SLT-MOBITEL, Golden Tower නිවාස සංකීර්ණයට SLT-MOBITEL Fibre සම්බන්ධතා පහසුකම් සැපයීම සඳහා ගිවිසුම්ගත වෙයි

Golden Tower - Image (LBN)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, Golden Tower නිවාස සංකීර්ණයට Fibre සම්බන්ධතා පහසුකම් සැපයීම සඳහා වූ ගිවිසුමට පසුගියදා අත්සන් තැබී ය. මෙම නිවාස සංකීර්ණය අංක 11, බොස්වෙල් පෙදෙස, කොළඹ 06 දරන ස්ථානයේ පිහිටා තිබේ.

SLT සමාගමේ සාමාන්‍යාධිකාරී (Consumer Business Support) පුෂ්පකුමාර සමරසිංහ මහතා සහ Golden Tower පුද්. සමාගමේ අධ්‍යක්ෂ සචිතානන්දන් ශ්‍රීජයන් මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදි. එම දෙපාර්ශ්වය නියෝජනය කරමින් තවත් නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

මෙම එකඟතාව තුළින් Golden Tower නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ට SLT-MOBITEL Fibre තාක්ෂණය ඔස්සේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා ඇතුළුව නවීනතම තොරතුරු හා සන්නිවේදන සේවා රාශියක් අත්විඳීමට අවස්ථාව ලැබෙනු ඇත.

“Golden Tower පුද්. සමාගම සමග එක් වී Golden Tower නිවාස සංකීර්ණයට නවීන SLT-MOBITEL Fibre සම්බන්ධතා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා පහසුකම් ලබාදීමට හැකිවීම අපට මහත් සතුටක්. අප සතු දියුණු තාක්ෂණය සහ විශේෂඥ දැනුම ඔස්සේ රටේ සෑම ප්‍රදේශයකටම ඩිජිටල් පරිවර්තනය සමීපකරවීමට අප කැප වී සිටිනවා. මෙම හවුල්කාරීත්වය එම කැපවීමේ තවත් එක් ඉදිරි පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.” SLT සමාගමේ සාමාන්‍යාධිකාරී (Consumer Business Support) පුෂ්පකුමාර සමරසිංහ මහතා පැවසී ය.

“Golden Tower නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ට නවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා ලබාදීම සඳහා SLT-MOBITEL සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය එම පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට දායක වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.” Golden Tower පුද්. සමාගමේ අධ්‍යක්ෂ සචිතානන්දන් ශ්‍රීජයන් මහතා පැවසී ය.

SLT-MOBITEL සහ Golden Tower අතර ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, තම පාරිභෝගිකයන් වෙත නවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික සේවා සපයමින් රටේ ඩිජිටල් පරිවර්තනයට දායක වීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයට තවත් උදාහරණයකි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව