SLT-MOBITEL ‘UNLIMITED CALL BOOSTER’ වෙතින් ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ SMS

Picture 2 (LBN Fill)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ SMS පිරිනමන විශේෂ පැකේජයක් හඳුන්වා දී තිබේ. ‘UNLIMITED CALL BOOSTER’ ලෙස නම් කර ඇති මෙය, පෙරගෙවුම් පාරිභෝගිකයන්ට මෙන්ම පසුගෙවුම් පාරිභෝගිකයන්ටද භාවිතා කළ හැක.

‘UNLIMITED CALL BOOSTER’ නිසා ශ්‍රී ලාංකිකයන්ට දැන් රිසි සේ තම නෑදෑ හිතමිතුරන්ට ඇමතුම් ලබාගැනීමටත්, කෙටි පණිවිඩ යැවීමටත් අවස්ථාව ලැබී තිබේ. එමෙන්ම සන්නිවේදන කටයුතු සඳහා නිතර දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ භාවිතා කරන සමාගම්, ආයතන සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලටද මෙය කදිම විසඳුමක් වනු ඇත.

මුළු මාසය පුරාවටම වලංගු වන ‘UNLIMITED CALL BOOSTER’ පැකේජය රු. 636/- ක් වැනි ආකර්ෂණීය මිලකට ලබාගත හැකි වේ. පෙරගෙවුම් පාරිභෝගිකයන්ට රු. 636 ක් රීලෝඩ් කර හෝ  #147# ඩයල් කර මෙය සක්‍රීය කරගත හැකි අතර පසුගෙවුම් පාරිභෝගිකයන්ට 1717 අමතා ලැබෙන උපදෙස් අනුව එය සක්‍රීය  කරගත හැක.

ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන රටාවන්හි සිදුවන වෙනස්කම් හඳුනා ගනිමින්, එම වෙනස්කම් වලට ගැළපෙන විසඳුම් පිරිනැමීමට SLT-MOBITEL ගන්නා නිරන්තර උත්සාහයේ තවත් එක් පියවරක් වශයෙන් ‘UNLIMITED CALL BOOSTER’ පැකේජය හඳුන්වා දී තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.sltmobitel.lk හි දක්වා ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව