වෙසක් සමයේ මාතර ජනතාවට සුව සහනය ගෙනා ‘සබැඳියාවේ දැහැමි සත්කාරය’ SLT‑MOBITEL වාර්ෂික වෙසක් සෞඛ්‍ය කඳවුර මෙවර මාතරදී

Capture

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සහ eChannelling එක්ව වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සංවිධානය කරන වාර්ෂික සෞඛ්‍ය කඳවුර මෙවර මාතර SLT-MOBITEL ප්‍රාදේශීය කාර්යාලයේදී පැවැත්විණි. එය මාතර ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් රාශියක් නොමිලේ ලබාගැනීම සඳහා ලැබුණු මහඟු අවස්ථාවක් විය.

SLT-MOBITEL සමාගමේ පාරිසරික, සමාජයීය හා ආයතනික යහපාලන දැක්ම මූලික කරගත් ප්‍රජා සත්කාරයක් ලෙස, ‘සබැඳියාවේ දැහැමි සත්කාරය’ ප්‍රජා වැඩසටහන් මාලාව යටතේ මෙම සෞඛ්‍ය කඳවුර පවත්වන ලදී. මෙහිදී වෛද්‍ය උපදෙස් ලබාදීම මෙන්ම රුධිර පරීක්ෂණ, ශ්‍රවණ පරීක්ෂණ සහ අක්ෂි පරීක්ෂණ ඇතුළු සෞඛ්‍ය පරීක්ෂණ රාශියක් නොමිලේ සිදුකර ලද අතර, නොමිලේ ඇස් කන්නාඩි ලබාදීමක්ද සිදුකෙරිණි.



පළපුරුදු වෛද්‍යවරුන් රැසක්ද මෙම වැඩසටහනට සහභාගී වූ අතර, ඔවුහු දවස පුරා එම සෞඛ්‍ය කඳවුර වෙත පැමිණි රෝගීන් පරීක්ෂා කළහ. 500 කට අධික පිරිසක් මෙම සෞඛ්‍ය කඳවුරෙන් සෞඛ්‍ය සේවාවන් ලබාගැනීම සඳහා පැමිණි අතර, ඔවුන් වෙනුවෙන් වෛද්‍ය උපදේශන වැඩසටහන් රැසක්ද පැවැත්විණි.

මෙම සෞඛ්‍ය කඳවුර සඳහා Asiri Hospital Matara, Wickramarachchi Opticians, Maliban Biscuits, Cycle Pure සහ ORB Collective යන හවුල්කරුවන් ලබාදුන් දායකත්වය, මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා මහඟු පිටිවහලක් විය. මෙය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 3 වන ඉලක්කයට සමගාමීව ජනතාවගේ නිරෝගී බව හා යහපැවැත්ම තහවුරු කිරීම සඳහා දරන ලද තවත් ඵලදායී උත්සාහයක් ලෙස හැඳින්විය හැකි වේ.

මීට පෙර වසරවලදී වෙසක් උත්සවය නිමිත්තෙන් රත්මලාන සහ ගම්පහ යන ප්‍රදේශවල මෙබඳු සෞඛ්‍ය කඳවුරු පැවැත්වීමට SLT-MOBITEL කටයුතු කළේය. එම සමාජ මෙහෙවරෙහි තවත් ඉදිරි පියවරක් වශයෙන් සමාගම විසින් මාතර ප්‍රදේශයේ මෙම සෞඛ්‍ය කඳවුර පවත්වන ලදී. සම්බුදු තෙමගුලෙහි අරුත තුළින් පන්නරය ලබමින් කරුණාව සහ දයාව පෙරදැරිව ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් පිරිනැමූ මෙම වැඩසටහන, ශ්‍රී ලංකාවේ තාක්ෂණික ප්‍රගතිය සහ සමාජ අභිවෘද්ධිය බලගන්වන විශ්වාසනීය හවුල්කරුවෙකු ලෙස SLT-MOBITEL සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කළ ප්‍රශංසනීය මෙහෙවරක් ලෙස හැඳින්විය හැකි වේ.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව