‘SLT-MOBITEL Innovation Day 2024’: SLT-MOBITEL සාමාජික සාමාජිකාවන්ගේ පෙරළිකාරී නවෝත්පාදන ඇගයීමට ලක්කළ සුවිශේෂී අවස්ථාවක්

Image - SLT-MOBITEL Innovation Day (LBN)

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සංවිධානය කළ ‘SLT-MOBITEL Innovation Day 2024’ වැඩසටහන පසුගියදා මරදාන Trace City හි පිහිටි ‘Embryo Innovation Center’ හිදී පැවැත්විණි. එහිදී SLT-MOBITEL සමාගමේ විවිධ අංශවල සාමාජික සාමාජිකාවන් විසින් නිර්මාණයකරන ලද පෙරළිකාරී හා පුරෝගාමී නවෝත්පාදන විසඳුම් පෙළක් ප්‍රදර්ශනයකරන ලදී. මෙය වත්මන් ඩිජිටල් යුගය තුළ සිය කාර්ය මණ්ඩලයේ නවෝත්පාදන හා තාක්ෂණික හැකියා දිරිගැන්වීම සහ වැඩිදියුණු කිරීම සඳහා සමාගම දරන උත්සාහයට මනා සාක්ෂියකි.
 



 
මෙම අවස්ථාවට SLT-MOBITEL හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නියෝජිතයන් ඇතුළුව සමාගමේ විවිධ අංශ නියෝජනය කළ නිලධාරීන් සහ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

මෙම උත්සවය, SLT සමාගමේ පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද, මාස 8 ක් පුරා පැවැත්වුණු ‘Intrapreneurship Studio’ වැඩසටහනේ සමාප්තියද සනිටුහන් කළේය. මෙහිදී Idea Innovation, New Product & Solutions Innovation සහ Process & Operations and Maintenance (O&M) Innovation යන කාණ්ඩ 3 යටතේ නවෝත්පාදන ඇගයීම සිදුකෙරිණි. ආයතනයේ දියුණුවට දායක වන අතරම ජීවන තත්වය හා යහපැවැත්ම වැඩිදියුණු කරන නිර්මාණ ඉදිරිපත් කළ විශිෂ්ට ව්‍යවසායකයන්ට මෙහිදී සම්මාන පිරිනමන ලදී. 2024 දෙසැම්බර් 08 දින මෙම වැඩසටහනේ ‘Demo Day’ වැඩසටහන පැවැත්වුණු අතර, එහිදී තරුණ නවෝත්පාදකයන්ට තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව හිමි විය.

Intrapreneurship Studio වැඩසටහනේ ජයග්‍රාහකයන්ට, නවෝත්පාදනය උදෙසා ඔවුන් ලබාදුන් විශිෂ්ට දායකත්වය වෙනුවෙන් සම්මාන පිරිනමන ලදී. තෝරාගත් තරගකරුවන්ට තම විසඳුම් SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් සහ ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ පාර්ශ්වකරුවන් වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා වූ අතර, එය තම කාර්ය මණ්ඩලයෙහි සේවය කරන නවෝත්පාදන ආකල්ප සහිත දක්ෂ සාමාජික සාමාජිකාවන් දිරිගැන්වීම සඳහා SLT-MOBITEL දක්වන උනන්දුව හා කැපවීම මැනවින් පිළිබිඹු වූ අවස්ථාවක් විය. මෙහිදී සමාගමේ පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් නිර්මාණය කරන ලද SenseGrid, Environmental Monitoring, OneClick, ParkEase සහ Bank IoT ඇතුළු අතිනවීන නවෝත්පාදන රැසක් ප්‍රදර්ශනය කරන ලදී. මෙය සැබෑ ලෝකයේ පවතින ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් සෙවීම සඳහා සමාගම දක්වන උනන්දුවට මනා සාක්ෂියක් ලෙස හැඳින්විය හැකි වේ.

Futureworks – MAS Innovation අධ්‍යක්ෂ සහ IQ Global නිර්මාතෘ අහමඩ් ඉර්ෆාන් මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. එහිදී ඔහු විසින් ‘සේවා කර්මාන්තයේ නවෝත්පාදන ප්‍රවණතා’ යන තේමාව යටතේ, ලොව නැගී එන තාක්ෂණික ප්‍රවණතා සහ ඒවා මගින් සේවා කර්මාන්තයේ අනාගතයට සිදුවන බලපෑම පිළිබඳව වැදගත් කරුණු රැසක් ඇතුළත් සාරගර්භ දේශනයක්ද පවත්වන ලදී.

නවෝත්පාදනය යනු SLT-MOBITEL හි පරිවර්තනීය ගමන් මගේ අනිවාර්ය අංගයකි. මෙම වැඩසටහන තුළදී ඉදිරිපත් වූ නවෝත්පාදන විසඳුම්, ශ්‍රී ලංකාවේ තාක්ෂණික ක්ෂේත්‍රය තුළ අර්ථවත් වෙනස්කම් ඇතිකිරීම සඳහා SLT-MOBITEL හි සාමාජික සාමාජිකාවන් සතු හැකියාවට මනා සාක්ෂියක් විය. උත්සවය අවසානයේදී ඊට සහභාගී වූවන්ට අදහස් හුවමාරු කරගැනීමට සහ හවුල්කාරීත්වයන් ගොඩනංවා ගැනීමට ද අවස්ථාව සලසා දී තිබුණි.

SLT-MOBITEL හි නවෝත්පාදන වැඩසටහන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව