31 වැනි සුමති සම්මාන උළෙලේදී SLT-MOBITEL PEOTV හි චරණ TV “හොඳම අධ්‍යාපන වැඩසටහන” සම්මානය දිනාගනී

Image 01

පසුගියදා පැවැත්වුණු 31 වැනි සුමති සම්මාන උළෙලේදී හොඳම සමාජ මාධ්‍ය සම්මානය හිමිකර ගැනීමට චරණ TV සමත් වුණා. එම සම්මාන අතරින් හොඳම අධ්‍යාපන වැඩසටහනට හිමි සම්මානය දිනාගත්තේ චරණ TV ඔස්සේ විකාශය වූ “සීතල ඊතල” වැඩසටහනයි. “සීතල ඊතල”වැඩසටහන යුගයේ තාරුණ්‍යය ආමන්ත්‍රණය කරන, ඔවුන්ගේ නිදහස් අදහස් සඳහා වේදිකාවක් තනන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම යෞවන සංවාද වැඩසටහනයි.




චරණ TV නාලිකාව විසින් තරුණ ප්‍රජාව වෙනුවෙන් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට විද්‍යුත් මාධ්‍ය තුළ සැලකිය යුතු ඉඩක් වෙන් කර තිබෙනවා. සමාජීය කතිකාවන් සඳහා සංවාදයක් අරඹනවා පමණක් නොව, එම තරුණයින් ඒ සඳහා පෞද්ගලික මෙන්ම බාහිර අත්දැකීම් එකතු කරමින් එම සංවාද පෝෂණය කිරීම විශේෂත්වයක්. එමෙන්ම, එම අදහස් සඳහා විශේෂඥ අදහස් ඉදිරිපත් කිරීමට පැමිණෙන විෂය ප්‍රවීණයන් ද මෙම වැඩසටහනට විශාල දායකත්වයක් ලබා දෙනවා. සමාජීය ගැටලු දෙස තුලනාත්මක රාමුවකින් බැලීම තුළින් “සීතල ඊතල”වැඩසටහන මේ වන විට චරණ ප්‍රේක්ෂක ප්‍රසාදය නොමඳව හිමිකරගෙන තිබෙනවා.

අභිමානවත් සුමති සම්මාන රාත්‍රියේදී චරණ TV නාලිකාව වෙනුවෙන් සම්මානය ලබාගත්තේ “සීතල ඊතල” වැඩසටහන නිෂ්පාදනය කරන ශෙනාල් ජයසේකර මහතායි.

චරණ TV යනු දැනුම, සංස්කෘතිය සහ ගුණාත්මක විනෝදාස්වාදය ප්‍රේක්ෂකයන් වෙත ගෙන එන ශ්‍රී ලාංකේය රූපවාහිනී නාලිකාවකි. කලා හා සංස්කෘතික වැඩසටහන්, කාලීන සිදුවීම්, වාර්තා වැඩසටහන්, කෘෂිකර්මාන්තය, සෞඛ්‍යය, ළමා වැඩසටහන්, සංගීතය, ආගම හා දර්ශනය, තාරුණ්‍යයේ වැඩසටහන් සහ ප්‍රකට පුද්ගලයන් පිළිබඳ වැඩසටහන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින්, සෑම වයස් කාණ්ඩයකටම ගැළපෙන අර්ථවත් හා ආකර්ෂණීය අන්තර්ගතයන් චරණ TV ඉදිරිපත් කරයි. එමඟින් ශ්‍රී ලංකාවේ කලාව, සංස්කෘතිය සහ උරුමය ආරක්ෂා කරමින් ඒවා නව පරපුරට සමීප කිරීමත්, දේශීය අනන්‍යතාව ලෝකයට ගෙන යමින් නව්‍ය, අර්ථවත් සහ උසස් තත්ත්වයේ වැඩසටහන් නිර්මාණය කිරීමත් සිදු කෙරෙන අතර, එමඟින් ප්‍රේක්ෂකයන්ගේ දැනුම, සිතුවිලි සහ රසවින්දනය ද වර්ධනය කෙරේ.

මෙරට ප්‍රමුඛතම රූපවාහිනී සම්මාන උළෙලවලදී මීට පෙර ද චරණ TV නාලිකාව සම්මාන රැසකට පාත්‍ර වී ඇත. සුමති සම්මාන උළෙලේදී ලැබූ මෙම ඇගයීම, අරමුණක් සහිත නව්‍යකරණයන් ඉදිරිපත් කරන නාලිකාවක් ලෙස චරණ TV හි කීර්තිනාමය තවදුරටත් ශක්තිමත් කරයි. මෙම ජයග්‍රහණය සමඟින්, ජාතික මට්ටමේ ප්‍රමුඛතම රූපවාහිනී නාලිකා අතර චරණ TV තවදුරටත් සුවිශේෂී පිළිගැනීමක් හිමිකර ගනු ඇත.

SLT-MOBITEL PEOTV හි True HD Quality තාක්ෂණයෙන් HD නාලිකා අංක 305 ඔස්සේ ද, SD නාලිකා අංක 05 ඔස්සේ ද, ලංකාවේ කොහේ සිටියත් PEO MOBILE App එක හරහා ද චරණ TV නොමිලේ නැරඹිය හැකිය.

මෙම ජයග්‍රහණය සැබෑ කර ගැනීමට අඛණ්ඩව ලබා දුන් සහයෝගය වෙනුවෙන්, චරණ TV අපගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට හෘදයාංගම ස්තූතිය පුද කරයි



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − seven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව