SLT-MOBITEL mStudio සංගීත ක්ෂේත්‍රයේ නව පෙරළියකට මුලපුරයි

mStudio - Image (LBN)

 



 

 

SLT-MOBITEL ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රථම වරට නවීන තාක්ෂණය පදනම් කරගත් සුවිශේෂී පදනමක් mStudio නමින් හඳුන්වා දී තිබේ. සංගීත ක්ෂේත්‍රයේ කලාකරුවන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇති මෙය නිල වශයෙන් දියත් කිරීමේ උත්සවය පසුගියදා One Galle Face හි PVR Cinemas පරිශ්‍රයේදී පැවති අතර, රූපවාහිනී ක්ෂේත්‍රයේ සහ සංගීත ක්ෂේත්‍රයේ කැපීපෙනෙන පුද්ගලයෝ රැසක් ඊට සහභාගී වූහ.

රටේ විවිධ ක්ෂේත්‍රවලට නවීන ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයේ තවත් ප්‍රතිඵලයක් වශයෙන් mStudio ආරම්භ විය. මෙය ශ්‍රී ලාංකික සංගීත ශිල්පීන්ට ඉතාමත් පහසුවෙන් ගීත හා සංගීත නිර්මාණයන් සිදුකිරීමට සහ රසවිඳීමට අවස්ථාව සලසා දෙනු ඇත. mStudio Online, mStudio Talent, mStudio Live, සහ mStudio Unplugged යන ප්‍රධාන අංග 4 න් සමන්විත මෙය මෙරට තුළ සංගීතය නිර්මාණය කරන, විකාශනය කරන සහ රසවිඳින ආකාරය පූර්ණ පරිවර්තනයකට ලක්කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

mStudio සේවාවට මූලික පදනම සපයන්නේ SLT-MOBITEL සතු අති-නවීන 5G තාක්ෂණයයි. මෙය සංගීත ශිල්පීන්ට තම හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්නා අතරම වඩාත් පහසුවෙන් තම රසික ප්‍රජාව සමග සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙයි. මෙම නවතම ව්‍යාපෘතිය ඔස්සේ සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට පෙර නොවූවිරූ ආකාරයකට සංගීත රසය අත්විඳීමට අවස්ථාව සලසා දීම SLT-MOBITEL හි අරමුණ වී තිබේ. මෙය හුදෙක් තාක්ෂණික පදනමක් නොව, නිර්මාණශීලීත්වය අවදි කරමින් රසිකත්වය පුබුදුකරන කලාත්මක අවකාශයකි. මෙය ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය නාලිකා සහ රසික ප්‍රජාව අතර සම්බන්ධතාව වඩාත් ශක්තිමත් කරමින්, සංගීත කලාව නව යුගයක් වෙත රැගෙන යාමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකරනු නිසැක ය.

https://youtube.com/@mStudioPlatform ඔස්සේ mStudio වෙත පිවිසිය හැකි වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව