සේවාවන් සහ ජාතික විශ්ව විද්‍යාල වල මාර්ගගත අධ්‍යාපන ක්‍රම (Zoom) සඳහා නොමිලේ ප්‍රවේශය ලබා දුන් අතර, සිසු සිසුවියන්ට බාධාවකින් තොරව අධ්‍යාපනයට ලැබීමට හැකි වන ආකාරයට අමතර දත්ත පැකේජද දැරිය හැකි පිරිවැයකට ලබාදෙන ලදි

මීට අමතරව SLT-MOBITEL සමූහයට අනුබද්ධ සමාගමක් වන eChannelling හරහා Telemedicine වෛද්‍ය සේවාවන් එන්නත්කරණ අවස්ථාවන් වෙන්කරවා ගැනීම සහ මාර්ගගත ඔසුසල් සේවාවන් යනාදිය හඳුන්වා දීමටද SLT-MOBITEL Mobile කටයුතු කළේ ය. මීට අමතරව දුරස්ථ ක්‍රමයට රාජකාරි කිරීම සඳහා භාවිතා කරන Zoom, MS TEAMS සහ Google Meet වැනි යෙදවුම් සඳහා ඉහළ ගුණාත්මක සේවා ප්‍රමුඛත්වයක් ලබාදෙන ලදි.

තවද ලොව ස්ථාවර හා ජංගම අන්තර්ජාල සම්බන්ධතාවන්ගේ වේගය පරීක්ෂා කිරීමේ ප්‍රමුඛයා වන Ookla® විසින් , SLT-MOBITEL Mobile ශ්‍රී ලංකාවේ වේගවත්ම සන්නිවේදන ජාලය ලෙස 2019, 2020 සහ 2021 වසර වලදී ඇගයීමටද ලක් විය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව